රේ.අබේවර්ධන පත්කිරීම නරියට කුකුල්ලු බාර දුන්නා වාගේ වෙයිද ?

Published in පුවත්
Friday, 05 May 2017 17:06

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සභාපතිවරයා ලෙස එම වෙළඳපොළ හා ගනු දෙනු කරන පෞද්ගලික තැරව්කාර සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු වන මොහාන් රේ අබේවර්ධන මහතා පත්කිරීම වැරදි පුර්වාදර්ශයක් බවට චෝදනා නැගෙමින් තිබේ. රේ අබේවර්ධන මහතා ද (05) සිට එම තනතුරෙහි කටයුතු කරයි.

රේ අබේවර්ධන මහතා මේ වන විටත් කොළඹ කොටස් වෙළඳපොල යටතේ නියාමනය වන තවත් එක් තැරුව්කාර සමාගමක් වන ඇක්‍යුටි තැරුව්කාර පුද්ගලික සමාගමේ (Acuity Stockbrokers (Pvt) Ltd) කළමනාකර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරයි. එමෙන්ම කොළඹ කොටස් වෙළඳපොල විසින් වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නියාමනය, රෙගුලාසිකරණය, සංස්ථාපිත ලැයිස්තුගත සමාගම් අතර ප්‍රමිතීන් හඳුන්වාදීම හා පවත්වාගෙනයාම සහ ආයෝජකයින්ට අවශ්‍ය මාර්ගෝපදේශ සහ දැනුම්වත්භාවය ලබාදීම සිදුකරන පසුබිමක රේ අබේවර්ධන මහතා එහි සභාපතිධුරයට පත්කිරීම ගැටළු රාශියක් මතුකරන්නකි. ප්‍රධානම ගැටලුව වන්නේ conflict of interest තත්ත්වයක් මතුවීමය. එම ධුරය භාවිතාකොට ඔහුට තමන්ට සම්බන්ධයක් තිබෙන සමාගමට වාසිදායක වන ලෙස කටයුතු කිරීමේ හැකියාව ලැබේ. එසේම තමන්ට සම්බන්ධයක් තිබෙන සමාගමට සිදුවිය හැකි අවාසි වලක්වා ගැනිමේ හැකියාවද ඔහු සතුය. මෙය කොටස් වෙළඳපොල හැසිරීමේ ස්වාධීනත්වයට බාධාවක් වන්නා සේම එහි විශ්වසනීයත්වය තහවුරුවීමට බාධාවක් වේ.

මෙම පත්කිරීම යහපාලන මුලධර්ම (Good governance) සහ සාංගමික පාලන (corporate governance) මුලධර්ම වලට කොතරම් වලංගුද යන්න රජය පැහැදිළි කළයුතු බවත් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දෙති.

තවද කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ක්‍රියාකාරීත්වය තුළ බාහිර පාර්ශ්වයන් සමඟ පවත්වන සම්බන්ධතා ඉතා වැදගත් ස්ථානයක් ගන්නා බවත් ගනුදෙනුකරුවන්, හිමිකරුවන් එනම් සමාගම්,සංස්ථා,ඒකක භාර, වාණිජ බැංකු,ආයෝජන බැංකු,අරමුදල් කළමනාකරුවන්, කොටස් තැරැව්කාර ආයතන, මුල්‍ය උපදේශකවරුන්, වෙළෙඳපොළ දත්ත විකිණුම්කරුවන් සහ ආයෝජකයින් ආදී සියලු පාර්ශ්ව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සමඟ සබඳතා පවත්වන පසුබිමේ නියාමනයක් සිදුකිරීමට ස්ථාපිත කර ඇති ආයතනයේ සභාපති, නියාමනය වන සමාගමක ප්‍රධානියෙක්වීම බරපතල ගැටළුවක් බවද ඔවුන් පෙන්වාදෙති.

සුරැකුම්පත් සහ විනිමය කොමිසමට මෙන්ම කොළඹ කොටස් වෙළඳපොළට මේ ආකාරයේ පත්කිරීම් සිදුකිරීම තුළ නැවතත් මහ බැංකු බැඳුම්කර සිදුවීම වැනි ගැටළු මතුවීමේ අවධානමක්ද ඇති බවත් එසේම ආයෝජන විශ්වාසය හා අවංක වෙළෙඳපොළක් සඳහා සමබර නියාමනකරණයක් තහවුරු නොවීම තුළ සමාගම් අධෛර්යමත්වීම, ක්‍රියාකාරී ආයෝජකයන්ගේ සංඛ්‍යාව පහත වැටීම වැනි අනර්ථයන්ට මුහුණදීමට කොටස් වෙළඳපොළට සිදුවනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසති.

රේ අබේවර්ධන මහතා, කළමනාකර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන ඇක්විටි තැරුව්කාර පුද්ගලික සමාගම කොළඹ කොටස් වෙළඳපොල නිල වෙබ් අඩවියේ ( www.cse.lk) හී අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන තැරැව්කාර ආයතන වර්ගීකරණය යටතේ දක්වා ඇති අතර ඔහු ඇක්විටි තැරුව්කාර පුද්ගලික සමාගමේ කළමනාකර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන බව එම සමාගමේ www.acuity.lk වෙබ් අඩවියේද සඳහන්ව ඇත. ඇක්විටි තැරුව්කාර පුද්ගලික සමාගම DFCC සහ HNB යන මුල්‍ය සමාගම් වල සම හවුල්කාරීත්වය යටතේ ස්ථාපිත පුද්ගලික තැරුව්කාර සමාගමකි.

2013 වසරේදී තැරව්කරුවන්ගේ සංගමයේ සභපතිව සිටි රේ අබේවර්ධන මහතා කොටස් වෙලඳපොළ  අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය.  කොටස් වෙළඳපොල ඉතිහාසය හා සසඳා බලද්දී  කොටස් වෙළඳපොල අකටයුතුකම් බහුලව සිදුවූ යුගයක් ලෙස  රාජපක්ෂ පාලන සමය හැඳින්විය හැකිය. ඒ සමයෙහි රාජපක්ෂ  හිතවාදී තැරව්කාර සමාගම් කරුවන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට කොටස් වෙළඳපොළ  හසුව  තිබිණි.

acuity 1

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us