රාජපක්ෂලාගේ ඩුබායි ගිණුමේ සල්ලි ලංකාවට අහිමි වෙයි

Published in පුවත්
Sunday, 18 October 2015 22:01

මෙරට අති සුවිශේෂී පුද්ගලයෙකුගේ දේශපාලනයේ නියුතු පුත්‍රයෙක් සතුබව කියැවුනු ඩුබායිහි ජාතික බැංකුවේ (නැෂනල් බෑන්ක් ඔෆ් ඩුබායි) ගිණුමක් ගැන තොරතුරු මෙරට දේශපාලඥයින්ට ලැබුණේ පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වුනු අගොස්තු 17 වැනිදාට දින 10 කට පමණ පෙරාතුවය.

මෙම ගිණුමේ ඩොලර් බිලියනයක් පමණ තැන්පත් කර තිබෙන බව පැවසුනු අතර එය එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගෙන සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ව ප්‍රීතියට පත් කිරීමට සමත්වූ පුවතක් වුනි.එනිසාවෙන්ම මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු ආරම්භවූයේ එම සමයේ සිටමය.


මෙම කටයුතු භාරකෙරුණේ මානව හිමිකම් ක්‍රියාධරයෙක් සහ ට්‍රාන්ස්පිරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ශ්‍රීලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතාටය.වත්මන් රජයේ වංචා හා දූෂණ මර්දන පරීක්ෂණ කටයුතු වල වැඩිබර කරට ගෙන කටයුතු කරන්නේ ඔහුය.එමෙන්ම පසුගියදා පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රජය නියෝජනය කරමින් එහි කරුණු දැක්වූයේද ඔහුය.වැලිඅමුණ මෙම ගිණුම සම්බන්ධ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කළේ ආතර් කොනන් ඩොයිල් කතුවරයාගේ නවකතාවල එන ෂර්ලොක් හෝම්ස් විලාසයෙන් අතිශය රහසිතගතවය.ඔහු හෙළිකරගන්නා තොරතුරු මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා තුරුම්පුවක් ලෙස භාවිතා කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂාව වුනි.

නමුත් වැලිඅමුණගේ පරීක්ෂණ සාර්ථක ප්‍රතිඵල ලබාදුන්නේ නැත.ශ්‍රීලංකන් එයාර්ලයින්ස් දූෂණ සෙවීමට වරක් ඔහුට පැවරුණු අතර එම අවස්ථාවේදීද සාර්ථක ප්‍රතිඵල ලබාදීමට ඔහු අපොහොසත් විය.මේ සඳහා ඔහුට ගෙවීම් ලෙස රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දී ඇති බව සඳහන්ය.වැලිඅමුණ ශ්‍රීලන්කන් සම්බන්ධයෙන් පිළියෙල කර තිබූ වාර්තාව කොළඹ පිළිගත් නීතිඥවරු අතරද කතාබහට ලක්වුනු අතර ඔවුන්ගේ මතය වූයේ එය නෛතික ලෙස පිළියෙල කළ වාර්තාවකට වඩා පදනම් විරහිත කරුණු වලින් අලංකාර කර තිබූ වාර්තාවක් බවය.වාර්තාවෙන් චෝදනා එල්ල කර තිබූවන් කිසිවෙකුවත් අධිකරණය හමුවට කැඳවුනේද නැත.ඒ මෙම වාර්තාව නීතිපතිවරයා අතටත්,පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවටත්,මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයටත් භාරදී තිබූ වාතාවරණයකය.

