දැන් මාධ්‍ය නිදහස තහවුරුයි - ජනපති

Published in පුවත්
Saturday, 10 October 2015 10:28

මාධ්‍ය නිදහස හා වරප්‍රසාද තහවුරු කර ඇති මොහොතක ඉන් ප්‍රයෝජන ගෙන තමන්ව දේශපාලනික වශයෙන් අතුරුදන් කිරීමට උත්සාහ නොගන්නා මෙන් මාධ්‍යවේදීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09 වැනිදා) සඳහන් කළේය.

මාධ්‍යවේදීන්ගේ අයිතිය, වරප්‍රසාද හා වගකීම වත්මන් රජය පැහැදිලිව තහවුරු කර ඇති බව පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජය සමයේදී අරලියගහ මන්දිරයේ සිට පුවත්පත් ශීර්ෂපාඨ වෙනස්‌ කළ බව කියා සිටියේය.

එක්‌සත් ජාතීන්ගේ සැසිවාරය පිළිබඳ තොරතුරු එක්‌තරා සති අන්ත පුවත්පතක්‌ ඉතා සාවද්‍ය ලෙස පළකර තිබූ බවත් මෙතරම් ලස්‌සනට බොරු ලියන්නේ කෙසේද යන්න පිළිබඳව තමාට පුදුම හිතුණු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිය තහවුරු කරන විට අප ගැනත් හිතන්න යෑයි කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචන, විචාරය හා සංවාදය යහපත් පාලනයක්‌ ගෙන යැමට අත්‍යවශ්‍ය දෙයක්‌ බවත් කියා සිටියේය.

තමා ලියා පළ කරන, වාර්තා කරන කාරණයෙහි ප්‍රබුද්ධභාවය, වැදගත්කම, ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පිළිබඳ එය වාර්තා කරන්නන්ට වගකීමක්‌ ඇති බවත් හෙතෙම පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස්‌ ඊයේ (09 වැනිදා) පළ කළේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 60 වැනි සංවත්සර උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස එක්‌වෙමින් අදහස්‌ දක්‌වමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය අද හැට වන සංවත්සරය සමරනවා. වසර හැටක්‌ යනු දිගු කාලයක්‌. මානව ඉතිහාසය තුළ දීර්ඝ කාලින වූ මහා කතන්දරයක සටහන් රාශියක්‌ මෙම විෂය ක්‍ෂේත්‍රය තුළ තිබෙනවා.

අප රටේ සාක්‍ෂරතාවය මේ වනවිට සියයට 97 ක්‌ 98 ක්‌ දක්‌වා වර්ධනය වී තිබෙනවා. අප වේගයෙන් සංවර්ධනය කරා යන රටක්‌ ලෙස ඒ පිළිබඳ සතුටු වෙනවා. මිනිසාගේ ආරම්භයේ සිට අක්‍ෂර කලාව අක්‍ෂර විද්‍යාව, පැවැතුණා. වැල්ලේ ලිවීම, ගලේ කෙටීම ගහ කොළවල ලිවීමෙන් ආරම්භ වී යුගයෙන් යුගය පසුකර අද දියුණුතම අවධියකට පැමිණ තිබෙනවා. මේ තුළ මාධ්‍ය ලේඛන කලාව නව ඉදිරි ගමනකට පැමිණ තිබෙනවා.

ඒ නිසා අද අපි ගත කරන්නේ නව තාක්‌ෂණයත් සමග නව ලෝකයකයි. මෙහිදී පත්‍ර කලාවේදීන්, ජනමාධ්‍යවේදීන් මුලුමහත් මානව සමාජය හැසිරවීම සිදු කරනවා. එක්‌ පැත්තකින් කළමනාකරණය කරනවා. ඇත්තටම ඔවුන් පුළුල් කාර්යභාරයක්‌ සිදු කරනවා.

බොහෝ වෙලාවට ලෝකයේ රාජ්‍යයන් රාජ්‍ය නායකයන් ඇතුළු බොහෝ බලවත් උදවිය හැසිරවීමේ කාර්යභාරය වක්‍රව මාධ්‍ය හරහා කෙරෙනවා.

