ධම්මික පෙරේරාට පියසේන ගමගේත් යටත් වෙයි

Published in පුවත්
Monday, 27 June 2016 15:40

ගාල්ලෙ නෙළුව දෙල්වල ආඳාදොල හරස් කරමින් ධම්මික පෙරේරාට අයත් සමාගමක් විසින් මේවන විට ආරම්බ කර තිබෙන ජල විදුලි ව්‍යාපෘතිය අත් හි‍ටුවන ලෙස විශාල මහජන විරෝධයක් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමෙන්තුවෙන් එල්ල වන විරෝධන නොතකා ඒ ක්‍රියාත්මක කිරීමට මේ යහපාලන ආණ්ඩුවේ බලධරයන් දැඩි උත්සාහයක් ගනිමින් තිබේ.

මෙරට පරිසර ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙරට පරිසරය ගැන වගේ වගක් නොමැති වූවාට ( වේදීකා ගානේ ගහන බයිලා වලින් රටට වැඩක් නැත. කැළේ කැපෙන ගහක් බේරා ගැනීමටවත් බලයක් නොමැති පඹයෙකු සේ කටයුතු කෙරේ නම්) පරිසරය හා බද්ධව ඒ ‍රැක ගනිමින් ජීවත් වන සැබෑ මිනිසුන්ට බරපතල ගැටලුවක්ව පවතී. දෙල්වල ආඳාදොල යනු මෙරට ස්වභාවික පරිසරය සම්බන්ධයෙන් අතිශය වැදගත් ස්ථානයකි. ඒ බව පර්යෙෂණ ගනනාවකින් ඔප්පු කර තිබේ. ලෝකයෙන්ම අතිශය දුර්ලබ හා මෙරටට ආවේනික සත්ව හා පැලැටි ගනනාවක් මේ ආ‍දාඳොල ආශ්‍රිතව පවතී. එහෙත් එවා ධම්මික පෙරේරා අත මිට මොළවන කාසි පනම් හා මෙරට දේශපාලකයන් නම් මරි මෝඩයන්ට වැඩක් ඇත්තේ නැත.

මෙරට අංක එකේ පොහොසතා ලෙස සැලකෙන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය රාජපක්ෂ රෙජිමය සමයේදි සිය ව්‍යාපාරික ආධිපත්‍ය පවත්වාගෙන ගියේ යම් සේද වත්මන් යහපාලන ආණ්ඩුවේ කෙරුම් කාරයන් සියලු දෙනාම සිය මුල්‍ය බලයෙන් යටපත් කර ගැනීමයට සමත්ව තිබේ.

මේවන විට ගාලු දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ ( එජාප ශ්‍රිලනීප බේදයක් නොමැතිව) දේශපාලකයන් රැසක් ධම්මික පෙරේරාගේ මුදලට කෑදර වී මෙම ව්‍යාපෘතිය කොහොම හරි කළ යුතු බවට මේවන විට මෙයට එරෙහිව සිටින රජයේ නිලධාරීන්ට පවා තර්ජනය කරමින් සිටී. පසුගියදා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගාලු දිස්ත්‍රික් සංවර්ධන කමි‍ටු ‍රැස්වීමේදී දැඩි විරෝධයක් ප්‍රාදේශීය දේශපාලකයන් වෙතින් එල්ල වූවද ඇමැති චන්දිම වීරක්කොඩි පමණක් මේ වෙනුවෙන් පෙනී සිටියේය. එමෙන්ම මීට දින කිහිපයකට පෙර හිටපු ඇමති පියසේන ගමගේ ද මේ ව්‍යාපෘතිය සඳහා විරෝධය පල කර තිබෙන වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ට තර්ජනාත්මකව පවසා ඇත්තේ කෙසේ හෝ මේ සිදු කළ යුතු බවය. රාජපක්ෂ සමයේදි ඒ රෙද්ද පල්ලේ වැටී සිටි පියසේන ගමගේ ආණ්ඩු මාරුවෙන් පසුව පැත්ත මාරු කළේය. මන්ද යහපාලනය තක්කඩියන්ට වඩා හොඳ තෝතැන්නක් වීමය.