ඩුබායි ගිණුම ගැන තොරතුරු සොයාබැලීමේ නිල අවසරය ජනපති මෛත්‍රීපාල සිරිසේන වැලිඅමුණට ලබාදුන්නේය.ඊට අමතරව ඩුබායිහි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම්ගෙන් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අවසරය ලබාදෙන ලෙසද ජනපතිවරයා ඉල්ලා සිටියේය.මෙලෙස ලැබූ අවසරයෙන් වැලිඅමුණ ඩුබායි හා කොළඹ අතර අවස්ථා කිහිපයකදීම ගමනේ යෙදුනේය.ඔහුගේ පළමු රාජකාරිය වූයේ ඩුබායිහි අධිකරණයේදී ශ්‍රීලංකාව නියෝජනය කිරීමට එරටින් නීතිඥයින් සමාගමක් තෝරාගැනීමය.මේ කටයුත්ත වෙනුවෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් වැයව ඇත්දැයි සඳහනක් නැත.තමන් තෝරාගත් නීතිඥ සමාගමේ විශ්වසනීයභාවය ගැන ඔහු රජයේ ප්‍රබලයින්ටද සහතික විය.

ගිණුමේ මුදල් අපරාධ හෝ අයථා ක්‍රම වලින් උපයාගෙන ඇත්නම් එම මුදල් රාජසන්තක කිරීම දක්වා ඩුබායි බලධරයින් මෙහෙයවීමට තමන්ට හැකියාව තිබෙන බව එම නීතිඥ සමාගම අවධාරණය කළ බවද වැලිඅමුණ රජයට දැන්වීය.පරීක්ෂණ කටයුතු මෙසේ ඉදිරියට ක්‍රියාවට නැංවෙන අතරවාරයේ වංචා හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂිකා ඩිල්රුක්ෂි ඩයස් මහත්මියද,වැලිඅමුණ හා එක්වූවාය.ඇයගේ නිලය නිසා වෙනත් රාජකාරියක නියැළෙන අවස්ථාවකදී ඇයට ගෙවීමක් බලාපොරොත්තු විය නොහැකිය.මේ වන විට මෙම ගිණුම සම්බන්ධයෙන් විවිධ තොරතුරු නොයෙක් මාධ්‍යයන් පළ කරමින් තිබිණ.මේ කියන අති සුවිශේෂී පුද්ගලයාගේ තවත් පුත්‍රෙයක් සතු ගිණුම්ද මෙම බැංකුවේම තිබෙන බවත් පැවසිණ.

දේශපාලඥයින්ට තම ප්‍රතිවාදීන්ගේ තොරතුරු ලබාගැනීමේ මාර්ගයන් රැසක් තිබෙන බව අමුතුවෙන් කිවනොයුතු කරුණකි.මෙලෙසම ඩුබායිහි බැංකුවක තිබෙන ගිණුමක් ගැන විමර්ෂනයක් වත්මන් රජයේ මැදිහත්වීමෙන් සිදුවෙමින් පවතින බවට තොරතුරු එවක හිටපු රජයේ තවත් අති සුවිශේෂී පුද්ගලයෙකුගේ කණට යෑමට වැඩිකළක් ගතවූයේ නැත.වරක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගීව සිටි උත්සව අවස්ථාවකට මෙම පුද්ගලයාද පැමිණ සිටි අතර ඔහු එහිදී මේ පිළිඹද අගමැතිවරයාගෙන් විමසීය.එය හිටපු රජයේ ප්‍රබලයින් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් බව කී අගමැතිවරයා ඊට අමතර දෙයක් නොකීය.හිටපු රජයේ ප්‍රබලයෙක් වන මෙම පුද්ගලයා මෙසේ විමර්ෂණයක් පැවැත්වෙන බව දැනගැනීම යනු ගිණුමේ හිමිකාර පාර්ශවයද එය ගැන හොඳින් දන්නා බවයි.එනිසා වැලිඅමුණ සිතා සිටි පරිදි ඔහු සිදුකරමින් සිටි කටයුතු වල රහසිගතභාවයක් තිබූයේ නැත.අදාළ පාර්ශව දෙකම,එනම් රජය හා ගිණුම් හිමියා විමර්ෂණය ගැන හොඳින් දැන සිටියේය.මේ ගැන කිසිත් නොදැන සිටි කොට්ඨාශය වූයේ ජනතාවය.පසුගිය රජයේ වංචා හා දූෂණ ඇතැයි කියමින් බලයට පත්වූ වත්මන් රජයට වසරක් ගතවී ඇතත් එම චෝදනා ඔප්පු කරගැනීමට නොහැකිව ඇතැයි ඔවුහු චෝදනා කරමින් සිටියහ.

