'ක්‍රීඩා වෛද්‍ය' අසංග විජේරත්න හොර තක්කඩියෙක්

Published in පුවත්
Saturday, 10 October 2015 13:39

එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේඥ වෛද්‍ය නොහොත් විශේෂඥ ක්‍රීඩා වෛද්‍ය ලෙසින් කාලයක් පුරා මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩාවට ලැදි වුන්, රූපවාහිනී ප්‍රේක්ෂකයන් ගොනාට අන්දවමින් සිටින අසංග විජේරත්න නැමැති තක්කඩියාගේ ඇත්ත මේ වන විට හෙළිදරව් වී පවතී.

නාමල් රාජපක්ෂලාගේ යෝෂිත රාජපක්ෂලාගේ පිහිටෙන් මඩිය තර කර ගනිමින් සිටි මේ තක්කඩියා කිසිසේත්ම වෛද්‍යවරයෙකු නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වන විට ප්‍රකාශ කර ඇත.

“එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේඥ වෛද්‍ය” නොහොත් විශේෂඥ ක්‍රීඩා වෛද්‍ය යන ද්විත්ව නාමයන්ගෙන් මෙරට ජනයා ඇන්ද වූ මෙම තක්කඩියා වෛද්‍යවරයකු තබා භෞතචිකිත්සකයකු ලෙස හෝ මෙරට ලියාපදිංචි වීමට තරම් සුදුසුකම් ඇත්තකු නොවේ.


එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ ( Royal college of Physician) විශේඥ වෛද්‍යවරයකු වීම ලේසි පහසු පුතයෙකුට කළ හැකි නොවේ.

දැන් අප Royal college of Physician යන ගෞරවාන්විත ලොප්‍රකට ආයතනය වෛද්‍යවරුන්ට තම සාමාජිකතවයන් ප්‍රදානය කරන ආකාරය විමසා බලමු.

පළමුව වෛද්‍යවරයා මූලික වෛද්‍ය උපාධිය MBBS ලබා තිබීම අවශ්‍ය මූලික කරුණ වේ. “වෛද්‍ය අසංග” ගේ MBBS උපාධිය ලබාගත් විශ්වවිද්‍යාලය සහ එම සහතිකය දැකීමට අප කැමතිය. ඒ ඉදිරිපත් කිරීම ඔහු විසින්ම කළ යුතුව ඇත මන්ද අප දන්නා තරමින් එහෙම එකක් නැත.

දෙවනුව එම වෛද්‍යවරයා MD යන පශ්චාත් උපාධිය සමන්විත විය යුතුය.

ඉන් අනතුරුව එක්සත් රාජධානියේ පිළිගත් රෝහලක වෛද්‍ය ආයතනයක වසරකට නොඅඩු කාලයක් මහාචාර්යවරයෙකුගේ අධීක්‍ෂණය යටතේ පුහුණු විය යුතය. පුහුණුව අවසානයේ ඉතා දුෂ්කර FRCS / MRCS විභාගය කොටස් 3කින් සමත් විය යුතුය.

එසේ සමත්වන වෛද්‍යවරයා රාජකීය සංගමයේ වෛද්‍යවරයකු බවට සුදුසුයයි දැනට සාමාජිකයකුව සිටින රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍යවරයකු විසින් යෝජනා කළ යුතුය.

ඉන් අනතුරුව එම විශේෂඥ වෛද්‍යවරයාට රාජකීය වෛද්‍යසභාවේ සාමාජිකයකු (Member) MRCP හෝ සභිකයෙකු Fellow (FRCP) යන ගරු නම්බුනාමය හිමි වේ.

අසංග විජේරත්න, ක්‍රීඩා විද්‍යා විභාගයක පශ්චාත් උපාධිය ගත් පසු වෛද්‍ය උපාධියකින් සමත් වි ඇතැයි කියනු මොහු විසින් පුවත්පත් ආදියට සපයා ඇති ලිපිවල සඳහන් වේ. ඒ අනුව අප සේම මෙම තක්කඩියාගේ ක්‍රීඩා වෛද්‍ය MD විභාගය ගත් විශ්වවිද්‍යාලය සහ පශ්චාත් උපාධිය ගත් පසු පුහුණු වූ රෝහල සහ ඊට අදාල සහතික දැක බැලීමට මෙරට ජනයා කැමති වනු ඇත.

තවද ලබාගත ඇතැයි කියනු FRCP සහතික යේ පිටපතක් ද අප වෙත ලබාදෙන්නේ නම් බ්‍රිතාන්‍ය මහකෝමසාරිස් කාර්යාලය ලවා අපට එය පරික්‍ෂා කළ බැලිය හැකිය.

