ගුණරත්නම්ව අත් අඩංගුවට ගැනීම අනුරගේ ඉල්ලීමක් !

Published in පුවත්
Wednesday, 04 November 2015 20:51

ආගමන නීති රීති උල්ලංගනය කරමින් මෙරට ‍රැඳී සිටින පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නයකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා අත් අඩංගුවට ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ඉහළම නායකයකුගෙන් කළ දැඩි ඉල්ලීමක් මත සිදුව ඇති බව අප වෙත වාර්තාවේ.

ඊයේ දින (03) සිදුකෙරුණු සරසවි ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක දැවැන්ත පාගමන හේතුවෙන් ආණ්ඩුවත් විශේෂයෙන්ම ජවිපෙත් බරපතල ගැටළුවකට මුහුණ දී තිබිණ. මේ අනුව ඉදිරියේදී ආණ්ඩුවට විශාලම අභියෝගය එල්ල වන්නේ ශිෂ්‍යන්ගෙන් බවත් මෙම ශිෂ්‍යයන් සංවිධානය කිරීම පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ ගුණරත්නම් විසින් සිදු කරන බවත් දිසානායක මහතා ආණ්ඩුවේ මෙම ප්‍රධානියාට පෙන්වා දී තිබේ. ඔහුව වහාම අත් අඩංගුවට ගෙන පි‍ටුවහල් නොකළ හොත් ආණ්ඩුවටත් ජවිපෙටත් විශාල දේශපාලන අර්බූදයටකට මුහුණ පැමටත් සිදුවන බවත් ඔහු අවධාරණය කර තිබේ.

ආගමන නීති රීති උල්ලංඝනය වීමක් සිදුව තිබුණද ඔහුව ලුහු බැඳ ගොස් අත් අඩංගුවට ගැනීම ආණ්ඩුව විසින් සිදු කළේ නැත. සිවිල් සමාජයෙන් එල්ල වූ බලපෑම ඊට හේතුවී තිබිණි. ගුණරත්නම් මෙරට පුරවසියකු බව සත්‍යයකි. නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසියකු ලෙස ඔහුට මෙරට දේශපාලනය කිරීම සඳහා නීතියෙන් ඉඩක් නොලැබිමේ ගැටලුව ඔහු හමුවේ තිබු අතර මෙරට ‍රැඳී සිටීම සඳහා වන වීසා කාලය අවසන් වීමද ඔහුව අත් අඩංගුවට ගැනිමට තරම් හේතුවකි. එහෙත් එය පසුගිය කාලයේදි ආණ්ඩුව විසින් නොතකා හරිනු ලැබීය. එහෙත් පසුගිය මහ මැතිවරනයේදී පෙර‍ටුගාමි පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් වූයේ ගුණරත්න මහතාගේ නමය. ඊට කිසිවකුගෙ හෝ විරෝධයක් එල්ල නොවුනු අතර මැතිවරණ කොමසාරිවරයද ඒ පිළිගෙන තිබිණි.

ගුණරත්නම් මහතා අවසන් වරට මෙරටට පැමිණියේද එවකට ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මතය. මන්ද ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස අනුර දිසානායක මහාතාව ඉදිරිපත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මහතා විසින් දිසානායක මහතාටම යෝජනා කර තිබෙන බව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානින්ට දැන ගැනීමට තිබීම නිසා ( මේ වික්‍රමසිංහ මහතා විහිලුවට කී කතාවක් බවද පැවැසෙතත් මෙය ජවිපෙ දේශපාලන මණ්ඩලයේදී බැරෑරුම් සාකච්ඡාවක් බවට පත්ව තිබිණි.) ඔහුට එරෙහිව පෙර‍ටුගාමී පක්ෂය පාවිච්චි කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා හා එම ආණ්ඩුවේ ප්‍රධානින් තීන්දු කර තිබිණි. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ගුණරත්නම් මහතා මෙරටට පැමිණියේය. නෛතික ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරණයේදී ගුණරත්නම් මහතාට, රාජපක්ෂ මහතාට වාසිවන අන්දමේ ප්‍රකාශ කිහිපයක් සිදු කිරීමට සිදුවූ නමුත් එම ගැටළු නිරාකරණය වූයේ නැත. වත්මන් ආණ්ඩුව විසින් ඔහුව අත් අඩංගුවට ගෙන පි‍ටුවහල් කිරීමට මුලදී උත්සහයක් ගත්තේද ජවිපෙන් එල්ල වූ බලපෑම මතය.

අද දින සවස වාර්තා වූ ආකාරයට ගුණරත්නම් මහතාගෙන් ඊයේ දිනයේ සිදුවූ සරසවි පා ගමන ගැනද ප්‍රශ්න කරද තිබෙන බව වාර්තාවේ.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සිය සාමාජිකයන්ව දැනුවත් කර ඇත්තේ එම පාගමන මෙහෙය වූ ශිෂ්‍ය නායකයන් ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් බවය. එහෙත් ජවිපේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිටින්නේ එහි ජාතික සංවිධාකවරයා පමණකි. වෙනත් සාමාජිකයන් කිසිවකුත් නොමැති බව සරසවි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ නමුත් මීට පෙර රාජපක්ෂ රෙජීමය පැවැති කාලයේදීත් (2012 අප්‍රේල් මාසයේදී ) ගුණරත්නම් මහතාව අත් අඩංගුවට ගැණුනේ අනුර කුමාර දිසානායක විසින් එවකට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් දිගින් දිගටම කළ ඉල්ලීමක් නිසා බවද මේවන විට අප වෙත අනාවරණය වී ඇත. ඒ ගැන වැදගත් තොරතුරු කිහිපයක් අප සතුව තිබේ. ඒ ඉදිරියේදී බලාපොරොත්තු වන්න. කෙසේ නමුත් අනුර දිසානායක මහතා වේදීකාවල රාජපක්ෂලාගේ පතුරු ගැලවෙන්න කතා කරන කාලකදී මෙය සිදුවීම ද විශේෂය.

එමෙන්ම දිසානායක මහතාට දේශපාලනයේ අයන්න ආයන්න උගැන්වූ දේශපාලන ගුරුවරයා වන්නේද ගුණරත්නම් මහතාය. ඔහුව ජවිපෙ තුලට ‍රැගෙන ආවේද ගුණරත්න මහතාය. එහෙත් දිසානායක මහතා ප්‍රසිද්ධියේම පවසන්නේ කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු හඳුන්නේවත් නැති බවය.

කවරෙකු වූවත් , දේශපාලන මති මතාන්තර කවරක් වූවත් තමන්ගේ ගුරුවරයාව අමතක වීමත්, ඔහුව ද්‍රෝහියකු කර පාවාදී මරණ මංචකයට ඇද ගෙන යාමට කටයුතු කිරීමත් අතිශය ලැජ්ජා සහගතය. නින්දා සහගතය.

Last modified on Wednesday, 04 November 2015 20:54

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us