ඩුබායි ගිණුමේ තිබෙන මුදල් වලින් කොටසක් යුක්රේනයේ බැංකුවක ගිණුමකට යවා ඇති බවට නිල තොරතුරු ගෙවුණු සතිකිහිපයේදී රජයට ලැබිණ.නිල නොවන ආරංචි වලින් සීෂෙල්ස් හා බහාමාස් වල බැංකු වලටද මෙම ගිණුමෙන් මුදල් යවා ඇති බවද කියැවිණ.මෙනිසා රජය තීරණය කළේ බැංකු ගිණුමෙන් ඉදිරියට මුදල් ගනුදෙනු සිදුවීම අත්හිටුවීමටත්,එසේ ඉතිරිව ඇති මුදල් ශ්‍රීලංකා රජය වෙත ලබාගැනීමටත් අවශ්‍ය නෛතික පියවර ගැනීමට ගිණුමේ විමර්ෂණ කටයුතු වෙනුවෙන් තෝරාගෙන සිටි ඩුබායි නීතිඥ සමාගමේ නීතිඥවරුන් මෙහෙයවීමටය.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් අනාවරණය කර තිබූ ආකාරයට එම නීතිඥවරු ඒ සඳහා අවශ්‍ය පියවර ගත්හ.බ්‍රහස්පතින්දා පැවැති නඩු වාරයෙන් පසු ඩුබායි නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිඹද විමසීමට නඩුව නැවත ඉරිදා දිනයේ කැඳවීමට තීරණය විය.

ඩුබායිහි ඉරිදා දිනය සැළකෙන්නේ සතියේ පළමු දිනය ලෙසය.එහි වෙසෙන්නෝ නිවාඩු දින ලෙස සළකන්නේ සිකුරාදා සහ සෙනසුරාදා දෙදිනය.මෙනිසා බොහෝ වැදගත් කටයුතු ක්‍රියාවට නැංවෙන්නේ ඉරිදා දිනයේ සිටය.සාමාන්‍ය අවස්ථාවකදී නඩු වාරයන් ගැන තොරතුරු මහජනතාවට දැනගැනීමට හැකියාව තිබුණද මෙම නඩුව ඇසීම සිදුවූයේ රහසිගතවය.

ඉරිදා පැවැත්වුණු නඩු විභාගයට ශ්‍රීලංකාව නියෝජනය කරමින් වැලිඅමුණද,අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂිකා ඩිල්රුක්ෂි ඩයස් මෙනෙවියද, ඩුබායි නීතිඥ සමාගමෙන් සපයා තිබූ නීතිඥවරු පිරිසද සහභාගීවූහ.නඩු විභාගයට සහභාගීව සිටි එරට නීතිපතිවරයා පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව ගෙනහැර දැක්වීම ශ්‍රීලංකා නියෝජිතයින් දෙදෙන තරමක් මවිතයට පත්කිරීමට සමත්වූවක් වුනි.වැලිඅමුණට ඔහුගේ විමර්ෂණ වල ප්‍රගතිය සම්බන්ධයෙන් රජයේ ප්‍රබලයින්ව දිනපතා දැනුම්වත් කිරීමට උපදෙස් දී තිබිණ.සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිව තිබෙන පරිදි ඔහු එසේ යෙදුණු එක් දුරකථන ඇමතුමකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුවත්පත් වාර්තාව නිසා ඩුබායි අධිකරණය නඩුව,අපරාධ නඩුවක් ලෙස නොව සිවිල් නඩුවක් ලෙස විභාගයට ගනු ඇතියි සිතිය හැකිබව කියා ඇත.ඔහු මෙවන් නිගමනයකට එළැඹියේ කෙසේදැයි පැහැදිලි නැත.

