පොලිස් පහර දීමට 50,000ක් වන්දි

Published in පුවත්
Tuesday, 09 February 2016 12:23
2014 අප්‍රේල් 22 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැවති දුම්රිය සේවක වැඩවර්ජයනක් අතර තුර පොලීසියේ පහර දීමට ලක්ව තුවාල ලද දුමින්ද හපුආරච්චි මහතාට රුපියල් 50,000/= ක වන්දියක් ගෙවන මෙන් අද කොළඹ දිසා අධිකරණය විසින් පොලිස්පති වරයාට නියෝග කරන ලදී.
පොලිස් පහර දීමෙන් තුවාල ලද දුමින්ද හෙට්ටිආරච්චි විසින් පොලිස්පති වරයාට සහ නීතිපතිවරයාට එරෙහිව මෙම නඩුව ඉදිරිපත් කර තිබිණි. එම පහරදීමට අදාල වීඩියෝ දර්ශන කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය කැළඹවීය.  එහිදී පොලීසිය නිර්ලජ්ජිත ලෙස බොරු කියමින් දුමින්දට සාමාන්‍ය ජනතාව පහරදුන් බව කියද්දී ඔහු ඊට විරුද්ධ වන අන්දම වීඩියෝවෙන් පෙනේ.
සිවිල් පුරවැසියෙන් කෙරෙහි ක්‍රියාකිරීමේ දී වගකීමෙන් තොර වල්බූරු නිදහසක් කාලයක් පුරා භුක්ති විඳි පොලීසිය මින් ඉදිරියට හෝ ජනතාව කෙරෙහි වගකීමෙන් ක්‍රියා කිරීමට මෙම නඩු විභාගය ද හේතුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
අදාල වීඩියෝව පහතින්
Last modified on Tuesday, 09 February 2016 12:28

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us