ඉතා පැහැදිලිවම මෙම ව්‍යාපෘතිය මගින් ආඳාදොලත් ඒ ආශ්‍රිත සත්ව හා පැලැටි මුලුමනින්ම විනාශ වන බව පරිසරවේදීන් හා මේ ව්‍යාපෘතිය හා සම්බන්ධ රජයේ නිලදාරීන් කිහිප දෙනෙකු පෙන්වා දි ඇත. ඒ අතර ඇතැම් රජයේ නිලධාරියකු මේ ඉදිකිරීම හා සම්බන්ධ ප්‍රදේශ්යට පැමිණ ඒ ගැන පරීක්ෂණයක් හෝ නොකර මේ ව්‍යාපෘතිය අනුමත කිරීමද සිදු කර තිබේ.

මේ වන විට මේ තක්කඩි රජයේ නිලධාරින් කිහිප දෙනාගේ සහය ගැනීමට අමතර දොල ආශ්‍රිත ජනතාව රවටමින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය ජනතා කැමැත්ත ලබා ගැනිම සඳහා ව්‍යාජ ලේඛන වලට අත්සන් ගැනීමද සිදු කරමින් තිබේ. පෙර මෙම ව්‍යාපෘතිය අනුව ආඳාදොල හරහා වෙල්ලක් බැඳ ජලය එකතු කර කිලෝමීටර් දෙකකට වඩා දුරින් පිහිටි බලාගාරයක් වෙත එම ජලය නල මාර්ගයෙන් ගෙන ගොස් එය යොදා ගැනිමේන් පසුව එම ජලය තවත් කිලෝමීටර කිහිපයකින් ආඳාදොලට එක් කිරීමට නියමිතව තිබිණි. ඒ අනුව කිලෝමිටර 5.8 දුරක් ආඳාදොල මුලු මනින්ම හිඳී යාමට නියමිත විය.

එහෙත් මේවන විට ප්‍රදෙශයේ ජනතාවට ඉදිරිපත් කර අත්සන් ලබා ගන්නා ලේඛනය අනුව ආදාදොල හි‍ඳෙන්නේ කිලෝමිටරයක ප්‍රදේශයක් පමණි. මේ මුලු මනින්ම බොරුවකි. එසේ කිරීම කිසිදු ප්‍රායෝගික හැකියාවක් නොමැත. මොන ක්‍රමයකින් හෝ ඒ සිදු කළත් පරිසර පද්ධතියට වන හානිය ඉන් කිසිසේත්ම අවම නොවේ. කිලෝමිටරයක දුරක් ආඳදොලා හිදීයාම එම පරිසරයේ සමතුලිත තාවය බීද වැටීම සිදුවන තරම දොල හා බැදුනු ජීවන චක්‍රයක් සහිත ජීවීන් සියල්ල විනාශ වී යයි.

ඒ කෙසේ නමුත් විදුලි බලය නිපදවීම සම්බන්ධයෙන් වන මහා මා‍ෆියාවේ තවත් ව්‍යාපෘතියක් වන මේ ආඳා දොල ව්‍යාපෘතිය නැවැත්වීමට මේ දූෂිත දේශපාලකයන් හෝ නිලධාරීන් පියවර ගන්නෙ නැත. ඒ තබා ධම්මික පෙරෙරාගේ මුදලින් පක්ෂ නඩත්තු කරන ඊනියා වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධාන පවා මේවාට විරුද්ධ වන්නේ නැත. මන්ද රටට ජනතාවට හෙණ ගැහුවත් තමගේ පාත්තරේට වැටෙන කුට්ටිය වඩා වැදගත් බැවිනි.

ජනතාව විසින් තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් වදිනවා මිසක් මේ හාල්පාරු දේශපාලකයන් මත්තේ තවත් බලාපොරොත්තු තැබිය යුතු නැත. තමන්ගේත් තම පරම්පරාවේ අනාගත පරපුරේ අයිතිය වෙනුවෙන් සටන් කළ යුතුව තිබේ. එමෙන්ම එම සටන් හෝ ජයග්‍රහණයන් මේ දෙපිට කාට්‍ටු ඩබල් ගේම් දේශපාලකයන්ගේ අතට නොයෑමටද වග බලා ගත යුතුය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us