ඇවන්ගාඩ් කපිතාන් රිමාන්ඩ් කිරීම සහ කිං කැකිල්ලෙගෙ නංගිලාගේ වැඩ Featured

Published in පුවත්
Tuesday, 28 June 2016 22:18

නීතිය කාටත් පොදුය. ඒත් දැන් යහපාලන ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ පොතේ නීතිය කොහොම තිබුණත් ඒ ඒ නඩුවට ඒ ඒ පැමිණිලිකාරයාට ඒ ඒ විත්තිකාරයාට යනාදි වශයෙන් ඒ ඒ විනිසුරු වරුන්ට කැමැති පරිදි නීතිය ඒ ඒ විදිහට අර්ථ කථනය කරමින්ය. ඒ අර්ථයෙන් නීතිය මඟින් කිසිවකුට හෝ යුක්තිය සාධාරණය ඉ‍ටුවීම බලාපොරොත්තු වීම හෝ නොවීම නම් දැන් කාටත් පොදු වී තිබේ.

පසුගිය කාලයේ අධිකරණ තීන්දු තීරණ අනුව මේ ඉතා පැහැදිලිය. ජනාධිපති අගමැති පැත්තකින් තැබුවත් අවශ්‍ය නම් ඇමැතිවරයකුට, සම්බන්ධීනරණ ලේකම් වරයකුට පමණක් නොව ඇමැති මාධ්‍ය ලේකම් වරයකුට වුව තමන්ට අවශ්‍ය පරිදි මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය හැසිරවීමේ හැකියාව ඇති බව ඒ දන්නෝ දනිති. ඒ අතරේ පසුගිය සිකුරාදා දිනයේදී 'අපි නොදන්නා නීති තර්කයක්' අනුව අපූර්ව තින්දුවක් ලැබී තිබිණි. මෙරට අධිකරණ ක්‍රියාව්ලියේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන අපට කතා කිරීමද තහංචියක් තිබේ. ඒ එමගින් අධිකරණයට අපහාස වූවා යන චෝදනාව එල්ල කර දඬුවම් ලබා දීමේ හැකියාව අධිකරණය සතු බැවිනි. ඇතැම් විට මේ ලියැවිල්ල අනුවද එසේ වීමේ හැකියාව ඕනෑ තරමින් තිබේ. එහෙත් මේ ලිවිය යුතුය. ඒ මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සාධාරණ යුක්ති සහගත විය යුතු බව දැඩිව විශ්වාස කරන බැවිනි. මේ කතාව මෙසේය.

ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂක ආයතනය විසින් රතු මුහුදේ පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් (පාවෙන අවි ගබඩාව) නැවේ කපිතාන් ලෙස කටයුතු කළ යුක්රේන ජාතික ග්‍රැනලි ගව්රිලෝව් ව පසුගියදා ගාල්ලේ මහේස්ත්‍රාත්වරිය නිලුපුලී ලංකාතිලක මෙනෙවිය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. නමුත් ඊට පෙර දිනයේදී එම නඩුවේදීම මේ කපිතාන් වරයාව මෙම මහෙස්ත්‍රාත්වරිය විසින් මුදා හැරීමටද කටයුතු කර තිබිණි. පසු දින තීන්දුව වෙනස් වීමට තරම් දෙයක් එදින රාත්‍රියේදී සිදුව තිබෙන බව පැහැදිලිය. ඒ අප දන්නෙ නැත. එ කෙසේ නමුත් දැන් මෙම කපිතාන් වරයාව රිමාන්ඩ් කරන්නේ මෙරටට අවි ආයුධ ආනයනය කළාය යන චෝදනාව යටතේය.

මේ අවන්ගාර්ඩ් නැව අත් අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර මුහුදේදීය. ඒ ගාල්ල වරායට ඇතුල් වෙමින් තිබුනේ එම නැව භාරයේ තිබු අවි ගාලු වරායේ ඇති ගබඩාවට බාර දීමටය.මෙම අවි තිබුණේ ආරක්ෂක අමාතයංශ්‍ය යටත්වන සමාගමක් වන රක්නාලංකා සමාගම භාරයේය. ඒ වෙනුවෙන් නිලධාරීන් තිදෙනෙක් විය.

