යහපාලන ආරක්ෂක ලේකම් මහ කම්මැලියෙක්...ලු !

Published in පුවත්
Tuesday, 06 June 2017 23:53

යහපාලන රජය බලයට පැමිණීමෙන් පසුව ආරක්ෂක හමුදාවන්ට ලබා දි තිබු ඇතැම් වරප්‍රසාද අහිමි කිරීමත් පසුව ජනාධිපතිවරයා විසින් එම ඇතැම් වරප්‍රසාද යළි ලබා දිමට කටයුතු කර තිබියදීත් ආරක්ෂක ලේකම් වරයා ඒ නොතකා හැරීම සම්බන්ධයෙන් වගකීමක් රහිත චෝදනා පත්‍රයක් අප වෙත ලැබී තිබේ.

විශේෂයෙන්ම අරක්ෂක හමුදා ඉංජිනේරුවන් සම්බන්ධයෙන් වන ගැටලු කිහිපයක් කෙරෙහි මෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

ඒ අනුව, මෙම චෝදනා පත්‍රයෙහි

" යහපාලන රජය බලයට පැමිණි විගස රජයේ නිලධාරීන්ට වසර හයකට වරක් ගත හැකිව තිබු තිරු බදු රහිත වාහන බලපත්‍රය අත්හිටුවන ලදී. පසුව එය වාර දෙකක උපරිමයකට යටත් කර සීමා කරන ලදී. කෙසේ වෙතත් රජයේ ඇමතිවරුන් සඳහා කෝටි ගණන් තීරු බදු රහිත වාහන ගෙන්වන ආණ්ඩුව රජයේ නිලධාරීන්ට ලබාදෙන සුළු වරප්‍රසාදයන් පවා අකාරුණික ලෙස අත්හිටුවයි.

මෙම රජය දෙවනුව කළේ රජයේ ඉංජිනේරුවන්ට මාසිකව ගෙවනු ලබන රු. 15000.00 දීමනාව ත්‍රිවිද හමුදා ඉංජිනේරු නිලධාරීන්ට පමණක් අත්හිටුවීම යි. මේ සඳහා ඔවුන් යොදාගත් තර්කය වන්නේ අදාල නිලධාරීන් ට IESL ( ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය) හි සාමාජිකත්වය නොමැති වීම යන සාධකයයි. කෙසේ වෙතත් මෙම නිලධාරීන් යුද සමයේ තත්වයෙන් අනූන සන්නාහ සන්නද්ධ රථ, ගුවන් යානා හා නාවික යාත්‍රා ක්‍රියාත්මක කිරීමේදී එම වික්‍රමයන් කිරිමේදී අදාල IESL සහතිකය තිබේදැයි කිසිවකු විමසුවේ නැත. IESL යනු රජයේ ආයතනයක් නොවන අතර එම ආයතනයේ සාමාජිකත්වය නොගත් විශාල ඉංජිනේරු නිලධාරීන් පිරිසක් ත්‍රිවිද හමුදා වල සේවය කරමින් පවතී. මෙම සහතිකය නොමැති ඉංජිනේරු නිලධාරීන්ගේ 15000.00 දීමනා ව අත්හිටුවීම 2016 ඔක්තෝබර් 24 දිනැති DMS/0001/Vol-II ලිපිය මගින් දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධව දැනුවත් වූ ඇති ගරු ජනාධිපති ගේ උපදෙස් පරිදි අදාල ලිපිය අත්හිටුවන ලෙස අධ්‍යක්ෂ ජෙනරාල් එච්.ඒ. සුමනසිංහ විසින් අත්සන් කළ 2017 මාර්තු 28 දිනැති DMS/0001/Vol-II දරණ ලිපිය මගින් දන්වා ඇත. ඉංජිනේරු නිලධාරීන්ගේ දීමනාව අත්හිටුවීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේකම්, එම ලිපිය අහෝසි කළ පසු එම දීමනාව නැවත ලබා දීමට මේ වන තෙක් ක්‍රියාකර නොමැත.