‘එයා එහෙම කියනවානම් මාධ්‍ය ස්ත්‍රී දූෂණයක් වාර්තා කළහමත් ඒකට පැවැත්වෙන නඩුව අපරාධ නඩුවක් හැටියට නැතිව සිවිල් නඩුවක් හැටියට විභාගයට ගන්න අධිකරණය කටයුතු කරන්න ඕනානේ? ඒත් එහෙම දෙයක් වෙන්නේ නැහැනේ.‘

වැලිඅමුණගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ප්‍රබලයෙක්ගේ සහයකයෙක් සන්ඩේ ටයිම්ස් හා කීය.

නමුත් වැලිඅමුණගේ අසාර්ථකවීම පසුපස තිබූ සැබෑ හේතුව අනාවරණයවීමට වැඩි කාලයක් ගතවූයේ නැත.ඩුබායිහි විනිසුරුවරයා බැංකු ගිණුම අත්හිටුවන ලෙස හා මුදල් ශ්‍රීලංකාව වෙත ලබාදෙන ලෙස ශ්‍රීලංකා රජය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.විනිසුරුවරයාගේ තීන්දුවට ප්‍රධාන කොටම හේතුවී ඇති බව පැවසෙන්නේ එරට නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් කර තිබෙන කරුණු දැක්වීමයි.ගිණුම් හිමි තරුණ දේශපාලඥයා එම ගිණුමේ තැන්පත් කර ඇත්තේ අයථා ක්‍රම හා අපරාධ වලින් උපයාගෙන ඇති මුදල් නම් ඔහු සම්බන්ධයෙන් ශ්‍රීලංකා බලධරයින් මෙතෙක් පරීක්ෂණයක් ආරම්භ කර නොමැත්තේ ඇයිදැයි ඔහු විමසා තිබේ.එනිසා ශ්‍රීලංකා රජය කරන මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ යුතුයැයි ඔහුගේ අදහසවී ඇත.නඩුවේදී මෙවැනි බාධයක් මතුවන්නට ඇති හැකියාව වැලිඅමුණගේ අවධානයට ලක්නොවූවා වන්නට ඉඩ ඇත.මෙම තරුණ දේශපාලඥයා සම්බන්ධ දූෂණ හා වංචා පරීක්ෂණ කටයුතු සිදුකරන්නට ශ්‍රීලංකා බලධරයින්ගේ අවධානය යොමුව තිබෙන්නේ දැන්ය.වංචා හෝ දූෂණ විමර්ෂණ කොමිසම ඉදිරි දිනකදී මෙම දේශපාලඥයා කැඳවා ප්‍රශ්න කරනු ඇතැයි තොරතුරු ඇත.නඩුව විභාගයට පෙර මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ බැංකු විශේෂඥයින්ගෙන් සහ වෙනත් වෘත්තිකයින්ගෙන් විමසීමට රජය කටයුතු කළේදැයි යන්නද ගැටලුවකි.

වැලිඅමුණ හා ඔහුගේ සහායිකාව අඟහරුවාදා දිවයිනට පැමිණියහ.සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට ලැබුණු ආකාරයට රජයේ බොහෝ අමාත්‍යවරු පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් හෙළිකෙරුනු තොරතුරු ගැන රජය පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව ඇතැයි යන මතයක සිට ඇත.වංචා හා දූෂණ මර්දනය කරන බව කියමින් තමන් පත්වූවත් මේ දක්වාම සැළකිය යුතු කිසිවත් කරගත නොහැකිවී තිබීම නිසා තමන්ද,රජයද ක්‍රමයෙන් ජනතාව අතරින් ප්‍රතික්ෂේපව යමින් තිබෙන බවත් ඔවුන් කියා ඇත.එනිසා හොඳම දෙය වන්නේ මේ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයෙන් හෙළිවුනු කුඩා තොරතුරක් හෝ ජනතාව හමුවේ අනාවරණය කිරීම බව ඔවුන්ගේ අදහසවී තිබේ.අපට දැනගැනීමට හැකිවුනු අයුරින් ජනපති සිරිසේන පෞද්ගලිකවම වැලිඅමුණ අමතා විමර්ෂණය ගැන තොරතුරු මාධ්‍ය හමුවක් පවත්වා ලබාදිය හැකිදැයිද විමසා ඇත.
නමුත් එයට වැලිඅමුණ ලබාදී ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

