මහජන බැංකුව බංකොලොත් කිරීමට ජවිපෙ දඟලන්නේ ඇයි ? (දෙවන කොටස)

Published in පුවත්
Friday, 16 September 2016 19:44

මේ සුදානම මහජන බැංකුව බංකොලොත් කිරීමට ජවිපෙ දඟලන්නේ ඇයි ? යන්නෙහි දෙවන අංගය ගෙන එන්නටය. අප බලාපොරොත්තු වූ ලෙස දෙවන අංගය අරඹන විට නියම නළුවන් කරලියට පැමිණෙමින් ඇත. වසන්ත සමරසිංහද මදිවූ පසුව කරලිය හිමිකර ගන්නේ සුනිල් හඳුන්නෙත්තිය.

ඒ කෝප් කමිටුවේ සභාපති පදක්කම බෙල්ලේ එල්ලා ගනිමින්ය. දැන් සුනිල් මහජන බැංකුවේ නිලධාරීන්ව එළඹෙන 22 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. අප බලං සිටින්නේ එහිදී සුනිල් සහෝදරයා සියලු සාක්ෂි සමඟ මහජන බැංකුවේ නිලධාරීන්ගෙන් වැටෙන්න ප්‍රශ්න අසන තුරුය. එහෙත් ඒ අවස්ථාවද ප්‍රමාණවත් නොවන බව දැනුන නිසාදෝ ජවිපෙ නායකයාද දැන් කරළියට කැඳවන්න මෙරට මුල්‍ය මාෆියාව කටයුතු කර ඇත.

ඒ පාර්ලිමේන්තුවේ මේ කාරණය ප්‍රශ්න කරමින්ය. මාක්ස් ලෙනින් වාදී පක්ෂයක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ජවිපෙ අද ඒ පුවරුවටවත් තමන් නුසුදුසු බව ඔප්පු කරමින් සිටියී. ඊට ආසන්නතම සිදුවීමක් ලෙසද මහජන බැංකු ජහුටේ ජවිපෙ නායකයාගේ හැසිරීම පෙන්වා දෙන්නට පුළුවන. අද ධනපති බැංකුවක සිදුව ඇති වංචාවක් ගැන පාරම්බාන මේ නායකයා අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව බැංකුව විසින් සිදුකර ඇති කරුණු පැහැදිළිකිරීම ගැන කිසිඳු තැකීමක් කරන්නේ නැත. අවම වශයෙන් මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීම සම්බන්ධව සිදුකර ඇති මුලික වරදක් ඇතනම් ඒ කුමක්ද යන්නවත් තකන්නට අවශ්‍යතාවක් ඔහුට තිබී නැත. ඒ වෙනුවට ඔහුට ඇතිව ඇති ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ බැංකුව සම්බන්ධව තම පක්ෂයත්, රාඩා මුදල් වංචාවට චෝදනා ලබා සිටින ටිරාන් අලස්ගේ ගණිකාවක් බඳු පත්තර කඩමාල්ලත් එල්ල කරන චෝදනා සම්බන්ධව පිළිතුරු දෙමින් බැංකුව පළකළ ප්‍රසිද්ධ දැන්වීමය. ඒ දැන්වීම පදනම් කරගෙනවත් එයින් අනතුරුව ප්‍රශ්න කිරීමට හැකියාවක් මේ නඩයට තිබුණානම් ගැටළුවක් නැත. එහෙත් එවැනි හැකියාවක් මේ නඩයට නැති අතර හැමදාමත් එකම කතාව වචන වෙනස් කර හයියෙන් කියමින් සිටියී.

අපි මේ ගැන පුදුම නොවන්නේ ධම්මික පෙරේරාට අයත් රෝයල් සෙරමික් සමාගමෙන් නොමිලේ ලබාදුන් බිම් ඇතුරුම් ගඩොල් ඇති පක්ෂ මුලස්ථානයේ සිට මෙරට මුල්‍ය මාෆියාව ගැන කතා කරන්නට ඔවුන්ට හැකියාවක් නැති බව හොඳින්ම දන්නා නිසාය. අනෙක් අතට පක්ෂ නායකකම ලබාගැනීම වෙනුවෙන් මාධ්‍ය හරහා තමන්ව පුම්බා දැක්වූ ටිරාන්ගේ සහ කිලී මහරාජාගේ කෙරුවාවන් ගැන කතා කරන්නට තරම් ධෛර්යක් මේ නිර්ධන පන්තියේ පක්ෂයේ නායකයාට නැති වග හොඳින්ම අප දන්නා නිසාය. එසේම වසන්ත සුනිල් වැනි මහත්තරුද නායකයා තරම්ම සියඹලා ගෙනා මුදලාලිලා වී ඇති නිසා සුර්ය කෝෂ ව්‍යාපෘතිය මහරාජාගේ සහෝදරයාගේ ඔඩොක්කුවට වැටීම, ගල් අඟුරු ටෙන්ඩර් මගඩිය වැනි කාරනා ගැන කතා කිරීමට නොහැකි බව අප දන්නෙමු.

