විධායකය අහොසි කිරීමේ ජනමත විචාරණය: ජවිපෙ සහය ආණ්ඩුවට !

Published in පුවත්
Wednesday, 03 May 2017 15:30

විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනට අවතීර්ණය වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.


'..2015 ජනවාරි 08 වැනිදා රනිල්-මෛත්‍රී රට හමුවේ තැබූ ප‍්‍රධාන පොරොන්දුවක් වන්නේ ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුවයි. මෛත්‍රීපාල සිරිසේනගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේදීත් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේදීත් පාර්ලිමේන්තුවේ ප‍්‍රථම කථාවේදීත් සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේදීත් සපථ කරමින් කිව්වේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැනයි. 19වෙනි ව්‍යාවස්ථා සංශෝධනය මගින් සිදු කළේ පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක් ලබාගනිමින් විධායක ජනාධිපති ක‍්‍රමයේ සිදුකළ හැකි සංශෝධන පමණයි. නමුත් ඔහුට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටයි. එමනිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී අවතීර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ලෙස හෝ සංශෝධනයක් ලෙස හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නව ඡන්ද ක‍්‍රමයක් සකස් කිරීම සහ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථානුකූල රැකවරණයක් ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි. ඒ නිසා අපි මේ වනවිටත් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, කොමියුනිස්ට් පක්ෂය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකොට තිබෙනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මොකද ඔහු ලබාදුන් එකඟතාවයට මේ වනවිට වසර දෙකක් ගතවී හමාරයි. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සහ ජනමත විචාරණයකට යෑම යන කඩඉම් තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් එකඟකර ගත හැකි සියලු පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කළ යුතුව තිබෙනවා...'

ජවිපෙ විධායක ජනාධිපතිධුරය අහොසි කිරීමේ වෙනුවෙන් පෙනී සිටීම හා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සහය දැක්වීම හා ඒ වෙනුවෙන් වන ජනමත විචාරණයට සහය දැක්වීම අගේ කළ යුතුය. එහෙත් ගැටලුව වන්නේ පවතින ව්‍යස්ථාවේ විධායක ජනාධිපතිධුරය පමණක් අහොසි කිරීම කළ නොහැකි බැවිනි. මන්ද 'බලය' එම තනතුර හා කේන්ද්‍රව පැවැතීම විසුරුවා හැරීම විය යුතු අතර ඒ අනුව පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභා සඳහාද බලය බෙදා හැරීම විය යුතුව තිබෙන බැවිනි.

විධායකය බලය අහොසි වීමෙන් පළාත් සභා ආණ්ඩුකාරවරු සතු බලයද නිරායාසයෙන්ම අහොසි වීමක් සිදුවේ. ඒ අනුව පළාත් සභාවට ඒ බලය පැවරෙනු ඇත. ඊට ගැලපෙන ලෙස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්ද සිදු වීම අනිවාර්ය වන නමුත් ඒ බලය බෙදා හැරීම ලෙස අර්ථකතනය වනුද ඇත. එම තත්වය හමුව ජවිපෙ ස්ථාවරය බලය බෙදා හැරීමේ දිශාවට කෙතරම් නම්‍යශීලී වනු ඇතිද යන්න පෙන්නුම් කරනු ඇත. එසේම ඒ අනුව විධායක ජනාධිපතිධුරයේ බලතල කප්පාදුවට සීමාවන් ද ජවිපෙන් ඉදිරිපත් විය හැකිය. නමුත් එම සීමාවන් හී ‍රැඳී සිටිම ජවිපෙ දේශපාලන අනාගතය කෙරෙහි අයහපත් ලෙස බලපානු ඇත. මන්ද තව දුරටත් සිංහල බෞද්ධ වර්ගවාදය පෝෂණය කරන මහින්දවාදීන් හා එක පෙලට සිට ගැනීමට සිදුවනු ඇති බැවිනි. මේ නිසා වඩා නවීකාරක ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් වෙත ජවිපෙට එළඹීමට සිදු වනු ඇත. ඒ මෙරට ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් පියවරක් ද වනු ඇත.

ඒ කෙසේ වෙතත් සමාජවාදී සමාජ ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ පවතින ධනේශ්වර පාලන ක්‍රමවේදයකට පැලැස්තර විසැඳුම් ඉදිරිපත් කිරීමට යොමු වීම ඔවුන්ගේ දේශපාලන බංකොලොත් භාවය ප්‍රකට කරන්නක් බවට දේශපාලන විවේචන ගනනාවක් තිබුණද ජවිපෙ විසින් කාලයෙන් කාලයට ඉදිරිපත් කරන සටන් පාඨ හා ක්‍රියා මාර්ග විසින් මෙරට ධනේශ්වර සමාජ ආර්ථික ක්‍රමය අර්බුදයට නොයා තව දුරටත් සුරක්ෂිත වීම කෙරෙහි බලපවත්වා ඇති බව පැහැදිලි සත්‍යයකි. වත්මන් යහපාලන ආණ්ඩුවටද එම සහය දැඩිව හිමිව තිබේ.

එම තත්වයන් කොහොම වෙතත් විධායක ජනාධිපතිධුරය අහොසි කිරීමට හැකි වුවහොත් ඒ සම්බන්ධයෙන් මෛත්‍රී රනිල් ඉතිහාසයේ වීරයන් වීම සිදු වනුද ඇත. එහීදී ජවිපෙ ගැන නොකියවෙනු ද ඇත. උතුරු නැගෙනහිර යුද්ධය සම්බන්ධයෙන්ද මෙරට ජාතිවාදය පෝෂණය කර රට යුධ මානසිකත්වයකට ගෙන එමට හා අවසානයේදී බර අවි යොදා සමූල සංහාරයක් කරන ලෙසට පැවැති රාජපක්ෂ පාලනය පොළඹවමින් ජවිපෙ ඊට බරපතල මැදිහත් වීමක් සිදු කළද යුධ වීරයන් වූයේ වෙන කවුරුත්ය.

මේ නිසා ජවිපෙ ඒ ඒ මොහොතේ ‍තෝරන දේශපාලනය, එම පක්ෂයේ මතවාදීව හා පිරිස් බලයෙන් කඩා වැටීමට හේතු වී ඇති බවත් කිව යුතුය. විධායක ජනාධිපතිධුරය අහොසි කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට සහය දැක්වීමත් අවසානයේදී ජවිපෙ සමාජ විප්ලවයක් වෙනුවෙන් පෙනී සිටින විප්ලවාදී පක්ෂයක් ලෙස තව දුරටත් කඩා වැටීම සිදු විය හැකිය.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us