‘එහෙම කළොත් මේ කරලා තියෙන දේවල් වලිනුත් වැඩක් නැතිවේවි.‘ ඔහු කියා තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමට වැලිඅමුණ සම්බන්ධ කරගැනීමට නොයෙක් අවස්ථාවන්හිදී උත්සාහ කළද ඒ කිසිවක් සාර්ථකවූයේ නැත.ඔහුට යැවූ කෙටිපණිවුඩ වලටද පිළිතුරු නොලැබුණි.ඔහු මෙවන් පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයිදැයි ගැටලුවකි.

කෙසේවුවත් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බැංකු ගිණුම සම්බන්ධ තොරතුරු කිහිපයක් මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.මුලින්ම මෙම ගිණුම ගැන තොරතුරු අනාවරණය කළේ තමන් බවත් ඔහු කීවේය.

බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රීලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උපදේශක කටයුතු පිළිඹද ඒකාබද්ධ කමිටුවක් ඇතිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළේය.මෙහිදි පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව උපුටා දක්වමින් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහි සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ කිසිවෙකුත් නොදන්නා බවත් මේ පිළිබද සියලුදෙනාව දැනුම්වත් කළ යුතු බවත් කියා සිටියේය.අමාත්‍ය මණ්ඩලයේ කිසිවෙකුත් ඩුබායි බැංකු ගිණුම සම්බන්ධයෙන් සිදුවෙමින් පැවතුනු විමර්ෂණයන් ගැන නොදැන සිටි බව හෙළිවූයේ මෙම අවස්ථාවේදීය.එයට පිළිතුරු දුන් විදේශ අමාත්‍යවරයා මෙම ලිපිය පළවීම ශ්‍රීලංකාවට හිතකර තත්ත්වයක් ඇතිනොකළ බව කියා සිටියේය.

‘මේ විමර්ෂණය සිදුවූයේ රහසිගතව.මේක කොහොමද මාධ්‍ය වලට ගියේ කියලා අපි හොයලා බැලුවා.එයින් පෙනී ගියේ මේ තොරතුරු ලැබිලා තියෙන්නේ අපෙන් නෙවෙයි,ඇමරිකාවෙන් කියලා.‘ ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ජනතාව අමතා ප්‍රකාශයක් කළ යුතුයැයි රණවක අමාත්‍යවරයාගේ අදහස වුනි.අගමැති වික්‍රමසිංහ මහතාද ඊට අනුමැතිය පළකළේය.නමුත් විදේශ අමාත්‍ය සමරවීර එසේ ප්‍රකාශයක් සිදුකිරීම ප්‍රතික්ෂේප කළේය.