ඔහුගේ මෙම “රාජකීය වෛද්‍ය සභාවේ සාමාජික” වචනය ඉතා පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ පරිජෂා කළ හැක.

පහත Link එක click කල විට RCP හි web එකට log විය හැක.

https://www.rcplondon.ac.uk/

ඔබට පවුම් 10 ක් ගෙවා අදාල විස්තර ලබාගත හැක. නැතතහොත් දැනට රාජකීය වෛද්‍ය සභාවේ සාමාජිකත්වය (FRCP/ MRCP) ඇති වෛද්‍ය වරයකුට මුදලක් නොගෙවාම Online මෙය ලබා ගත හැක. කණගාටුවට කරුණ නම් මෙරට විශේෂඥ වෛද්‍යවරු තමන්ට මෙම අවස්ථාව තිබියදී පවා මෙය සෙවීමට අපදැරූ වෙහෙස පමණට වත් උත්සාහ නොගැනීමයි. මේ තක්කඩියකු බව අප පෙන්වා දෙන තුරු ඔවුන් දැන සිටියේ නැත. පසුගිය කාලයේනම් මේ නාමල් බේබීලාගේ මිතුරෙකු නිසා මේවා හොයන්න ගොස් ජීවිතේ නැති වෙතැයි ඇති බිය නිසා ඒ සිදු නොකළා වෙන්නද පුලුවන. ඒත් දැන් එහෙම නැත.

රජයේ වෛද්‍යනිලධාරි සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මීට මැදිහත් විය යුතුය.හාස්‍යයට කරුණ නම් මෙම හොර වෛද්‍යවරයා Face book හි ලංකාවේ හොර වෛද්‍යවරුන් ගැන දේශනයක් ද පවත්වන ආකාරයයි. පසුගිය මැතිවරණ සමයේ රාජපක්‍ෂ වෙනුවෙන් අසත්‍ය තොරතුරු පැතිර වීම පිළිබඳ පොලිස් පරීක්‍ෂණයක් දැන් පැවැත්වීම සතුටට කරුණකි.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට ලැබී ඇති පැමිණිල්ලක, ඔහු හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරයා ලංකාවේ ත්‍රස්ත සංවිධානවලට මූල්‍යාධාර දෙන බවට කළ චෝදනාද සඳහන්ව ඇති අතර ඒ සිදු කරනු ලැබුවේ යහපාලන රජයට එරෙහිව රාජපක්ෂලා කරගෙන යන ව්‍යාපෘතියක් අනුවය.

https://www.facebook.com/1658828831058313/videos/1670631533211376/

නොම්මර එකේ තක්කඩියකුගේ ලක්‍ෂණ කිහිපයක් මොහුගේ පුවත්පත්. ලිපි බැලූ විට අපට පෙනේ. ඔහුගේ තනතුර විටින් විට වෙනස් වේ. විටක එක්සත් රාජධානියේ රාජකීය විශේෂඥ ක්‍රීඩා වෛද්‍ය වන ඔහු විටෙක එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ නිකම්ම විශේෂඥ වෛද්‍ය වරයෙකු වේ.

මොහු ඉදිරිපත් කරන තොරතුරු පවා පට්ටපල් බොරුය. උදාහරණ ලෙස මොහු ලංකාවේ වසරකට ළමුන් 250 ක් ක්‍රීඩා තරඟ වලදී මියයන බව සඳහන් කොට පාඨකයා නොමග යවා ඇත. රාජපක්ෂගේ නිල වෛද්‍යවරයා වූ කූප්‍රකට එලියන්ත වයිට්ට නොදෙවනි ඔහුගේ web අඩවියේ ඔහු ක්‍රීඩා ඉසව් 14 ක පුහුණුකරු විභාගයන් සමත්ව ඇත.

මෙරට කිසියම් හෝ වෛදය වරයකු FRCP / MRCP සුදුසුකම් ඇත්නම් ලංකාවේ වෛද්‍යසභාවේ ලියාපංචිවීම ඉතා සරලය, පහසුය සහ ඉතා වාසිදායකය. නමුත් ඔහු වෛද්‍ය සභාවේ සාමාජිකත්වය ඉල්ලා නැත. ඉල්ලන්න බැරිය. මන්ද වෛද්‍යවරයකු ලෙස කිසිදු සහතිකයක් ඔහු සතුව නොමැති බැවිනි. නාමල් බේබිගේ හොර පෙරකදෝරු සහතිකය වන් එකක්වත් මොහුට නැත.

http://www.glpbirdpark.com/index_files/Page464.htm

https://www.facebook.com/pages/Dr-Asanga/372823176121196

asanga-2

asanga-3asanga-4 

 

 

Last modified on Saturday, 10 October 2015 13:49

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us