කේස් ටික ෂේප් කරගන්න හමුදාපති, නීතිපති හමුවෙයි

Published in පුවත්
Saturday, 18 June 2016 16:50

ශ්‍රි ලංකා යුධ හමුදාවේ සාමාජිකයන් විශාල පිරිසකට එල්ල වෙමින් පවතින දේශපාලන ඝාතන චෝදනා සම්බන්ධයෙන් සහනශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස යුද හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා මහතා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ. හමුදාපතිවරයා නීතිපති දෙපාර්තාමෙන්තුව වෙත ගොස් නීතිපතිවරයා හමුවීම් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

මේවන විටත් යුධ හමුදාව තුල විශාල ප්‍රශ්නයක් වී ඇති බවත් මේ නිසාම යහපලන ආණ්ඩුවේ පැවැත්මටද හානි සිදුවිය හැකි බවත් ආදී වශයෙන් යුද හමුදාපතිවරයා නිතිපතිවරයා වෙත වැඩි දුරටත් කරුණු දක්වා ඇත. එසේම පසුගිය අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් හමුදා සැකකරුවන්ව නම් නොකරන ලෙසත් ඔහු ඉල්ලා ඇත.

ලසන්ත ඝාතනයේ මෙහෙයුම්කරු මේජර් අන්සාර් ?

නමුත් නීතිපතිවරයා පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කරමින් පවතින විමර්ශන කටයුතු නිවැරදි බවත් එසේම යුධ හමුදාව විසින් අපරාධ සම්බන්ධයෙන් වන සාක්ෂි වසන් කිරීම ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට සිදුවන බවත් පවසා ඇත. ඒ අනුව හමුදාව කෙරෙහි විශෙෂයක් සිදු කළ නොහැකි බවද මෙහිදි පවසා ඇතැයි දැන ගැනිමට තිබේ. මෙම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද විශේෂ අවධානයකින් පසුවන බවත් මීළඟ ජිනීවා මානව හිමිකන් සැසියේදි මේ විමර්ශ්න කටයුතු සම්බන්ධයෙන් විමසීම්කද සිදු විය හැකි නිසා මෙම විමර්ශ්න කටයුතු නිවැරදුවහා කඩිනමින් සිදු කිරීම නීතිපති දෙපාර්තාමෙන්තුවේ වගකීම බවත් මෙහිදී නීතිපතිවරයා අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් වාර්තාවන ලෙස යුද හමුදාපතිවරයා, නිතිපතිවරයා හමුවීම කෙරෙහි ආසන්නතම සිදුවීම වන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්ර්මතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ යුධහමුදාවේ සියලු දෙනා මෙවන විට හෙළිදරව් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සමත් වීමය. ලසන්ත ඝාතනය සඳහා කණ්ඩායම් තුනක් වෙනවෙනම යොදවා තිබු අතර මේ මෙහෙයවනු ලැබුවේ හමුදා බුද්ධි අංශ නිළධාරියකු වන මේජර් අන්සාර් නැමැත්තා විසින් බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුදාවෙන් ඉල්ලා සිටි එම නිළධාරීන්ගේ දෛනික සටහන් පොත් (D.O.B.) ලබා දිම හමුදාව විසින් තව දුරටත් මඟ හරිමින් සිටින බවත් වාර්තාවේ. මෙම සටහන් පොත් රජය මඟින් මුද්‍රණය කර ලබා දෙන්නක් වන අතර සැම නිලධාරියකු විසින්ම කඳවුරු වෙත කරන යැම් ඊම් වල සිට දවසේ සිදුවීම් සම්බන්ධයෙන් මෙහි සටහන් තැබිය යුතුය.

ෆොන්සේකාගෙනුත් ප්‍රශ්න කෙරේ

කෙසේ නමුත් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් එවකට සිටි හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන්ද ඉදිරියේදී කටඋත්තර ගැනීමට නියමිත බවත් දැන ගැනීමට තිබේ. එමෙන්ම ඔහුගේ හිටපු ආරක්ෂක නිළධාරීන්ගේ දෛනික ගමන් බිමන් වාර්තා විමර්ශනය කිරීම සඳහාද අධිකරණ අවසරය ලැබී ඇත. එමෙන්ම වත්මන් හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සැලේ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ද අධිකරණ නියොගයක් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගෙන් ලබා ගැනිමට මේවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ක්‍රියාකර තිබේ.
කෙසේ නමුත් හමුදා බුද්ධි අංශ පවසන්නේ එම නිලධාරීන් වගකියන්නෙ තමන්ගේ ප්‍රධානින්ට පමණක් බවත් ඔවුන් දෛනික සටහන් පොත් පාවිච්චි නොකාරන බවත්ය. කෙසේ නමුත් මෙම අපරාධය සිදුවන කාලය තුල සුරේෂ සැලේ මහතා මෙරට නොසිටිය අතර ඔහු එකල යුරෝපය තුල එල්ටීටීඊ ක්‍රියාකරකම් මැඩ පැවැත්වීම වෙනුවෙන් විශේෂ මෙහෙයුමක යේදි සිටියෙය. ඔහු මෙරටට පැමිණියේ 2009 මාර්තු මාසයේදිය.

පොලිස්පතිත් හමුදාවට බෑ කියයි

මේ අතර යුධ හමුදාපතිවරයා තම නිලධාරීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ ගැන පසුගිය සඳුදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට දුරකතන ඇමැතුමක් දෙමින් විමසීමක් සිදු කර ඇති බවත් දැන ගැනිමට ඇත. එහිදී හමුදා නිළධාරින්ට එරෙහිව අධිකරණ නියොග ගැනීමෙන් වලකින ලෙස ඉල්ලා ඇති නමුත් නීතිපතිවරයාගෙන් එන නියෝග ක්‍රියාත්මක කිරීමට පොලීසිය බැඳි සිටින බව පොලිස්පතිවරයා පවසා තිබේ. මේ අපරාධ යට ගැසීමට කටයුතු කළ හොත් හිටපු නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට සුදුවු දේ තාමන්ටත් යම් කලෙක සිදු විය හැකි නිසා තමන්ට කිසිවක් කළ නොකැකි බව අවධාරණය කර තිබේ.

 

සත්හඬ පුවත්පත ඇසුරෙණි

Last modified on Saturday, 18 June 2016 16:59

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us