අපගේ මාධ්‍යවේදින්ට හා පුවත්පත් කලාවේදීන්ට තම රාජකාරිය ඔවුන්ගේ ආයතනය තුළ නිසි පරිදි කරන්නට හැකිවෙනවාද යන ප්‍රශ්නය තිබෙනවා. බොහෝ වෙලාවට මාධ්‍ය ආයතනවල නිලධාරීන්ගේ උපදෙස්‌ මග පෙන්වීම් හා නියෝග නිසා මාධ්‍යවේදින්ගේ නිපුණතාවයන් යටපත් වන අවස්‌ථා අප දැකල තිබෙනවා. එනිසා මාධ්‍යවේදින්ට බලපෑම් කරන්නේ රජයන් දේශපාලනඥයන් පමණක්‌ නොවෙයි.

ගෙවී ගිය දශක තුනක කාලය තුළ අප රට පාලනය කළ රාජ්‍ය නායකයන්ටත් මෙම චෝදනාවෙන් ගැලවෙන්න පුළුවන්කමක්‌ නැහැ. පසුගිය දශක කිහිපය තුළ මේ රටේ නිදහස්‌ මාධ්‍යවේදින්ට තම ජීවිත පූජා කරන්න සිදුවූ අවස්‌ථා තිබුණා. තවත් සමහරුන් අතුරුදන් වුණා. තවත් සමහරුන්ගේ අතපය නැතුව ගියා. එම සිදුවීම් සිදු වුණේ පසුගිය දශකයක සීමාව තුළ පමණක්‌ නොවේ කියන එක සිහිපත් කරන්න ඕන.

2

අද සම්මාන ලබන මෙම මාධ්‍යවේදීන් රටට ජාතියට කළ කැපකිරීම සේවාව ගැන මුළු රටම දැනගත යුතුයි. ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය අභිමානයෙන් සමරණ මෙම හැට වැනි සංවත්සරය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මම මගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරනවා.

අප නව රජයක්‌ ලෙස සැමට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දුන්නා. මාධ්‍ය ක්‍ෂේත්‍රයට නිදහසේ කටයුතු කිරීමේ අයිතිය අපි තහවුරු කරදී තිබෙනවා. සුදු වෑන් අතුරුදන් කිරීමේ බලපෑම් දුරකථනයෙන් පුවත්පත්වල ශිර්ෂ පාඨ වෙනස්‌ කිරීම් අප පසුගිය කාලයේදී හොඳින්ම දැක්‌කා.

අප ඒවා අත්දැක්‌කා විතරක්‌ නොවෙයි අත්විඳපු දේවල් වෙනවා. බොහෝ වෙලාවට මධ්‍යවලට කළ බලපෑම් තුළ තම ඇමැති මණ්‌ඩලයේ සිටි ඇමැතිවරුන්ට එරෙහිව ලියන්න පැවැති දේශපාලන නායකයත්වයන් දුරකථනයෙන් ඇමැතුම් දුන්නේ කොහොමද කියන එක අප දැක්‌කා.

මීට අවුරුදු තුනකට පමණ ඉහත මගේ පුතා පාසිකුඩා වැල්ලේ කොල්ලෝ ටිකක්‌ සමග ගහගත්තා. ඒ සිද්ධිය මගේ මතකයට නැගෙනවා. එම සිද්ධියේදී මේ රටේ හිටපු දේශපාලන නායකයන්ගෙන් මාධ්‍යවලට මොන තරම් බලපෑමක්‌ද සිදු වුණේ කියන එක අප දැක්‌කා. කොල්ලෝ ටිකක්‌ ගහගත්ත. එම සිද්ධියට හිටපු දේශපාලන නායකයන් කොතරම් අශිලාචාර වුණාද කියන එක ඔබ හොඳින් දන්නවා.

අරලියගහ මන්දිරයෙන් ඇතැම් ප්‍රවෘත්ති පත්‍රවලට මේ ගැන ශිර්ෂය පවා කිව්වා. මීළග අගමැති අපේ තාත්තා කියා ඩී.අයි.ජී.ගේ පුතාට පහර දුන්නා කියා ප්‍රවෘත්ති අරලියගහ මන්දිරයෙන් හදලා ප්‍රධාන ශිර්ෂ පාඨය ලෙස පළ කරන්න කියා මධ්‍යවලට උපදෙස්‌ දුන්නා. ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ ලෙස මම, මගේ පවුල එදා කොතරම් අසීරුතාවට පත්වුණාද කියන එක එය අත්විඳපු අපි දන්නවා.

