මෛත්‍රීට මුලදි රහ වී පස්සෙ වහ වුණු වෙබ් Featured

Published in පුවත්
Monday, 25 January 2016 15:53

වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් තමුන්ට වෙනවැඩ ඇති බැවින් තමුන් ඒවා නොබලන බවත් පසුගිය දා බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.

වෙබ් අඩවි පුවත් කියවීම හෝ නොකියවීම ඔහුගේ පෞද්ගලික කාර්යයක් වන අතර පොදුවේ වෙබ් අඩවි කෙරෙහි ඔහු එල්ලූ 'කැලෑ පත්තර' බෝඩ් ලෑල්ල පිළිබඳව වෙබ් මාධ්‍යවේදීන් වශයෙන් අපට ද පැවසීමට යමක් තිබේ.

පළමුව ම අප ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි ලියාපදිංචි වෙබ් මාධ්‍යවේදීන් වෙමු. වෙබ් අඩවි යනු කැලෑ පත්තර නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ පවතින රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි කැලෑ පත්තර ලියාපදිංචි කිරීමේ අංශයක් පවත්වාගෙන යන්නේ ඇයිදැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු.

දෙවනුව මීට වසරකුත් මාසයකට පෙර මේ රට පැවති අයුරු පිළිබඳව සිහිපත් කිරීමට කැමැත්තෙමු. එවකට නීතිය කැලෑ වැදී තිබුණු අතර කැලෑ නීතිය රජ වී තිබිණි. මානව හිමිකම්, මාධ්‍ය නිදහස වැනි දියුණු මිනිස් සංකල්ප වෙනුවට ඇහැට ඇහැක් දතට දතක් වැනි ගෝත්‍රික සංකල්ප සමාජය වෙළාගෙන තිබිණි.

කෙටියෙන් ම පවසන්නේ නම් රටම කැලෑ වැදෙමින් තිබිණි. සමාජයක් ලෙස කැලයට ඇදෙනවා වෙනුවට කැලයෙන් එළියට උඩුගම් බලා පිහිනීමට අධිෂ්ටාන සම්පන්න වූ මිනිසුන් පිරිසක් විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂයා ලෙස තෝරා ගැනීම සහ ඔහුට සහය පළ කිරීම කරන ලදී.

එවකට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් සියල්ලම පාහේ වරදානයන් උදෙසා හෝ බිය නිසා හෝ මුළුමනින් ම පාහේ සහයෝගය පළ කරන ලද්දේ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතාටය. ඔවුන් ඔහුගේ වන්දිභට්ට ගීතිකා සහ ජාතිවාදී ඇමුණුම් සමඟ වූ බොරු පොරොන්දු වපුරමින් සිටිය දී මෛත්‍රීපාල මහතාගේ සහයෝගය වෙනුවෙන් මෙන් ම සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම වෙනුවෙන් ජීවිත අවදානම පවා නොසළකා ක්‍රියා කළේ අතළොස්සක් වූ වෙබ් අඩවි පමණකි. එදා එසේ වූ වෙබ් අඩවි අද මෛත්‍රීපාල මහතාට කැලෑ පත්තර වී තිබේ.

එදා ඔහු වෙනුවෙන් ක්‍රියාකාරී වූ වෙබ් අඩවි සහ මාධ්‍යවේදීන් ඔහුගෙන් වරදාන බලාපොරොත්තු වූයේ නැත. ඔවුන් බලාපොරොත්තු වූයේ මාධ්‍ය නිදහස පමණි. එවන් වටපිටාවක් තුළ යාන්තම් වසරක් ඉක්මයද්දී ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදුවේ වෙබ් අඩවි යනු කැලෑ පත්තර බව අසා ගන්නට සිදුවීම එතරම් ප්‍රියජනක අත්දැකීමක් නොවේ.

එසේම ජනපතිවරයා හොඳින්ම දන්නා කාරණය වන්නේ තමන් ගොඩනැගූ විකල්ප මතධාරී වෙබ් අඩවි තමන් ජනතා විරෝධී කාර්යන් සිදුකරන විට තමන්ටද නිසැක වශයෙන්ම විවේචනාත්මක ප්‍රහාර එල්ල කරන බවයි. ඒ නිසා එම ප්‍රතිරෝධයට පෙරාතුව වෙබ් අඩවි කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීම උදෙසා මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේනම් එය පාරාවලල්ලක්වීම ඔහුටද නවතාදමනු නොහැකිවන බව තරයේම කිව යුතුය. ඒ නිසාවෙන් යම් ප්‍රකාශයක් සිදුකිරීමට පෙර මුල,මැද,අග මෙන්ම ඉදිරිය ගැනද සිතා බලා කටයුතු කිරීම සිදුනොකරන්නේ නම් සිදුවනු ඇත්තේ මහින්ද රාජපක්ෂට සිදුවුණ වින්නැහියට වඩා වින්නැහියකට මුහුණ දෙන්නට බවද අකමැත්තෙන් වුවද කියන්නට සිදුව තිබේ. 

දේශපාලනඥයින් වෙතින් කලගුණ සැලකීමක් කිසිවෙකුත් බලාපොරොත්තු වන්නේ නොමැති මුත් අනිවාරතේ චෝදනා නැඟීමට පෙර තම තනතුරෙහි වගකීම හෝ ඔවුන් සිහිතබා ගතයුතු බව මතක් කරන්නට කැමැත්තෙමු.

එසේ ම කරනා සෑම දේටම හිස නවමින් වන්දිභට්ටයින් ලෙස හැසිරුණු මාධ්‍ය බල ඇණියක් රාජපක්ෂ ජනාධිපතිවරයාට ද සිටි අතර ඔහුට වැඩිම විනාශයක් ගෙන දුන් අය අතර ඔවුන්ද ඉදිරියෙන් ම සිටි බවද සිහිපත් කිරීමට කැමැත්තෙමු. සමහර වෙබ් අඩවින් හි මාධ්‍ය භාවිතාව පිළිබඳව අපට ද ගැටළු තිබේ.

එහෙත් පොදුවේ සියල්ල කැලෑ පත්තර ලෙස බෝඩ් ලෑලි එල්ලීම කෙසේත් ම සාධාරණීකරනය කළ හැකි නොවේ. අනෙත් අතින් තනතුර නිසා විවේචනයන් ඉවසිය නොහැකි තරමට උඩඟුවීම නම් විනාශයක මුල බවද මතක් කිරීමට කැමැත්තෙමු.

Last modified on Monday, 25 January 2016 15:58

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us