දගින් දිගටම පක්ෂය දේශපාලන පරාජයන් අත්පත් කර ගන්නා විට දේශපාලනයෙන් සමුගෙන විදෙස් ගතවීමට උත්සහ කළ උදවිය විප්ලවවාදී පක්ෂ වල නායකයන් බවට පත්වූ විට කොහොමටත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අපට පිස්සු විය යුතුය. එහෙත් අවාසනාව හැගීම් බරව දේශපාලනය කරන ජවිපෙ පහල පෙළ ඒ කිසිවක් නොදැන සිටීමය. අනෙක් අතට සමහර විට අයර්ලන්ත සංචාරයේ දී උගත් පශ්චාත් මාක්ස්වාදී න්‍යායක් හරහා දැන් පක්ෂය මෙහෙයවමින් සිටිනවාද විය හැකිය. එනිසා නොවෙන්න ශ්‍රී ලංකා ආර්ථික සමුලුව 2016 අමතමින් ජවිපෙ නායක සහෝදරයා කළ කතා තේරුම් ගන්නට මාක්ස්වාදයෙන් හෝ ලෙනින්ගේ තිසීස් වලින් හැකියාවක් නැත.

"පාඩු ලබන රාජ්‍ය ආයතනවල ණය බරට ආන්ඩුව කර නොගසනතාක් දුරට, ඒවා විකුනා දැමීම සඳහා තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බව", "අතීතයේදී විදුලි සංදේශ දොර්තමේන්තුව සාර්ථකව පුද්ගලීකරනය කරන ලද අවස්ථාව හැර අනෙකුත් සියලු පුද්ගලීකරන වැඩසටහන් අපේක්ෂිත ප්‍රතිපල ලබා නොදුන් නිසා ජනතාව අතර පෞද්ගලිකකරණය සම්බන්ධව සාධාරණ බියක් ඇත", වැනි ප්‍රකාශ ඒ වෙනුවෙන් නිදර්ශන ලෙස ඉදිරිපත් කරන්නට හැකිය. අනෙක් අතට පක්ෂයේ පැහැය රෝසපාට කරමින් පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරනයට ඉදිරිපත් කල ජවිපෙ මැතිවරන ප්‍රකාශනය අනුවද මහා ව්‍යාපාර ඉලක්ක කොට සකස් කළා මිස නිර්ධන පන්තියට විමුක්තිය සළසන සමාජවාදී සමාජ විප්ලවය සිදුකරන්නට කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෙස සලකන්නට නොහැකිය. ඊටත් වඩා ඉල ඇදෙන මාරාන්තික විහිලුව වන්නේ පක්ෂ සාමාජිකයන් නොමග යවමින් ඊට නවීන සමාජවාදය කියා නමක්ද ලබාදීමය.

ඒ පසුබිමේ මේ සෙල්ලම් විප්ලව සේනලට අප මහජන බැංකුවේ සිදුව ඇති බව කියන වංචාව පහත කාරනා මතවත් ඔප්පු කරන ලෙස අභියෝග කරන්නෙමු.

1.මහජන බැංකුව දැනට භාවිතා කරන මෘදුකාංග පද්ධතියම වැඩිදියුණු කර ඩිජිටල්කරණය සඳහා යොදාගැනීමට අදාළව ගෙන ඇති තීරණය වැරදිද?
2.ඒ සඳහා සිල්වර්ලේක් ආයතනය හැර වෙනත් ආයතනයක් යෝදාගත්තානම් මීට අඩු මුදලකට එය සිදුකර ගැනීමට අවස්ථාව තිබුණාද?
3.නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය IBM පදනමක් බවට සිල්වර්ලේක් ආයතනය කර ඇති නිර්දේශයේ ගැටළුවක් තිබේද?
4.දෘඩාංග මිලදී ගැනීම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීමට මහජන බැංකුව ටෙන්ඩර් කැඳවීමේදී පක්ෂපාතීව කටයුතු කර තිබේද? එසේනම් ඒ කෙසේද?
5. අදාල මිල ගණන් ඉදිරිපත් කරනු ලැබූ සැපයුම්කරුවා IBM විසින් නිර්දේශ කර නොමැති අයෙක්ද?
6. එම සැපයුම්කාර ආයතනය මීට පෙර බැංකුවේ මෙවැනි කටයුතු වලට සම්බන්ධවී නැතිද?
7. එම සැපයුම්කාර ආයතනය හැර ඊට අඩු මුදලකට සැපයීම් කළහැකි සමාගමක් තිබේද?
8. එවැන්නක් තිබුණා නම් ඔවුන් අදාළ කාලය තුළ ඒ සඳහා මිල ගණන් ඉදිරපත් කර නැත්තේ මොකද?
9.මහජන බැංකුව වෙනුවෙන් මෙහි තාක්ෂණික කටයුතු සඳහා සහභාගී වූ අයට ඒ සඳහා සුදුසුකම් නැතිද?
10.අදාළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදීමට එරෙහිවූ මහජන බැංකු අධ්‍යක්ෂවරයා කාගේ කව්ද?
11.ඔහුගේ ව්‍යාපාරික සබඳතා මොනවාද?
12. මෙම ටෙන්ඩර් ගනුදෙනුව සිදුවන්නට පෙර මුසම්මිල් සහ පුතා අදාළ සැපයුම්කරුවන් ඇමතීමට උත්සහකර තිබෙනවාද? එසේනම් ඒ ඇයි?

මෙවැනි ප්‍රශ්න සමුහයක් අපට මුල්‍ය මාෆියාව සමඟ නිදිවැද සිටින ජවිපෙ ඊනියා දුෂණ විරෝධීන්ට ඉදිරිපත් කරන්නට පුළුවන. ඒ නමුත් අප අභියෝග කරන්නේ හැකිනම් මේ ප්‍රශ්න පෙළටවත් උත්තර දෙන්නට ඉදිරිපත් වන ලෙසය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us