සර්ව පාක්ෂික සමුළුව සාර්ථකයි ලු

Published in පුවත්
Wednesday, 18 November 2015 08:26

ජිනීවා යෝජනාවලට අදාළව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික දේශපාලන නියෝජිත සමුළුව දෙවන වරට ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ දීය.

ඉදිරියේදී සර්ව පාක්ෂික දේශපාලන නියෝජිත සමුළුව නිශ්චිත න්‍යාය පත්‍රයකට සහ කාල රාමුවකට අනුව සිදුකරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පළමු හමුවේදී කළ ඉල්ලීම පරිදි ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් කළ සියලු යෝජනා ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් සියලු පක්ෂවලට ලබාදීමට සභාවේ එකඟත්වය අනුව කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සත්‍ය ගවේෂණ යාන්ත්‍රණය, යුක්ති පූර්ණ යාන්ත්‍රණය, හානි පූර්ණ යාන්ත්‍රණය සහ වගවීම පිළිබඳ යාන්ත්‍රණය මත පදනම්ව අදහස් ලබාගැනීමට විද්වත් කමිටු කිහිපයක් පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

පළමු සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණයට අනුව දේශපාලන පක්ෂ විසින් යෝජනාවලීන් 12 ක් ඉදිරිපත් කර තිබුණි.

සර්ව පාක්ෂික දේශපාලන නියෝජිත හමුව සාර්ථක කර ගැනීම සඳහා රජය පොදු එකඟතාවයන් සේම පොදු විරෝධතා ද සැලකිල්ලට ගනිමින් ඉතා සංවේදීව මෙම යෝජනා පිළිබඳ සලකා බලන බව ද ජනාධිපතිතුමා පැවසීය.

රජයට, දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනාට මෙම අවස්ථාව නව අත්දැකීමක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට මෙයට විසඳුම් සෙවිය යුතු බව ප්‍රකාශ කළේය.

දැනට සියලු පක්ෂවලට එකඟවිය හැකි අදහස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගනිමින් එකඟ විය නොහැකි අදහස් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට එකඟතාවයකට එළැඹීමේ වැදගත්කම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩියූ ගුණසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු යෝජනා ජනාධිපතිවරයා විසින් වෙන වෙනම පෞද්ගලික අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බවයි.

එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ක්‍රියාත්මක කිරීම පමණක් මේ වන විට ඉතිරිව ඇත යන අදහසට පැමිණ මේ පිළිබඳ සාකච්ඡා කිරීම නොකළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා දෙමුහුන් අධිකරණයක් පිළිබඳව කරන යෝජනා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද පෙන්වා දුන්නේය.

ජිනීවා යෝජනාවල පසුබිම දෙස බැලූ විට එකඟවිය නොහැකි අවස්ථා ගණනාවක් තිබෙන බව ද ඔහු අවධාරණය කළේය.

සර්ව පාක්ෂික සමුළු සංවිධානය කොට වසර තුනක අත්දැකීම් තමාට ඇති බව පැවසූ ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා මෙම සර්ව පාක්ෂික සමුළුව සියලු පක්ෂවලට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් විය යුතු බව ද ප්‍රකාශ කළේය. එසේම ගන්නා සියලු තීන්දු තීරණ‍ මෙම සමුළුවේ වන සාකච්ඡා ප්‍රකාරව ගත යුතු බව ද පැවසීය.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ මෙම සර්ව පාක්ෂික සමුළුව සියලු පක්ෂවලට සිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් වේදිකාවක් බවට පත්කර ඇති බවයි.

ලංකා කම්කරු කොංග්‍රස‍ය නියෝජනය කරමින් අදහස් දැක්වූ පළාත් අමාත්‍ය සෙන්තිල් තොණ්ඩමාන් මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුව සාර්ථක කර ගැනීමට වන වගවීම පිළිබඳ ද්‍රවිඩ ජනතාවගේ දැඩි විශ්වාසයක් තිබෙන බවත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කළ මැදිහත්වීමෙන් එය තහවුරු වූ බවත්ය.

ඒ අනුව සර්ව පාක්ෂික දේශපාලන සමුළුවේ කෙරෙන සාකච්ඡා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවට සුළු ජන කොටස් තුළ විශ්වාසයක් ගොඩ නැඟී තිබෙන බව ද ඔහු පැවැසීය.

පෙර තිබූ රජයේ න්‍යාය පත්‍රයට අනුව මෙම හමුවේ කෙරෙන යෝජනා සිදුනොවිය යුතු බව පෙන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අලුත් ගමනක් යන විට කලින් කළ වැරදි තේරුම් ගත යුතු බව පෙන්වා දුන්නේය.

දේශපාලන පක්ෂ ජිනීවා යෝජනාව පිළිබඳ දක්වන උනන්දුව ජනවාර්ගික ගැටලුව විසඳීම දක්වා රැගෙන යා යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පෙන්වා දුන්නේය. වෙනම රටක් බිහිකිරීමේ අවශ්‍යතාවය කිසිවකුට නොමැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මෙම රට බහුවාර්ගික, බහු ආගමික රටක් බව සියලුදෙනා පිළිගත යුතු බවත් උතුරේ අය උතුර ඔවුන්ගේ යැයි සිතීමත්, දකුණේ අය මුළු රටම ඔවුන්ගේ යැයි සිතීමේත් ගැටලුව තේරුම් ගත යුතු බව ද පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජිනීවා යෝජනාවලියට අදාළව ඇති කරුණු 20 වෙන වෙනමම අධ්‍යයනය කරමින් එම එක් එක් කරුණට අදාළව තමන්ගේ කැමැත්ත අකමැත්ත සහ අදහස් ලබාදීමට පක්ෂ කටයුතු කිරීම සුදුසු බවයි.

දේශීය යාන්ත්‍රණයක් තුළ මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු බව පිළිගන්නා බව අවධාරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විදෙස් විනිසුවරුන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් වන කථිකාව පිළිබඳ රජය ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බව අවධාරණය කළේය.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වන පරීක්ෂණවල කාල රාමුව 1985 දක්වාම ගමන් කළ යුතු බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී මහජන විමුක්ති පෙරමුණේ නායක, ඩී. සිද්ධාර්ථන් මහතා පැවසුවේ දෙමළ ජනතාවගේ හදවත් සුවපත් කිරීම රජයේ යුතුකමක් බවයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ කැපවීම පිළිබඳ ද්‍රවිඩ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

dinamina

Last modified on Wednesday, 18 November 2015 08:28

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us