බිලියන 2.2 ගල් අඟුරු මගඩියට ජනපති, අගමැති,ඇමැතිවරු ඇතුලු 75 කට නොතිසි

Published in පුවත්
Tuesday, 03 November 2015 08:44

ලංකා ඩේලී වෙබ් අඩවිය විසින් පසුගියදා හෙළි කරන ලද බිලියන 2.2 ගල් අඟුරු මගඩිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) නොතීසි නිකුත් කර තිබේ.

ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නෝබල් රිසෝසර්ස් පුද්ගලික සමාගමයි.

එම සමාගම තම පෙත්සමින් පෙන්වා දී ඇත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් 90 ක් වශයෙන් ගල්අඟුරු සැපයීමේ අවම ටෙන්ඩරය ඉදිරිපත් කරනු ලැබුවේ තම සමාගම විසින් බවයි.

එසේ තිබියදී අදාළ ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් 101 ක් වශයෙන් ඉහළ ටෙන්ඩරයක් ඉදිරිපත් කළ ස්විස් සිංගප්පූර් සමාගමට බව පෙත්සම්කාර සමාගම පෙන්වා දී ඇත.

මෙම සමාගම් දෙකම ගල් අඟුරු ගෙන්වීම වෙනුවෙන් ලබා දී තිබෙන ටෙන්ඩර අනුව, නැව් ගාස්තු ආදිය අතහැර ගල් අඟුරු මිළ ට අවම ඩොලර් 69 ක වත් වන බව සඳහන් කර තිබුණද මේ දිනවල ලෝක වෙළඳ පොළේ ගල අඟූරු මෙට්‍රිල් ටොන් එකක මිළ ඩොලර් 51 කට ආසන්න වන අතර එම මිළත් මේවන විට සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව පසුගිය වසර පුරා ගලඟුරු මිළ සැසදීමේදි පෙනී යයි.

ටෙන්ඩර් මිළ ගනන් එසේ ඉදිරිපත් කර තිබුනද ටෙන්ඩර් මණ්ඩලය විසින් ස්විස් සිංගප්පූරු සමාගමට ටෙන්ඩරය ලබා දුන්නේ ඔවුන් විසින්ම එහි සංශෝධයන් සිදුකර අවම මිළක් පෙන්නුම් කරය. එනම් ලෝක වෙළඳ පොළේ ගල් අඟුරු ටොන් එකක මිළ ඩොලර් 58 ක මුදලක් ලෙස ගනනය කරමින්ය. නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේදීත් ලෝක වෙළඳ පොළේ ගල් අඟුරු මිළ ඩොලර් 51 කි.

මීට පෙර ලංකාවට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබූ නෝබල් රිසෝසර්ස් සමාගමට ටෙන්ඩරය පිරිනමන මෙන් රජයේ තාක්ෂණ ඇගයීම් කමිටුව නිර්දේශ කර තිබූණ ද එම නිර්දේශය පසෙක ලා අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ටෙන්ඩර් කමිටුව වගඋත්තරකාර සමාගමට ටෙන්ඩරය ලබා දීමට පියවර ගත් බව ද පෙත්සම්කාර සමාගම මෙම පෙත්සමෙන් පෙන්වාදෙයි.

මේ තුළින් රජයේ ටෙන්ඩර් පටිපාටිය බරපතළ ලෙස උල්ලංඝණය වී ඇති බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. 

පසුගිය කාලයේ එල්ටීටීඊ සංවිධානය හා සම්බන්ධ වූ ඩයස්පොරාවේ ප්‍රධානියකු වූ රුද්‍රකුමාරන් හා සම්බන්ධ දකුණු අප්‍රිකාවේ සමාගමකින් වැඩි මිළට ගල් අඟුරු ලබා ගත යුතු බවට රාජපක්ෂ දේශපාලන අධිකාරියෙන් මෙම සමාගමට බලපෑමක්ද එල්ල වූ අතර ඒ වෙනුවෙන් මෙම ගල් අඟුරු ටෙන්ඩරය සඳහා වැඩි මිළක් ගෙවනු ලැබීය. පසුගිය ජනාධිපතිවරනයේදී රුද්‍රකුමාරන් ගේ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් රජපක්ෂවරු ක්‍රියාත්මක කළ 'ගනු දෙනු'ව මේ ගල් අඟුරු ටෙන්ඩරය මඟින් සිදු කරනු ලැබීය. මේවර ටෙන්ඩරය පිරිනමා තිබෙන විදේශ සමාගමට සම්බන්ධ ඇමැතිවරයකු හා අමාත්‍යංශ ලේකම්වරයකු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වෙමින් තිබේ.

කෙසේ නමුත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු කේ.ශ්‍රී .පවන් මහතා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම දෙසැම්බර් මස 15 වනදා විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලදී.

එමෙන්ම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට එදින ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙනී සිටින ලෙසටද නොතීසි නිකුත් කර තිබේ.

මෙ අතර අද සිට සති 03 ක් ඇතුළත විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙස ද වගඋත්තරකාර පාර්ශ්වයට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහි ප්‍රතිවිරෝධතා ඇත්නම් සතියක් ඇතුළත ගොනු කරන ලෙස නියම කර ඇත.

කෙසේ වෙතත් මෙම පෙත්සමට අදාළව කිසිදු අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර තිබේ.

 

සැබැඳි පුවත්:

රුපියල් බිලියන 2.2ක ගල්අඟුරු වංචාවකට කැබිනට් අනුමැතිය ලැබිලා !

 

Last modified on Tuesday, 03 November 2015 16:31

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us