FCIDයේ පට්ට ඩීල් කාරයෙක්. රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා පුස් වෙන ලකුණු.

Published in පුවත්
Tuesday, 19 July 2016 11:55

පසුගිය රාජපක්ෂ සමයේදී රාජපක්ෂවරු හා වුන්ගේ හිතමිතුරන් විසින් සිදු කළ මුල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනය කර වැරැදි කරුවන් නීතිය හමුවට ගෙන ඒම සදහා වර්තමන මෛත්‍රී රනිල් ආණ්ඩුව විසින් විශේෂයෙන්ම පිහි‍ටුවනු ලැබු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියකු එම චෝදනාවලින් ඇතැමුන් නිදහස් කිරීම සදහා කප්පම් ලබා ගැනීමේහි යෙදි සිටින බව පොලිසියේම අරංචි මාර්ග පෙන්වා දෙයි.

රාජපක්ෂවරුන්ගේ මුල්‍ය වංචාවන් ඉතා සූක්ෂමව කෙරී ඇති බැවින් ඒ වෙනුවෙන් විදේශ විශේෂඥ සහය හා පුහුණුවද මෙම ඒකකයේ පොලිස් නිළධාරීන්ට ආණ්ඩුව විසින් ලබා දුන් නමුත් විමර්ශනය කරන ලද ඇතැම් සිදුවීම සම්බන්ධයෙන් චූදිතයන්ට නීතියෙන් නිදහස්වීමට අවශ්‍ය ලෙස එම විමර්ශන තොරතුරු නිසියාකාරයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර චූදිතයන්ට ඉන් ගැලවීමේ මාර්ගයන් විවෘත කර තිබෙන බවට පසුගිය කාලයෙහි බරපතල සැකයක් පහල වී තිබිණි. ඒ අනුව කළ සොයා බැලීමකදී මෙම කොට්ඨශයේ ප්‍රධානියකු ඉතා සූක්ෂම ලෙස රුපියල් මිලියන ගනනින් කප්පම් ලබා ගෙන තිබෙන බව පොලිසිය විසින්ම අනාවරණය කරගෙන තිබේ. මෙම කප්පම් ගනු දෙනු විදේශීය රටවලදි සිදුව තිබෙන බවත් අනාවරණය වී තිබේ.

මේ අනුව මෙම නිළධාරියාව ඉන් ඉවත් කිරීම සිදුවිය යුතු නමුත් මුල්‍ය අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් මෙරට පොලීසියේ සිටින දක්ෂතම නිළධාරියකු වීම නිසා එම තත්වය පාලනය කර ගැනිමේ ගැටලුවකට ආණ්ඩුවද මුහුණ දී ඇති බව පැවසේ.

විමර්ශන අවසන් කර නෛතික කටයුතු වෙනුවෙන් නීතිපති දෙපාර්තාමෙන්තුවට FCID ය විසින් ලිපි ගොනු විශාල සංඛ්‍යාවක් ලබා දී තිබුණද ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රමාදයට හේතුව වී ඇත්තේද මෙම විමර්ශනවල පවතින අඩුපාඩු බවද එම දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග පවසයි.

රාජපක්ෂවරුන්ට හා ඒ හිතවතුන්ට අධිකරණය හමුවේ ගැලවීමේ අවස්තාව උදා වෙමින් තිබෙන්නෙ ඒ අනුව බව මේ වන විට පැහැදිලිව තිබේ. පසුගියදා ක්‍රිෂ් ආයතනයෙන් මිලියන 70 ක ලබාගෙන පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගැනීම අරබයා වන FCID යේ තර්කය ප්‍රාණවත් නොවීම මේ සඳහා ආසන්නතම උදාහරණයකි. 

Last modified on Tuesday, 19 July 2016 12:01

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us