රතනගේ ජෝගිය සහ සිරිසේනගේ ජංගිය Featured

Published in පුවත්
Monday, 16 January 2017 23:01

එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි හිටි අඩියේම පාර්ලිමේන්තුව තුල ස්වාධීන වන්නේ යැයි කියමින් නටන්න හදන අලුත් ජෝගිය ජනාධිපති සිරිසේනගේ මෙහෙයවීම යටතේ සිදුවන්නක් බව පැහැදිලිවම රතන හිමි අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව තුලින් පෙන්වා දෙනු ලැබීය.

විශේෂයෙන්ම යොජිත නව ව්‍යස්ථාව මඟින් රටේ ඒකීය භාවය අහෝසි වන්නෙ යැයි කියමින් නැති යකෙකු මවමින් නව ව්‍යවස්ථාවට එරෙහි ව්‍යාපාරයකට පණ පෙවීමට සූදානම් වන්නේ ජනාධිපති සිරිසේන බලයට පත් වීමේදී දුන් අනෙක් පොරොන්දු හෝ ඉ‍ටු කර ගැනිමට නොහැකි වීමේ පජාත භාවයෙන් මිදීම සඳහා වන උපක්‍රමයක් වශයෙන් පමණක් නොවේ.

නව ව්‍යස්ථාව පරාජය කිරීමේ වුවමනාව අද වැඩියෙන්ම ඇත්තේ ජනාධිපති සිරිසේනටය. නැවත විධායක ජනාධිපතිධුරය වුවමනා කර ඇත්තේ ජනාධිපති සිරිසේනටය. ඒක කෙළින් කියන්න තරම් කොන්දක් නැති නිසා වෙන බලවේග යොදාගෙන විධායකය ආරක්ෂා කර ගැනීම ඔහුගේ උත්සහය බවට කිසිදු සැකයක් නොමැත. දැනටමත් ශ්‍රීලනීපය ඔහුව මීලඟ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කර හමාරය. ඒ පවා මාධ්‍ය වලට ලීක් කළේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු හරහාය. මේ විලි නැජ්ජ නැති වැඩක් බව ජනාධිපතිවරයා හොඳින්ම දැන සිටියත් ඔහු ඇඳගත් ගාන්ධිගේ ජංගිය හා මැන්ඩෙලාගේ ජංගිය  අනුව දේශපාලනයේදී මේ විලි නැජ්ජ නැතිකම ඔහුට තරම් නොවේ. ඒත් මේ පොලොන්නරුවේ සිරිසේනය.

ජනාධිපති සිරිසේන දැන් පරණ යහපාලන ජංගිය ගලවා ඇත. දැන් හොරු අල්ලන කතා කියන්නෙ නැත. දේශපාලන විසැඳුම් ගැන කියන්නේ නැත. දුන් පොරොන්දු පත්‍රය මතකයේ නැත...ගොවිතැනින් රට සංවර්ධනය කරගෙන දේශප්‍රේමී වී වඩ වඩා රාජපක්ෂ කරණය වීම තමන්ගේ පැවැත්මට හේතුවන්නෙ යැයි ජනාධිපති සිරිසේන දැන් උදේ හවා කල්පනා කරන සත්‍යයය. රතන හිමිලා කසකරුවන්ව පෙරට එන්නේ ඒ වෙනුවෙනි.

රතන හිමි එජාපයෙන් මන්ත්‍රීධුරය රනිල් වික්‍රමසිංහ විසින් ලබා දුන්නේ එජාපය ප්‍රතිපත්තියක් ලෙස එතෙක් ‍රැකගත් භික්ෂූන්ට මන්ත්‍රීධුර ලබා නොදිය යුතුය කියන ප්‍රතිපත්තියද කඩා දමාය. එමෙන්ම චම්පික රණවකගේ දැඩි විරෝධයද නොතකාය. එහෙත් රතන හිමි කන්න දීපු අත සපා කනවාක් මෙන් ඉන් අනතුරුව කටයුතු කළේ එජාප විරෝධි පිලෙහිය. ජනාධිපති මෛත්‍රීපාලගේ පාර්ශ්වයේ එජාප විරෝධි මතය වෙනුවෙන් රතන හිමි පෙනී සිටියේය. එමෙන්ම ජනාධිපතිවරයාගේ ' වස විස නැති ආහාර' ව්‍යාපෘතියේ ඒ මෙහෙය වන්නා වූයේද රතන හිමිය. එහෙත් එම ව්‍යාපෘතිය අද කෝටි ගනනක මුදල් නැති බංගස්ථාන කරමින් මුලුමනින්ම අසාර්ථක වී ඇත. ඒ අනුව යන එන මන් නැතිව සිටි රතන හිමිට ජනාධිපතිවරයා විසින් අලුත් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යස්ථා ජෝගිය ආරම්බ කරන්නට ඉඩ සලසා තිබේ. මේ පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව සිදුවන කටයුත්තකි.

හෙට අනිද්දාට කිලී මහරාජාගේ සිරස රුපවාහිනිය රතන හිමිව උස්සාගෙන රට වටේද යනු ඇත. ටිරාන් අලස්ගේ මව්බිම පුවත් පතද රතන හිමිට පි‍ටු ගනන් වෙන් කරනු ද ඇත. ඒ රනිල්ටත් ගහල චම්පිකටත් ගහලා රටත් මේ කුණු ගඳ ගහන නරා වළේම තබා ගැනීම මේ තක්කඩියන්ගේ අරමුණ නිසාය. චම්පිකට ගහන එකට රතන හිමිත් කැමැතිය. ඒ දෙන්නාගේ විරසකය පහුගිය ජනාධිපතිවරණයටත් පෙර එකකි. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති සිරිසේන හා එක් කිරීමේ ව්‍යාපෘතියටද මේ සියලු පාර්ශ්ව ඉහලින්ම කැමතිය. පසුගිය කාලයේ රතන හිමිද සිටියේ ගෝඨාව මෛත්‍රී පාර්ශ්වයට එක් කර ගැනීමේ රහසිගත මෙහෙයුමකය.

ඒ අනුව මේ දියත් වන්නෙ පට්ට පජාත දේශපාලන කුමන්ත්‍රණයකි. රතන හිමිගේ ස්වාධීන කතාව පට්ට පල් බොරුවකි. මේ ජනාධිපති සිරිසේන ගේ අලුත් ජංගියට මල් මල් රේන්ද ඇල්ලීමට ගන්නා උත්සාහයක් විනා වෙනකක් නොවේ.

Last modified on Monday, 16 January 2017 23:08

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us