ජපන් සමන්ගෙන් ලක්ෂ 400 කප්පම ඉල්ලුවේ රවී ලු !

Published in පුවත්
Tuesday, 19 July 2016 09:40

සමන් ප‍්‍රියංකර (ජපන් සමන්) නම් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 400 ක කොමිස් මුදලක් ඉල්ලා ඇතැයි වාර්තාවන සිදුවීමට අදාල අමාත්‍යවරයා රවී කරුණානායක බව දැන ගැනීමට තිබේ.

අමාත්‍යවරයා මෙම කොමිස් මුදල ඉල්ලා ඇත්තේ ජපන් සමන් විසින් සයුරි මෝටර්ස් කෝපරේෂන් නමින් මෙරට මෝටර් රථ කොටස් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා අවසර ලබා ගැනීමට යාමේදීය.

මෙරට අමාත්‍යංශ බලතල බෙදී ගොස් ඇති ආකාරය අනුව මෝටර් රථ කොටස් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය, ප‍්‍රවාහන අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශ තුනක අවසරය ලබා ගත යුතුව ඇත. ඒ හැර සමාගමට මෙරට නිෂ්පාදන කටයුතු සිදුකරන්නට සහ වෙළඳපොළට ප‍්‍රවේශ වීම සඳහා අදාළ නෛතික වලංගු බව හිමි වෙන්නේ නැත.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඒ අනුව ජපන් සමන් විසින් තම නව ආයෝජන සුදානම පිලිබඳ අදාළ අමාත්‍යංශ දැනුවත් කර ඇත. එහිදී කර්මාන්ත අමාත්‍යංශය ඒ සඳහා සහය දීමට එකඟතාව පළකර ඇති නමුත් මුදල් අමාත්‍ය රවී, ජපන් සමන්ගේ අවශ්‍යතාව ඉටු කිරීමට නම් රුපියල් ලක්ෂ 400ක කොමිස් මුදලක් අවශ්‍ය බව දැනුම්දී ඇත.

ඒ ඇමති රවී ගේ මුදල් අමාත්‍යංශ සහය වෙනුවෙන් රුපියල් ලක්ෂ 300ක් සහ එම අමාත්‍යංශ නිළධාරීන්ගේ කොමිස් මුදල් හා ඉතිරි අනෙක් අමාත්‍යංශ සහය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක් වන ලෙසිණි.

ඇමති රවී මෙසේ රුපියල් ලක්ෂ 400 ක කොමිස් මුදලේ අවශ්‍යතාව අවධාරණය කර ඇත්තේ ජපන් සමන් පසුගිය ආණ්ඩුවේ හිතෛෂීයකු බවත් විශේෂයෙන් විමල් වීරවංශ සාමඟ ඇති සමීප ඇසුර හේතුවෙන් මේ ආකාරයේ ආයෝජනයක් සිදුකිරීමට අවසර ලබා දීම දුෂ්කර බවත් ඒ සඳහා සහය ලබාදෙන සියළු පාර්ශ්ව වෙත සන්තෝසම් ලබාදීමට සිදුවන බව පෙන්වා දෙමින්ය.

මෙහි දී ජපන් සමන්, රවී ඉල්ලා සිටි කොමිස් මුදල ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ තමන් කර්මාන්ත ශාලාව ඇරඹීම වෙනුවෙන් අවශ්‍ය මුලික සුදුසුකම් සපුරා ඇති බවත් ඒ පසුබිමේ මුදල් අමාත්‍යංශයට කොමිස් මුදල් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දෙමින්ය.

මේ වන විට ඔහු සිය ආයෝජනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහය ලබා ගැනීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වන අතර ආයෝජන මණ්ඩලයෙන් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් පලවී ඇති බවද වාර්තා වේ.

