ගඟේ ගහගෙන යන මිනිහාට, පොලිස් පැමිණිලි දාලා ආධාර ඉල්ල ගන්නලු

Published in පුවත්
Tuesday, 30 May 2017 12:05

මාතර ප්‍රදේශයේ ගංවතුර සහ නායයාම් වලින් විපතට පත්වූ ජනතාවට # අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවී ලිපියක් ලබාගත යුතු ය. # අදාළ බල ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශයේ පැමිණිල්ලක් දැමිය යුතු ය. යනුවෙන් කොන්දේසි ඉදිරිපත් කර ඇති බව මාතර ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අපදාවට ලක්ව සිටින පිරිසට දැනුම් දී තිබෙන බව එම ප්‍රදේශවාසීන් දන්වා සිටී.

රාජ්‍ය අංශය මැදිහත්වී ආධාර කරන විට ඒ සඳහා විධිමත් සහ පාරදෘශ්‍ය වැඩපිළිවෙලක් තිබිය යුතු බව ඇත්තය. ඒ ගැන වාදයක්ද නැත. නමුත් ගැටළුව වන්නේ මේ ජනතාව මේ මොහොතේ පත්ව ඇති අති දුෂ්කරතාව නොසළකා ඉදිරිපත් කරන කොන්දේසිය.

මිනිසුන්ට රාජ්‍ය අංශය දෙස බලා වේලක් කන්න නොහිතෙන තරමට මේ යෝජනා, කොන්දේසි අප්‍රසන්නය. අති අමානුෂිකය.

සීතල කාමරවල සිට තීන්දු තීරණ ගන්නා සුදු කරපටි රස්සා කවදත් අප වැනි රටවල කටයුතු කරන්නේ එසේය. මන්ද ඔවුන් මහජන සේවය පිණිස රාජ්‍ය සේවයේ වැටුප් ලැබුවත් නොසිතන්නේම මහජන සුභ සිද්ධිය ගැනය. මන්ද ඔවුන් මහජන සේවය පිණිස කියාගෙන (රාජ්‍ය සේවකයින් සේවය කරන්නේ මහජනතාවට කියන ගොබ්බ අදහසේ අප නැත) ජනතා බදු මුදලින් රාජ්‍ය සේවයේ වැටුප් ලැබුවත් නොසිතන්නේම මහජන සුභ සිද්ධිය ගැනය. ඔවුන්ට මඟ පෙන්වන්නට ඉන්නා මාර ජනතා පුත්‍රයින් කියාගන්නා උදවියද එසේමය.

එහෙයින් මහත්වරුණි, රටම ව්‍යසනයකට පත්ව ඇති මොහොතේ ඔය අම්බරු තීරණ වෙනුවට, රාජ්‍ය සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් යොදවා විපතට පත් පාර්ශව සම්බන්ධව ලැයිස්තු සකස්කළ නොහැකිද? එසේම තක්සේරු නිලධාරීන් ඒ පෙදෙස් වෙත යවා නිවැරදි තක්සේරුවක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අකැපද? කරුණාකර මේ මිනිසුන් සිටින සහ ඔවුන් මුහුණදී ඇති අභාවාචී ඉරණම දෙස මානුෂීයව බලන්න. ඔවුන් පොලිසි වලට කැඳවන්නේ තම නැතිවූ ඥාතීන්ගේ අවසන් කටයුතු කරන්නටත් පෙරද? ඔවුන්ට අඳින්නට වස්ත්‍රයක්, බොන්න වතුර ටිකක් හෝ අවම ජීවන පහසුකම්ද නැති වග ඔබලා නොදන්නවාද? එසේම ජීවිත කාලයක් පුරා ඉපයූ දේ විනාශව ගිය කළ ඒ මානසිකත්වය ගැන ඔබලාට මානුෂීය අදහසක් නැද්ද? එහෙයින් මීට වඩා මානුෂීය සහ දියුණු යාන්ත්‍රණයක් සකස්කර මේ මිනිසුන්ව නැවත සිය සුපුරුදු ජීවිත වලට එක්කළ යුතුව ඇත.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us