වකුගඩු රෝගීන් ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවයි.

Published in පුවත්
Wednesday, 11 November 2015 08:41

ගොවීන් 20,000 කට වැඩි පිරිසක්‌ කෘෂි රසායන හේතුවෙන් ඇතිවන වකුගඩු රෝග නිසා මියගොස්‌ ඇතැයිද, තවත් 5,00,000 වඩා වැඩි පිරිසක්‌ රෝගීන් බවට පත්ව ඇතැයි ලෝක ආහාර දිනය නිමිත්තෙන් ප්‍රකාශනයක්‌ නිකුත් කරන ආහාර ස්‌වෛරීභාවය උදෙසා ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කර සිටී.

රටේ ජනගහනයෙන් 22% කට දෛනිකව අවශ්‍ය වන අවම කැලරි ශක්‌ති ප්‍රමාණය වන කිලෝ කැලරි 2500 නොලැබෙන බවත්, ලංකාවට වාර්ෂිකව පළිබෝධනාශක මෙටි්‍රක්‌ටොන් 6000 ක්‌ ආනයනය කරනු ලබන බවත් එම ප්‍රකාශනයේ සඳහන් ය. එම ප්‍රකාශනයේ මෙසේද සඳහන් ය.

පසුගිය වසර පහ තුළ ලංකාවේ ස්‌වභාවික වනාන්තර සහ ගොවීන් හා ධීවරයන් සතු වෙරළ ඇතුළු ඉඩම් හෙක්‌ටයාර් 36,611 ක්‌ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබේ.

රටේ ධීවර සම්පත්වලින් 60% ක්‌ සෑම වසරකම පිටරට සමාගම් විසින් ඩැහැගනී. එහෙයින් අපි නව රජයෙන් ඉල්ලා සිටින්නේ මේවාය.

රටේ සියලුම ජනතාවට වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර දැරිය හැකි මිලකට ලැබීමේ අයිතිය තහවුරු විය යුතුය.

ගොවීන්, ධීවරයන් ඇතුළු ආහාර නිෂ්පාදකයන්ට තමන්ගේ ඉඩම්, ජලය සහ බීජ ඇතුළු ස්‌වාභාවික සම්පත් සඳහා ඇති අයිතිය ආරක්‍ෂා කළ යුතුය.

ස්‌වාභාවික පරිසර පද්ධතීන්ගේ තිරසාර භාවිතය ප්‍රවර්ධනය කළ යුතුය. දේශීය ආහාර නිෂ්පාදනය වැඩිදියුණු කළ යුතුය. ගොවි, ධීවර, කාන්තාවන්ගේ අයිතීන් ආරක්‍ෂා කෙරෙන හා ඔවුන්ගේ ජීවිකාවන් වැඩිදියුණු කිරීමට සහාය විය යුතුය.

තිරසාර සුළුපන්න ධීවර කර්මාන්තය සුරක්‍ෂිත කිරිම සඳහා වන මූලික මඟ පෙන්වීම් මාලාව පිළිගෙන එය අනුමත කරමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට පියවර ගත යුතුය. දේශීය ධීවර කර්මාන්තයේ භාවිතා කරන සියලු අහිතකර හා විනාශකාරී පන්නක්‍රම තහනම තදින්ම ක්‍රියාත්මක කර සුළුපන්න ධීවරයා ආරක්‍ෂා කළ යුතුය.

යුරෝපා සංගමයේ මඟ පෙන්වීම අනුව දේශීය ධීවර කර්මාන්තයේ අධීක්‍ෂණ හා මෙහෙයුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම මගින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආයතනය තහනම් කිරීම නිසා දේශීය බහුදින ධීවර කර්මාන්තයට සිදුව ඇති හානිය වැළැක්‌විය යුතුය.

ඉන්දීය ධීවරයන් දේශීය මුහුදු තීරය ආක්‍රමණය කිරීමෙන් සිදුව ඇති අහිතකර ආර්ථික හා පාරිසරික බලපෑම අවම කිරීමට නාවුක හමුදාව මගින් දේශීය මුහුදු තීරයට ඉන්දියන් යාත්‍රා ඇතුළුවීම වැළැක්‌වීමට ක්‍රියාමාර්ග ගන්නා අතර රාජ්‍ය තාන්ත්‍රික සංවාදයන් තුළ ඇතිකර ගන්නා එකඟතා මත දිගුකාලීන විසඳුම් ලබා ගත යුතුය.

Last modified on Wednesday, 11 November 2015 08:45

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us