කෙසේ වුවත් අපවෙත ලැබෙන ආරංචිමාර්ග අනුව කොමිස් මුදල ලබා නොදීම හේතුවෙන් ඇමති රවී සිය දේශපාලන බලය යොදාගෙන ජපන් සමන්ගේ ආයෝජන ආයෝජන අවස්ථාව අහිමි කරලීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

මුදල් ඇමතිගේ එම මෙහෙයුම සාර්ථක වුවහොත් මෙරටට අහිමිවී යන්නේ ආරම්භක වටිනාකම ඩොලර් මිලියන 7.8ක් සහ ආරම්භයේදී රැකියා 200 ක් ලබා දීමට අවස්ථාව තිබු වටිනා ආයෝජනයක්ය.එමෙන්ම ත්‍රීරෝධ රථයට ආදේශකයක් ලෙස මිළෙන් අඩු සහ ආරක්ෂාකාරී වාහනයක් ලෙස මෙම රථය මෙරටට හඳුන්වාදීමට නියමිතවිය. මෙහි එංජිම හා ඊට සම්බන්ධ අනෙකුත් කොටස් ජපන් හා චීන නිශ්පාදන වන අතර ,චැසිය හා පිටත ආවරණය මෙරට නිශ්පාදනය කර එකලස් කිරීම සිදුවීමට නියමිත විය. මෙහි මුලික ආකෘතියක්ද මේ වනවිට නිශ්පාදනය කර පරික්ෂා කිරීමකට ලක් කර ඇති බවත් දැනගැනීමට තිබේ. පහත රූපයේ දැක්වෙන්නේ එලෙස නිශ්පාදනය කළ වාහනයකි.sayuri 2

 

මීට පෙරද අවස්ථා කිහිපයකදී ආයෝජකයින් වෙතින් ඇමති රවී සන්තෝසම් ඉල්ලු බවට පුවත් පැතිර ගියේය. එසේම පසුගිය ආණ්ඩුව සමඟ ඩීල් දමාගෙන සිටි ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගෙන් ඇමති රවී සන්තෝසම් පන්නයට කප්පන් ගන්නා බවටද කතා පැතිර ගියේය. පසුගිය ආණ්ඩුවේ 10 % (ටෙන් ප්‍රසන්ට්) ලෙස බැසිල් රාජපක්ෂ ගෙන ගිය භූමිකාව මේ ආණ්ඩුවේ රවී ඇමති අරඹා ඇතිදැයි සැකයක් පහල වේ.

ජපන් සමන් කියන්නේ කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකි. ඔහු 89 සමයේ ජීවිතය රැක ගන්නට විදේශ ගත වූ අතර නැවත ජවිපෙ දේශපාලන කටයුතු අරඹන විට ජපානයේ සිට ඊට සහය දැක්වීය. ඒ වන විට ජපන් සමන් මෝටර් රථ ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාපාර කටයුතු කරගෙන ගිය අතර ජවිපෙ දේශපාලන කටයුතු වෙනුවෙන් සැලකිය යුතු මුල්‍ය පරිත්‍යාගයක් ඔහු හරහා පක්ෂයට ලැබිණ. නමුත් විමල් වීරවංශ පාර්ශවය ජවිපෙන් ඉවත්වීමේදී ජපන් සමන් ද ඔහුට සහය දෙමින් ජවිපෙන් ඈත්වූ අතර පසුව දෙදෙනාම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වාදීන් විය. ඒ අනුව අදටද ජපන් සමන් මහින්දගේ ප්‍රබල ආධාර කරුවෙකුය යන්න ගැන වාදයක් නැත. ඒ සමන්ගේ දේශපාලන තෝරා ගැනීමය.

ජපන් සමන් පමණක් නොව ඕනෑම අයෙකුගේ දේශපාලන හිතවත් කම් මෙරට ආයෝජනයක් ආරම්භ කිරීමට අදාළව තීරණාත්මක විය යුත්තේ එය කොතරම් දුරට නීත්‍යානුකුල වන්නේද නැද්ද යන කාරණයේදී පමණය. ඒ හැර මහින්දට ඡන්දය දීම මෙරට ආයෝජනයක් කිරීමට නොසුදුසු කමක් නම් එය යහපාලන ආණ්ඩුවේ සහ මහින්දගේ රෙජීමය අතර වෙනස මකන කාරණයක්ය.

එසේනම් මහින්ද සමයේ සිදුවූ මේ තුප්පහි වැඩ යහපාලනය යටතේ සිදු නොවෙන්නට වගබලා ගත යුත්තේ ආණ්ඩුවය. වැඩිම වෙළද දැන්වීම් ලබා දෙන්නේ මුදල් ඇමති රවී නිසා එයාලාගේ මේ වැඩ රටේ නායකයින්ට පත්තර වලින් නම් දකින්න ලැබෙන්නේ නැත.

Last modified on Tuesday, 19 July 2016 09:50

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us