ආරක්ෂක අමාත්‍යංශයේ 'රෝ' ඔත්තුකරුවෙක් !

Published in පුවත්
Friday, 08 July 2016 16:59
මෙරට ආරක්ෂක අමාත්‍යංශය තුල ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවයට තොරතුරු සපයන මෙරට ඒජන්තයකු සිටින බව හෙළිදරව් වී ඇත. රෝ ඔත්තු සේවය මෙරට දේශපාලන හා ආරක්ෂක තීන්දු තීරණ සම්බන්ධයෙන් යොදවා ඇති ඔත්තු කරුවන් ගනනාවක් ක්‍රියාත්මක වන අතර ආරක්ෂක අමත්‍යංශයේ තොරතුරු ලබාගැනීම සඳහා යොදවා ඇත්තේ සුවිශේෂි පුද්ගලයෙකි.
 ඔහු නමින් ප්‍රකාශ් නායර්ය. ආරක්ෂක අමාත්‍යංශය තුල ඔහුගේ මෙරට ඒජන්තයකු කටයුතු කරයි. ඔහු කරුන්කා චමින්ද ලෙස හැඳින්වෙන අමුතු වර්ගයක සත්වයෙකි. නිරන්තරයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හැම අස්සකම මුල්ලකම සැරි සරන්නෙකි.
ප්‍රකාශ් නායර් රාජපක්ෂ පාලන සමයේදී මෙරටට පැමිණෙන්නේ රෝ ඔත්තු සෙවයේ සෘජු නියෝජිතයෙකු ලෙස නොවේ.  රෝ සංවිධානය මොහුව මෙරට යොමු කරවන්නේ මෙරට ආයෝජනයට පැමිණෙන ඉහල පංතියේ ව්‍යාපාරිකයකු ලෙසය. ඒ අනුව ප්‍රකාශ් නායර් විසින් මෙරට ව්‍යාපාර කිහිපයක් ආරම්බ කර තිබේ. ඒ හරහා ඔහු මෙරට ඉහල ව්‍යාපාරිකයන් හා ප්‍රභූ පැලැන්තියේ පිරිස් දැන හඳුනාගෙන ඇත.  ඒ අනුව ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතරින් මුලින්ම මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ චමල් රාජපක්ෂ හා ශෂෙන්ද්‍ර රාජපක්ෂ සමඟ බව පැවැසේ . පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හඳුනාගන්නා අතර නාමල් රාජපක්ෂ මොහුව ඉතා සමීපව ඇසුරු කර ඇත.  මේ සම්බන්ධතා හරහා රටේ අභ්‍යන්තර තොරතුරු රැසක්  ඉන්දියාව එවකට ලබ ගෙන ඇතැයි පැවැසේ. 
ප්‍රකාශ් නායර් මෙරට රෝ එජන්තයකු වශයෙන් කටයුතු කළ ද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පාලනයට ඔහු යටත් අයෙකු ව නොසිටි අයෙකි.  එවකට මහ කොමසාරිස්වරයාව සිටියේ ආලෝක් ප්‍රසාද් ය. ඔහු බැසිල් රාජපක්ෂගේ සමීපතම මිතුරෙකි.  එම කාර්යාලයට අනුයුක්තව සිටි රෝ ප්‍රධානියා වූයේ ප්‍රභා මුර්ති නම් නිලධාරිනියයි. ඇය ලසන්ත වික්‍රමතුංග මහතාව ළඟින්ම ඇසුරු කළ අතර ඔහුගේ ඝාතනයත් සමඟ ඇය කොමසාරිස් කාර්යාලය තුලදී හඬා වැලපීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට තොරතුරු ලබා දී තිබුනේ ආලෝක් ප්‍රසාද් ය. ඇගේ රෝ සම්බන්ධතා හෙළි වූයේද ඉන් පසුව බව පැවැසේ.
මේ නිසා ප්‍රකාශ් නායර්ගේ භූමිකාව  ඉන්දියාවට අතිශය වැදගත් විය. මේ නිසා ඔහු වඩා බලවත් චරිතයක්ද වී තිබේ.  රාජපක්ෂ පාලනය ඉවත් කිරීම සඳහා රෝ මෙහෙයුමක් දියත් වූ අතර එහිදී ප්‍රකාශ් නායර් විශේෂ වැඩ කොටසක් සිදු කර තිබිණි.
රාජපක්ෂ පාලනයෙන් පසුවද ප්‍රකාශ් නායර් රෝ ඔත්තු සේවය වෙනුවෙන් මෙරට කටයුතු කරමින් සිටියේය.  සාමාන්‍යයෙන් ඔහු මාස හතරකට වරක් හෝ මෙරට පැමිණ  මාස හතරක් පමණ ‍ කොළඹ ටජ් සමුද්‍රා හෝ ගලදාරී හෝටල් හී නවාතැන් ගෙන ඔහුගේ මෙ‍හෙයුම් දියත් කරයි.
රාජපක්ෂ පාලනය පෙරලා දැමීමෙන් පසුව ඔහු සමීප කර ගන්නේ මෙරට කූප්‍රකට ව්‍යාපාරිකයකු වන කරුන්කා චමින්ද නැමැති අයය. මොහු රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධනෙග් සම්බන්ධීකරන ලේකම් වරයකු ලෙස සේවය කරන්නෙක් බවද කියයි. කරුන්කා විශේෂණය ඔහුට ලැබෙන්නේ එම ජාවාරමෙහි ඔහු යෙදී සිටින්නකු වීම හෙතුවෙනි. ආරක්ෂක අමාත්‍යංශයෙ හිටපු අතිරේක අධයක්ෂකවරියක වූ දමයන්ති ජයරත්න මොහු සමග නිරන්තර ගනු දෙනුවක සිටි නිලධාරිනියකි. ඇවන්ගාර්ඩ් ගනු දෙනු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා නිසා ඇයව ආරක්ෂ අමාතයංශයෙන් පසුව ඉවත් කරනු ලැබීය. එසේම කරුන්කා චමින්ද මුදල් ඇමැති රවී කරුණානායකගේද සමිප ආධාර කරුවෙකි.
ප්‍රකාශ් සමඟ වන මිතුදම වර්ධනය වන්නේ කරුන්කා චමින්ද වරක් මෙරටින් යවන ලද කරුන්කා කන්ටේනර් 47ක් එරටට ඇතුල් කර ගැනීම වලක්වා තිබියදී ප්‍රකාශ් නායර් මැදිහත් වී එම ප්‍රශ්නය නිරාකරණය කර දීමත් සමඟය. එහෙත් පසුව වාර්තාවන්නේ එම මිතුදම වර්ධනය කර ගැනීම වෙනුවෙන් රෝ සංවිධානයේ මැදිහත් වීමෙන් කන්ටෙනර් 47  හේතුවක් නොමැතිව වරායේ නවතා ගත් බවය. 
මෙම මිතුදම හරහා මෑතක් වන තුරු ආරක්ෂක අමාත්‍යංශයේ රහසිගත තොරතුරු ඉංදියාව අත්පත් කරගෙන තිබේ. මේවන විට ඒ බව අනාවරණය කර ගැනිමට මෙරට බුද්ධි අංශ ඒකකයක් සමත්ව ඇත. වරෙක කරුන්කා චමින්ද , ප්‍රකාශ් නායර් ගේ අනුග්‍රහයෙන්  රුවන් විජෙවර්ධනව ඉන්දියාවෙ තිරුපති කොවිල් වන්දනාවකද ‍රැගෙන ගොස් තිබේ.
 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us