පේරු හි ලීමා නුවර ලෝක බැංකු හමුවකට සහභාගීවීමට දිවයිනෙන් බැහැරව ගොස් සිටි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දිවයිනට පැමිණියේ කැබිනට් හමුව පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදීමය.ඒ පැමිණි වහා ඔහු ගියේ කැබිනට් හමුවට සහභාගී වීමට ජනපති ලේකම් කාර්යාලයටය.මෙම තරුණ දේශපාලඥයාට අමතරව තවත් පුද්ගලයින් හත් දෙනෙක් සතුව ඩුබායි බැංකු ගිණුම් සතුබව ඔහු කීවේය.ඔවුන්ගේ නම් ඔහු හෙළිකළේ නැත.එයින් එක් පුද්ගලයෙක් බව පැවසුනේ මෙම තරුණ දේශපාලඥයාගේ සොහොයුරෙකි.තවත් පුද්ගලයෙක් වූයේ රජයේ අනුදැනුම ඇතිව රජය වෙනුවෙන් වෙළද ගනුදෙනු වල යෙදුණු ආයතතන ප්‍රධානියෙකි.ඔහුගේ නම ගෘහස්ත ගෑස් සම්බන්ධ ආන්දෝලනාත්මක ටෙන්ඩර කිහිපයකටද ඈඳී තිබෙන්නකි.ඔහුගේ ගිණුමේ ඩොලර් ලක්ෂ 87 (රුපියල් 12,2248,050) ක් ඇතිබව පැවසුණි.හිටපු ජනපතිවරයාගේ කාර්යාලයේ සිටි ප්‍රබල නිලධරයෙකුද මෙම පුද්ගලයින් අතර සිටී.ඔහුගේ ගිණුමේ ඩොලර් ලක්ෂ 1680 (රුපියල් 236,0652,000) ක් ඇති බව සඳහන් විය.තවත් පුද්ගලයෙක් හිටපු ජනපතිවරයාගේ ළගම හිතවතෙක් බව පැවසිණ.ඔහුගේ ගිණුමේ තැන්පත් කර ඇති මුදල ඩොලර් ලක්ෂ 5180 (රුපියල් 727,8677,000) ක් බව කියැවුණි.ගිණුම් වල තැන්පත් කිරීමට මුදල් රටින් රට රැගෙන ගොස් තිබෙන්නේද මේ පුද්ගලයා බව සඳහන්ය.ඒ එවක ඔහු සතුව තිබූ රාජ්‍ය තාන්ත්‍රික බලතල යොදාගනිමිනි.

බැංකු කටයුතු සම්බන්ධයෙන් හා ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ඩුබායි ප්‍රකටය.මෙනිසාම එරට ආයෝජකයින්ගේ තෝතැන්නකි.දකුණු ආසියා කලාපයේද,නිරිත දිග ආසියා කලාපයේද දේශපාලඥයින්,රජයේ නිලධරයින්,සහ ව්‍යාපාරිකයින් ඩුබායිහි නොයෙක් ආයෝජනයන් සිදුකර ඇත.විදෙස් බැංකු ගිණුම් පවත්වාගැනීමට ඩුබායි බැංකු සිදුකරයි.මෙසේ පවත්වාගැනෙන ගිණුම් වල රහසිගතභාවය සුරැකීමටද ඔවුහු කැපවී සිටිති.එසේ වුවත් සිදුවන බැංකු කටයුතු පූර්ණ ලෙස අධීක්ෂණය කෙරෙන රාජ්‍ය ආයතන හා වැඩසටහන් පද්දතියක්ද ඩුබායිහි ක්‍රියාත්මකය.
මෙවන් වාතාවරණයක කිසියම් බැංකු ගිණුමක් අත්හිටුවන්නැයි ඩුබායි බලධරයින්ගෙන් එක්වනම ඉල්ලා සිටීමට රජය කටයුතු කිරීම අනුමත කළ නොහැක.සැකකටයුතු මුදල්


ගනුදෙනු සිදුවන්නේ නම් ඒ ගැන විමසිලිමත්වීමත් අවශ්‍ය පියවර ගැනීමත් රජයක් සතු වගකීම් බව සැබෑය.නමුත් මෙතැනදී සිදුවිය යුතුව තිබුණේ ඩුබායිහි මුදල් ගනුදෙනු සහ බැංකු කටයුතු සිදුවන ආකාරය හොඳින් අධ්‍යනය කර පියවරක් ගැනීමය.මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ රාජ්‍ය ආයතනයන් හා ඇමතිවරුන් සම්බන්ධ කරගත්තද ඉන් ඵලක් නොවීය.ඩුබායි ගිණුමේ විමර්ෂණයේ තොරතුරු වැලිඅමුණට හා ඔහු සේවයට යොදවාගත් ඩුබායි නීතිඥ සමාගමට පමණක් සීමාවී තිබීම මීට හේතුව වුනි.

බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළ රහසිගත විමර්ෂණයේ ඇතැම් තොරතුරු සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න හෙළිකළේය.දැනට කිසිවෙකුගේවත් නම් සඳහන් කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු කීවේය.පහත දැක්වෙන්නේ අමාත්‍යවරයාගෙන් මාධ්‍යකරුවන් ඇසූ ප්‍රශ්න කිහිපයක් සහ ඔහු ඒවාට ලබාදුන් පිළිතුරුය.

ප්‍රශ්නය - ශ්‍රීලංකාවේ ඇතැම් දේශපාලඥයින් සතු බව කියන ඩුබායි බැංකු ගිණුම් ගැන වාර්තා තිබෙනවා.මේ ගැන කියන්න පුලුවන්ද?
පිළිතුර - මතක ඇති මේ බැංකු ගිණුම් ගැන මුලින්ම තොරතුරු හෙළිකළේ මම බව.ඒ හෙළිකරපු දේවල් තමයි අද මතුවෙමින් තිබෙන්නේ.නමුත් දැන් මේක ඒවා ගැන කතාකරන්න කාලය නොවෙයි.දැනටමත් වුවමනාවටත් වඩා මාධ්‍ය වාර්තා මේ ගැන පළවෙලා තියෙනවා.මට කියන්න තියෙන්නේ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා කියලා විතරයි.පුද්ගලයින් 8 දෙනෙක්ගේ බැංකු ගිණුම් ගැන අපි ගාව තොරතුරු තියෙනවා.අපි දන්නවා ගිය ඉරිදා පැවති නඩු විභාගයේදී මොනවාද වුනේ කියලා.එතනදී ලංකාවේ පලවෙන පුවත්පතක දේශපාලන තීරුවක් ඔවුන් අපේ නියෝජිතයින්ට ඉදිරිපත් කරලා තියෙනවා.ඔවුන් අහලා තියෙන්නේ මේච්චර තොරතුරු මාධ්‍ය වලට ලබාදුන්නේ ඇයි කියලා.අපිට එච්චර හොඳ නැති තත්ත්වයක් එතන ඇතිවෙලා තියෙන්නේ.

ප්‍රශ්නය - නාමල් රාජපක්ෂ කියලා තියෙනවා මේ ගිණුම ඔහුගේ නොවේය කියලා?
පිළිතුර - අපි කවුරුවත් කියලා තියෙනවාද ගිණුම ඔහුගේ කියලා? ඇයි ඔහු විතරද රාජපක්ෂ පවුලේ ඉන්නේ? ඇයි මේ කලබල වෙලා.අනිත් රාජපක්ෂවරු ඔය සද්ද නැතිව ඉන්නේ.දැනට ඔහුව නම් කරලා නැහැ.අපි ටිකක් ඉඳලා බලමු.විමර්ෂණ කටයුතු දැන් සිදුවෙනවා.ගිණුම් අයිති කාටද කියන එකයි ඒ ගිණුම් වල කොච්චර මුදල් තියෙනවාද කියන එකයි අපට ඉක්මනටම දැනගන්න පුලුවන් වේවි.

ප්‍රශ්නය - ඔබ කියනවා ගිණුම් 8 ක් තියෙනවා කියලා.ඒ ගිණුම් කාටද අයිති කියලත් ඔබ දන්නවාද?
පිළිතුර - අපි ඒ අය ගැන කතා නොකර ඉදිමු.විමර්ෂණ කටයුතු දවස් කීපයකින් ඉවර වේවි.එතකොට කියන්නම්.