ඒ නිසා අපි කිසිදා රටක තිබිය යුතු නිදහස නැති කරන්නේ නැහැ. මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ තිබිය යුතු නිදහස අපි අනිවාර්යෙන්ම තහවුරු කරනවා. අතුරුදන්වීම්, සුදුවෑන් සහ බලපෑම් නැති ආණ්‌ඩුවක්‌ ලෙස අප කටයුතු කරනවා. මධ්‍යවේදියාට හා මාධ්‍ය ආයතනවල පුවත්පත් කලාවේදීන්ට සිය අයිතිය හා වරප්‍රසාද සහ සිය වගකීම් පැහැදිලිව තහවුරු කරන විට අප එම සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මධ්‍ය තුළ දේශපාලන වශයෙන් අපව අතුරුදහන් කරන්න උත්සාහ කරන්න එපා කියලා.

එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීම පිළිබඳ පසුගිය සතියේ ඉරිදා එක්‌තරා ඉංග්‍රීසි පුවත්පතක කරුණු සටහන් කර තිබුණා. මම එය කියවන විට බොරු මෙතරම් ලස්‌සනට ලියන්නේ ඇයිද කියලා සිතුනා. මම ඒකයි කිව්වේ ඔබේ අයිතිය තහවුරු කරන විට ඒ තුළ අප ගැනත් හිතන්නයි කියලා.

විවේචනය, විචාරය, සංවාද පාලනයක්‌ ගෙන යැමට ඉතා අත්‍යවශ්‍ය දෙයක්‌. එහි තිබෙන ප්‍රබුද්ධභාවය වැදගත්කම, ගුණාත්මක භාවය, හා ප්‍රමිතිය පිළිබඳ අප සෑම කෙනෙක්‌ම වගකීමකින් කටයුතු කළ යුතු වෙනවා.

එක්‌සත් ජාතීන්ගේ සම්මේලනයේදී අප ලබාගත් ජයග්‍රහණ මෙරට අන්තවාදී දේශපාලනඥයන් අනෙක්‌ පැත්තට හැරවීමට උත්සාහ කරනවා. නමුත් අප රටේ මාධ්‍ය ඉතාමත් බුද්ධිමත් ලෙස කටයුතු කර ජනතාවට සැබෑ තතු හෙළි කළා. ඒ ගැන මාධ්‍යයට මම ස්‌තූතිවන්ත වෙනවා. රට තුළ නොසන්සුන්තාවයක්‌ ඇති නොකරන්න කියා අප රාජ්‍ය හා පුද්ගලික අංශයේ මාධ්‍ය වෙත ඉල්ලිSමක්‌ කළා. පටු දේශපාලන වුවමනාවන් ඉටු කර ගන්න තැත් කරන අයගේ හඬට ඉඩ නොදෙන ලෙස කරුණික ඉල්ලීම කළා. ඒ ගැන මාධ්‍ය අපට ඇහුම්කන් දුන්නා. ඒ ගැන ඒ සැමට ජනතාව වෙනුවෙන් මම ස්‌තූතිය පුද කරනවා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා.

වත්මන් රජය යටතේ ජනමාධ්‍යවේදීන් ගැන අඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වෙලා තිබෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය වීමේ, අඩම්තෙට්‌ටම් කිරීම්, තර්ජනය කිරීම් අද අහන්න, දකින්න වෙන්නේ නැහැ. එම සංස්‌කෘතිය අප නැති කළා.

සමහර මාධ්‍යවේදීන් තම රැකියා කරන්නේ කුලියට ගෙවල් අරගෙන. බෝඩින් කාමරවල ඉඳගෙන, එහෙමත් නැත්නම් පන්සල්වල ඉඳගෙනයි. ඒ අයගේ නිවාස සිහිනය සැබැ කරන්න අප කටයුතු කරනවා. තරුණ ජනමාධ්‍යවේදීන්ට තීරු බදු සහන යටතේ යතුරුපැදි ලබාදීමටත් අප කටයුතු කරනවා.

මෙම අවස්‌ථාවට පළාත් සභා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති කරණාරත්න පරණවිතාන මහතාද, ඉන්දියානු මාධ්‍යවේදීන් පිරිසක්‌ද, ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී මුදිත කාරියකරවන මහතා ඇතුළු සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.
divaina

Last modified on Saturday, 10 October 2015 10:34

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us