මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් නමින් සිදුවන්නේ මිනිස් ජාවාරමක් - බොබසේ

Published in පුවත්
Monday, 08 May 2017 19:45

මෙරට ට සංක්‍රමණය වූ මියන්මාර රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය නිකුත් කළ නිවේදනය

වසර ගණනාවක් තිස්සේ බංග්ලාදේශයේ සිට මියන්මාරයට සංක්‍රමණය වෙමින් එහි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරමින් ආරම්භ කරන ලද ඉස්ලාම්කරණය තුල නිර්මාණය වී ඇති ගැටුම් අද ජාත්‍යන්තර මාධ්‍ය විසින් බෞද්ධයින් ත්‍රස්තවාදීන් කරනු ලබන බෞද්ධ විරොධී ප්‍රචාරණයක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ඉතිහාසය අමතක කරමින්, සත්‍ය විකෘතිකරමින් සිදුවන මෙම ව්‍යාපාරය ලෝක ඉස්ලාමකරණයේ නව ස්වරුපයයි. මාධ්‍ය , රාජ්‍ය නොවන සංවිධාන පවා මෙම බෞද්ධ විරොධී ප්‍රචාරණයේ යෙදෙමින් ජාත්‍යන්තර සරණාගත නීති නම්වූ මෙවලම යොදා ගනිමින් සුවසේ ලෝක ඉස්ලාමකරණය ක්‍රියාත්මක කිරීමටත්, මිනිස් ජාවාරම් කිරීමටත් කටයුතු කරන බව පැහැදිලිය.

අසරණයින්ට සරණ වීම බෞද්ධ ප්‍රතිපත්තියකි. ඒ ගැන අපට ආගම් හෝ ජාති බේදයෙන් අපට එකඟ විය හැක. පසුගියදා උතුරේදී අත්අඩංගුවට පත් පසුව උසාවියට ඉදිරිපත් කරන ලද මියන්මාර රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ලෙස කියා පාන පිරිස පිලිබඳ අපට ගැටළු කිහිපයක් ඇත.

1) නැගෙනහිර මහ ඇමතිවරයා ගේ ප්‍රකාශය... නැගෙනහිර පළාතේ බෞද්ධයන්ගේ පාරම්පරික භුමි වල පන්සල් සැදීමට පවා එරෙහිවන මොහු , නැගෙනහිර සිංහල බෞද්ධයින් සරණාගතයින් කරනු ලබන මොහු විසින් කිසිදු තොරතුරු විමසීමක් නොකොට මොවුන් ආරක්ෂා කිරීමට ජාතිවාදීව , ආගම්වාදීව ප්‍රකාශ නිකුත් කිරීමය.

2) මෙරට මුස්ලිම් නායකයින් මෙන්ම සමහර ජාත්‍යන්තර මාධ්‍ය විසින් බොදු බල සේනා ප්‍රමුඛ අපව ඉලක්ක කර ලෝකය පුරා පතුරවා ඇත්තේ මෙරට මුස්ලිමුන්ට ජීවත්විමට අහිතකර , බෞද්ධයින්ගේ හිංසනයට ලක්වන තැනක් ලෙසය. මේ අසත්‍යය නිසා ජාත්‍යන්තර ආධාර ලබා ගන්නා මුස්ලිම් නායකයින්
අපේ රට , බෞද්ධයින්ගේ රට මුස්ලිම් සරණාගතයින් එවීම පිණිස ගමනාන්තයක් කිරීම දෛවයේ සරදමකි.

3)මෙම පිරිස හදිසි ගැටුමක් නිසා මියන්මාරයෙන් පලා ආ පිරිසක් නොවන බව අපට දැනගන්නට ඇත. බංග්ලාදේශයේ සිට ඉන්දියාවට පලා ඇවිත් ඉන්දියාවේ වසර 4 ක් පමණ ජිවත් වී මිනිස් ජාවාරමක් ලෙස නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වූ මේ පිරිස ගෙන්වා ඇත්තේ අපේ රටේ මන්නාරම ආසන්න විලපත්තුව හෝ මඩකලපුව ප්‍රදේශය ඉලක්ක කර හෝ ඔස්ට්‍රේලියාව වැනි වෙනත් රටකට යැවීමට පැහැදිලිය.

4) මේ වන විට ඉන්දියාව තුල මෙවැනි පිරිස් 14,000 කට අධික පිරිසක් මේ තත්වය අපේක්ෂාවෙන් කදවුරු බැඳ ඇත. ඔවුන් මෙම මිනිස් ජාවාරමේ හෝ ලෝක ඉස්ලාමකරණයේ ඒජන්තයින් වනු ඇත.

5) මේ පිරිස ආරක්ෂක අංශ වලට අසු නොවුනා නම් සිදු විය හැකි දේ ඉතා පැහැදිලිය. මන්නාරමේ හෝ නැගෙනහිර වන විනාශය කරමින් ඉදි කල මුස්ලිම් කොලනිවල අපේ රටේ පුරවැසියන් ලෙස මේ වන විටත් ලියාපදිංචි වී හමාරය..

6) පසුගිය වසර කිහිපය තුල මෙවැනි පිරිස් මෙරට පදිංච කර ඇති බවට අපට සැකය

7) මුස්ලිම් රටක් වන සෞදි අරාබිය මෙවැනි සරණාගතයින් ප්‍රතික්ෂේප කරන විට ඔවුන්ගේ මෙරට නියෝජිතයින් කිබුලු කඳුළු සැලීම විහිළුවකි

8) මෙසේ හදිසියේ තොරතුරු නොදැන නැගෙනහිර මහා ඇමතිවරයා පෙනී සිටීමෙන් පෙනී යන්නේ මොහු මේ මනිස් ජාවාරම සමග සම්බන්ද බවය . මෙම ජාවාරම පිලිබඳ බුද්ධි අංශ වහා සොයා බල ක්‍රියාත්මක විය යුතුය.

9) මෙලෙස පැමිණෙන පිරිස් ප්‍රතික්ෂේප කිරීමට සෞදි අරාබිය හෝ ඔස්ට්‍රේලියාව අද කරන ක්‍රියාමාර්ග ගැනීමට රජය වහා කටයුතු කල යුතුය. එතෙක් මෙම පිරිස් ඔස්ට්‍රේලියාව මෙන් යම් දුපතක ආරක්ෂා සහිතව තාවකාලිකව තැබිය යුතුය. පසුගිය දා පකිස්ථානයෙන් පැන ආ මීගමුවේ සිටින .1500 කට අධික පිරිස ගැන වහාම සොයා බැලිය යුතුය

10) මේ පිලිබඳ රට පුරා ආරක්ෂක මෙහෙයුම් විශේෂයෙන් විලපත්තු ප්‍රදේශයේ සොයා බැලීම් කල යුතුය, අපේ රටේ දේශ සිමා වන මුහුදු තීරයට වඩා හොදින් සොයා බැලීමට නාවුක ප්‍රමුඛ ආරක්ෂක අංශ පුළුල්ව ක්‍රියාන්විත වල යෙදවිය යුතුය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us