ආරක්‍ෂාවට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට රජය වැඩි බර තබයි

Published in පුවත්
Saturday, 24 October 2015 09:00

ලබන වසරේ රජයේ වැඩිම වියදම ආරක්‍ෂක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයයන් සඳහා ඇස්‌තමේන්තුගත කරමින් 2016 මුදල් වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (23 දා) සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 30,665 ක්‌, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 18,597 ක්‌, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 17,407 ක්‌, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහා රුපියල් කෝටි 4,492 ක්‌, විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයුම් හා සංවර්ධන වියදම් සඳහා රුපියල් කෝටි 12,649 ක්‌ ඇස්‌තමේන්තුගත කර ඇත.

2016 වසරේ රජයේ සමස්‌ත වියදම රුපියල් කෝටි එක්‌ලක්‍ෂ අනූහාරදහස්‌ එකසියයකි. (194,100) කි.

ලබන වසර සඳහා ජනාධිපතිවරයාට රුපියල් කෝටි 239 ක්‌, අගමැතිවරයාට රුපියල් කෝටි 48 ක්‌, පාර්ලිමේන්තුවට රුපියල් කෝටි 219 ක්‌, විපක්‍ෂ නායකට රුපියල් කෝටි 8 ක්‌, මැතිවරණ දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 358 ක්‌ වෙන්කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 10,783 ක්‌, ප්‍රවාහන අමාත්‍යාංශයට රුපියල් කෝටි 5,953 ක්‌, මහ නගර සභා හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 2,227 ක්‌, කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් කෝටි 5,420 ක්‌ වෙන්කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1,219 ක්‌ වෙන්කර ඇත.

ලබන වසරේදී ණය වශයෙන් ගන්නා මුදල රුපියල් කෝටි එක්‌ලක්‍ෂ තිස්‌හතර දහස්‌ නවසීයට සීමා කරන බව ද විසර්ජන පනත් කෙටුම්පතෙහි දක්‌වා ඇත.

ලබන වසරේ ආණ්‌ඩුවේ සමස්‌ත වියදම වන රුපියල් කෝටි එක්‌ලක්‍ෂ අනූහතර දහස්‌ එකසීයක මුදල පියවා ගන්නා ආකාරය පිළිබඳව ලබන මස 20 වැනිදා මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාවන්හිදී ඉදිරිපත් කරනු ඇත.

divaina

Last modified on Saturday, 24 October 2015 09:04

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us