ආරක්ෂක ලේකම් විසින් මෙම ලිපිය ත්‍රිවිධ හමුදා වෙත යොමුකළ යුතු වුවත් ඔහු විසින් එම සරළ කාර්ය පවා ඉටු කොට නැත. ඔහුගේ ස්වභාවය දන්නා යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් ජනාධිපතිවරයා ගේ ලිපිය තමන්ට සෘජුවම යොමු වී නැතත් එයට අනුව ගෙවීම් කරයි.

එහෙත් නාවික හමුදා ඉංජිනේරු නිලධාරීන්ට මේ වන තෙක් මෙම දීමනාව ලැබෙන්නේ නැත. වෘත්තීය ඉංජිනේරුවකු හා අලස නිලධාරියකු වන වර්තමාන ආරක්ෂක ලේකම් IESL සාමාජිකයකු වූවත් කිසිඳු හැකියාවක් නැති පුහු අහංකාරය ඔලුවේ රඳවාගෙන, හමුදා නිලධාරීන්ට මේ ලෙස පිඩාවට පත් කිරීම සිදු කරයි. අති ගරු ජනාධිපතිවරයාගේ නියෝග උපදෙස් පවා නොතකා ක්‍රියා කරන මෙම නිලධාරියා ගේ ක්‍රියා හමුදා නිලධාරීන්ගේ මානසික මට්ටම ඉතා පහත මට්ටමකට පත් කොට ඇත.

එමෙන්ම විදෙස් සංචාර සඳහා හමුදා නිලධාරීන්ට ලබා දුන් ගෙවීම් ඉතා දැඩි ලෙස කප්පාදු කිරීමට මෙම රජය කටයුතු කර ඇත. නමුත් මෙම යහපාලන රජය 2017 මාර්තු 29 දිනැති කලමනාකරණ සේවා චක්‍රලේඛ: 02 2017 දරන ලිපිය මගින් එම දීමනා බරපතල කප්පාදුවකට ලක්කර ඇති අතර මෙම නිසා මුලික අවශ්‍යතා පවා ඉටුකර ගැනීමට නොහැකි වේ දැයි බියෙන් දක්ෂ හමුදා නිලධාරීන් විදෙස් පාඨමාලා සඳහා සහබාගි නොවීමට තීරණය කොට ඇත. මෙය ත්‍රිවිධ හමුදාවේ පුහුණුව සහ ගුණාත්මක වර්ධනයට විශාල බාධාවක් වී ඇත.

මෙවන් කෙනෙහිලිකම් මධ්‍යයේ වුවද ආරක්ෂක හමුදා නිලධාරීන් වර්ජනයේ යෙදෙන්නේ නැත. අනෙක් වෘත්තීකයන් මෙන් හමුදා නිලධාරීන් වර්ජනයේ යෙදුනේ නම් ගං වතුර උවදුර වැනි අවස්ථා වල වීර වික්‍රමාන්විත සේවයක් ඉටුවන්නේ ද නැත.

කෙසේ වෙතත් පුහු අහංකාරයෙන් හෙබි ආරක්ෂක ලේකම් වැනි නිලධාරීන් නිසා යහපාලනය හමුදා නිලධාරීන්ට වහපාලනයක් වී ප්‍රතිවිපාක විඳින්නට වන දිනය වැඩි ඈතක නොවනු ඇත."

යනුවෙන් සඳහන් කොට ඇත.

මෙම චෝදනා ගොනු කරනු ලබන්නේ කවරෙකු වූවත් එහි සත්‍යතාවයක් තිබේ නම් ඒ සොයා බලා නිවැරදි කිරීමේ වගකීම ආණ්ඩුවේ වගකීමකි. ඒ අර්ථයෙන් මේ අප විසින් ප්‍රසිද්ධ කිරිම කරමු.

Last modified on Wednesday, 07 June 2017 00:01

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us