ඒකාබද්ධ විපක්ෂය සුන්, මහින්ද සන්සුන්, වීරවංශ, ගම්මන්පිල සුනේ සුන්

Published in පුවත්
Tuesday, 14 June 2016 13:19

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින මන්ත්‍රී කණ්ඩායම රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් ආණ්ඩුව සමග සුහදව සිටින බවට ජාතික සංවිධාන එකමුතුවේ නායකයෝ චෝදනා කළහ. ඔවුන් එලෙස චෝදනා කළේ අද (14දා) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන අයද සහභාගීවී සිටියහ.

ගුණදාස අමරසේකර මහතා මෙහිදී සඳහන් කළේ, වැට් බදු වැඩිවීම, මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම, මුදල් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය ආදි කාරණාවල ඒකාබද්ධ විපක්ෂය එල්ලී සිටින බවයි.එහෙත් රට බෙදා වෙන්කිරීම සඳහා බටහිර රටවල් සහ ජාත්‍යන්තර දෙමළ සංවිධාන ගෙනයන වැඩපිළිවෙළට ආණ්ඩුව සහාය ලබාදීමට එරෙහිව ඔවුන් කටයුතු නොකරන බවද අමරසේකර මහතා කීය.

පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂ වීමට ඒකාබද්ධ විපක්ෂය ගත් තීරණයට වැරදි එකක් බවද ඔහු එහිදි පෙන්වා දුන්නේය. බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී අවධාරණය කළේ, ඒකාබද්ධ විපක්ෂයට වඩා ඉදිරියෙන් ජනතාව සිටින බවත්,ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එය අවබෝධ කරගත යුතු බවත්ය.

මෙම ජාතික සංවිධාන එකමුතුව විමල් වීරවංශගේ දේශපාලන මෙහෙයුමක කොටසක් ලෙස ක්‍රියාත්මක අන්ත ජාතිවාදී සංවිධානයක් වන අතර මෙයට උදය ගම්මන්පිල මහතාද සහය දක්වයි. කෙසේ නමුත් වීරවංශලා අපෙක්ෂා කළ ශ්‍රී ලනීපය දෙකඩ කඩා වෙනම පක්ෂයක් ගොඩ නැගීම වෙනුවෙන් වූ සැලසුම මේවන විට මුළුමනින්ම අතහැර දමා ඇත. එහිදී වීරවංශගේ නායකත්වය අභිබවා බැසිල් රාජපක්ෂ එජාප නායත්වයේ ආශිර්වාදය ඇතිව ගෙන ගිය ව්‍යාපාරය අසාර්ථක වූ අතර මේවන විට බැසිල් රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේනගේ ආධිපත්‍යට යටත්ව සිටී. එමෙන්ම වීරවංශලාගේ පරමාදර්ශී නායකයාව සිටි ගොඨාබය රාජපක්ෂ ද තමන්ගේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ලෙස පිලිගෙන ඇති අතර මීළඟ එජනිස ජනාධිපතිවරණ අපෙක්ෂකයා විය යුත්තේද සිරිසේන මහතා බවට දැඩි මතයක පසුවේ. ඒකාබද්ධ විපක්ෂය නියොජනය කරමින් සිටි ශ්‍රි ලනීපයේ බහුතරය් දෙනාද මේවන විය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිලිගෙන ඇත. විවිධ චෝද්නාවන්ට ලක්වූ කිහිප දෙනෙකු පමනක් රාජපක්ෂවාදීන් ලෙස ඉතුරුව සිටී.

මේ අතර දැඩි දේශපාලනික පරාජයකට පත්ව සිටින මහින්ද රාජපක්ෂ ද මේ වන විට සන්සුන් පිලිවෙතක් අනුගමනය කරමින් තිබේ. ඉදිරියේදී ආගමික හා සුලු සමාජ සේවා වැඩ වලට වඩා දෙයක් ඔහු විසින් සිදු නොකරනුද ඇත.

මේ තත්වයන් මතා දේශපලනිකව අනාතභාවයට පත්ව සිටින්නේ වීරවංශ ගම්මන්පිල වැනි සාටකයේ එල්ලී දිව්‍යලෝකය බලායෑමට සිටි කණ්ඩායමය.

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව සමග එක්වී ඇතැයි කෙලින් කියන්නට බැරිකම නිසා බලලුන් ලවා කොස් ඇට බැවීමේ ක්‍රියාමාර්ගය මේවන විට ඔවුන් තොරාගෙන ඇත. පසුගියදා විමල් වීරවංශ මහතාගේ පක්ෂය පාර්ලිමේන්තුව තුල ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අනුමැතියද කතා නායකවරයාගෙන් ඉල්ලා තිබිණි. එහෙත් එජනිස ලෙස පාර්ලිමේතුවට පත් වී වෙනම පක්ෂයක් ලෙස ස්වාධීන ලෙස කටයුතු කිරීම හැකියාවක් ද වීරවංශට ඇත්තේ නැත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us