ප්‍රශ්නය - මේ ගිණුම් වල කොච්චර සල්ලි තියෙනවාද?
පිළිතුර - එක ගිණුමක ඩොලර් බිලියන 1.086 (රුපියල් කෝටි 14000 කට ආසන්න මුදලක්) ක්,තවත් ගිණුමක ඩොලර් බිලියන 1.8 (රුපියල් කෝටි 25000 කට ආසන්න මුදලක්) ක් තවත් එකක ඩොලර් මිලියන 500 ක්. ( රුපියල් 702,575,000)

ප්‍රශ්නය - මේ ගිණුම් අත්හිටුවලාද තියෙන්නේ?
පිළිතුර - අපි ඉල්ලීමක් සිදුකර තිබෙනවා.මුදල් රාජසන්තක කරන්නඅවශ්‍ය නීති පියවර ගන්නත් බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - ඔවුන් කීවොත් සල්ලි ඔවුන්ගේ නොවේ කියලා,එතකොට ඒවා අයිති වෙන්නේ රජයටද?
පිළිතුර - මගේ ගිණුමට කවුරුහරි මුදල් දානවනම් ඉතින් කොච්චර හොඳයිද.ඇත්තටම කවුරුහරි ඉදිරිපත්වෙයිද දන්නේ නැහැ මේ දවස් වල නාමල් රාජපක්ෂට එච්චර හොඳ නැති හින්දා මම එයාට ආධාරයක් කියලා ඩොලර් බිලියනයක් එයාගේ බැංකු ගිණුමට දැම්මා කියලා.

ප්‍රශ්නය - ඔය පුද්ගලයින් මේ ඔවුන්ගේ ගිණුම් නොවේ කියලා කියනවානම් ඒ කියන්නේ ඔවුන්ට මේ මුදල් වුවමනා නැහැ කියන එකද?
පිළිතුර - කොහොම වුනත් එයාලට මුදල් ලැබෙන්නේ නැහැ.ඒ මුදල් අයිති රටට.

ප්‍රශ්නය - ඒ වගේ මුදල් අපේ රටට ගෙන්වාගත හැකි නීතියක් ඒ රටේ තියෙනවාද?
පිළිතුර - මෙතන ගනුදෙනු වෙලා තියෙන්නේ ඩොලර් වලින්.ඩොලර් වලින් සිදුවෙන සියලුම ගනුදෙනු ඇමරිකාවේ අධීක්ෂණය යටතේයි සිදුවන්නේ.මේ හින්දා අපට හැකියාවක් තියෙනවා ඇමරිකාවේ සහය ඇතිව මේ මුදල් ගනුදෙනුව සිදුවෙලා තියෙන්නේ කොහොමද කියලා හොයාගන්න.නමුත් මේක කල් ගතවෙන වැඩක්.මොකද ලෝකයේ ඩොලර් ගනුදෙනු සිදුවෙන්නේ හිතාගන්නවත් බැරි ගණන් වලින්.ඇමරිකාව අපට දැනුම්දීලා තිබෙනා මේ සම්බන්ධයෙන් විමර්ෂණ සිදුවන බව.ඉදිරියට වැඩි විස්තර හෙළිවේවි.

ප්‍රශ්නය - මේ කියන ගිණුම් වල හිමිකරුවෝ වෙන්නේ අර ඉස්සෙල්ලා කියපු අයද?
පිළිතුර - අපට තව ටිකක් කල් දෙන්න.

යහපාලනය පොරොන්දුවූ වත්මන් රජය මෙම විමර්ෂණය ගැන තොරතුරු ජනතාවගෙන් සැඟවිය නොයුතුව තිබුණි.එමෙන්ම විමර්ෂණ කටයුතු විනිවිදභාවයක් ඇතිව සිදුකිරීමට වෘත්තිකයින්ගේ සහය ලබාගත යුතුව තිබුණි.නමුත් ඒ කිසිවක් සිදුව නොමැත.රජය මෙවන් කටයුතු සම්බන්ධයෙන් මීට වඩා වගකීමක් ඇතිව කටයුතු කළ යුතුව ඇත.


සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක,පරිවර්තනය- කෝවිද ගුණසේකර

lankadepa

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us