එමෙන්ම රතු මුහුදේ නවතා තිබු එම නැව එම ආයුද බාර දීම සඳහා මෙරටට පැමිණෙන බව ඊට දින විසි හතරකට පෙර ආරක්ෂක අමාතයංශයට දැනුම් දී අදාල අනුමැතියද ලබා ගැනීමට කටයුතු කර තිබිණි. එහිදි නැවේ තිබු සියලු අවි හා පතොරම් සම්බන්ධ තොරතුරුද අමාතයංශයට ලබා දී තිබිණි.

23 වන දින පැවැති නඩු විභාගයේදී මේ සියලු ලිපි ලේඛන වල නිරවද්‍ය තාවය පමණක් නොව අදාල අවි ආයුධ සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තාවද සලකා බැලිනි. ඇවන්ගාඩ් නැවේ නීති විරෝධි අවි තිබෙන බවත් අවි ජාවාරම් කරන බවටත් බරපතල චෝද්නාවක් ඇමැති රාජිත සේනාරත්න, ඇමැති චම්පික රණවක, ඇමැති අර්ජුන රණතුංග , ඊනියා දුෂණ විරෝධීන් සහ ජනතා විමුක්ති පෙරමුණ විශාල නරි නාඩගම් නැ‍ටුවේය. ඒ සියල්ල තමන්ට හෝ තමන්ට අනුග්ර්හ දක්වන මිතුරන්ට මෙම ව්‍යාපාරය ඩැහැ ගැනීමේ වුවමනාව මත බව ඉතා පැහැදිලිව අප විසින් මිට පෙර ලියා තබා ඇත.

රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව මෙහි කිසිදු නීති විරෝධී පතුරමක් හෝ තිබුනෙ නැත. ආරක්ෂක අමාතයංශ්යට ලබා දී තිබු වාර්තාවේ අඩංගු අවි සියල්ල එහි තිබූ අතර වැඩිපුර අවි තිබුනේද නැත.

කොටින්ම මෙම අවි හා පතුරන් ගැන කිසිදු චෝද්නාවක් ඔප්පුකර ගත හැකිව තිබුණේ නැත. එහෙත් එක රාත්‍රියක සිදු වු කුමක් හෝ අලකලංචියකින් පසුව මහේස්ත්‍රාත්වරිය නැවේ කපිතාන්වරයා රිමාන්ඩ් බාරයට පත් කිරීමේ තීන්දුව දුන්නාය. ඒ අවි නීති විරෝධිව මෙරටට අපනයනය කළාය කියන චෝද්නාව සහිතවය. ඒ අනුව මේ අවි මෙරටට ගෙන්වීම අනුමත කළ ආරක්ෂක ලේකම් වරයාවද මේ විනිසුරුවරිය විසින් අත් අඩංගුවට ගත යුතුය. මෙම අවි භාරව සිටි රක්නා ලංකා නිලධාරීන්වද අත් අඩංගුවට ගත යුතුය.ඒ තබා මේ නීති විරෝධී කියන අවි මේ වන විට නාවික හමුදාව විසින් එම ව්‍යාපාරික කටයුතු වල යොදා ගනිමින් තිබේ. එම අවි නඩු භාණ්ඩ විය යුතු බව විනිසුරු වරිය දන්නේ නැති බවත් පෙනෙන්නට තිබේ. එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ අයේෂා ජිනසේන සහ ජනක බණ්ඩාර නමැති දෙදෙනා ද මේ නරි නාඩගම පස්සේ සිටියේය. ඒ මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරය ඩැහැ ගැනීමට බලා සිටිනවුන්ගේ සහයට මිස  නීතියේ යහපාලනයට  නොවන බව ද දන්නෝ දනිති.

කොහොමින් කොහොම හරි වේවා මේ අපූරු නඩුව රටට විහිළු සපයමින් යහපාලන‍යේ රගේ පෙන්වා දෙමින් තිබේ.

Last modified on Wednesday, 29 June 2016 07:21

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us