නවගමුවේ විහාරාධිපති, පිංකැට සල්ලි කෝටි 10 ක් පොලියට දිලා..පොලියට ගත්තු එකා චුත වෙලා..

Published in පුවත්
Sunday, 25 June 2017 17:59

රුපියල් කෝටි ගනනක  බරපතල මුල්‍ය වංචාවක් සිදුකළ කඩුවෙල ප්‍රදේශයේ වාහන ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ අතර තුරදී නවගමුවේ ප්‍රසිද්ධ විහාරාධිපතිවහන්සේ නමක් ද ඔහුට රුපියල් කෝටි දහයාමාරක පමණ මුදල් පොලියට දී ඇති බව හෙළිව තිබේ. මේ අතර එම විහාරස්ථානය ඇසුරෙම පවතින ප්‍රසිද්ධ දේවාලයක කපු මහතකුද මෙම පුද්ගලයාට රුපියල් කෝටි 4 ක මුදලක් පොලියට ලබා දීම සිදු කොට ඇත. වැඩි තන්හාවට ගොස් පිංකැට වලට එකතුවන මුදල් පොලියට දුන්නද ඒ මුදල තබා පොලී මුදලවත් මොවුන්ට ආපසු ලැබී නැත. පොලියට ගත් ව්‍යාපාරිකයා හෝ ඒ පවුලෙ කිසිවකුත් දැන් මේ රටේවත් නැත.

ඒ කෙසේ නමුත් පිං බලාපොරොත්තුවෙන් නැත්නම් යම් වාසියක් යහපතක් බලාපොරොත්තුවෙන් පන්සලට දේවාලයට බැති සිතින් පූජා කරනු ලබන මුදල්, පිං කැට පුරවන මුදල් මෙලෙස පොලියට දී වැඩි ආදායම් උපයා ගැනීමට යෑමේ තන්හාධිකකමේ පළවිපාක ගැන බැතිමතුන්ට හොඳ පාඩක් උගන්වා තිබේ.

ප්‍රසිද්ධ විහාරස්ථාන වල පිංකැට පිරවෙන තරමට බෞද්ධ භික්ෂුවද අයාලේ යෑම වේගවත් කර තිබෙන බවට ඕනැතරම් උදාහරණ තිබෙන අතර බහුතරයක් භික්ෂූන් වහන්සේලා චීවරයේ ගෞරවයද කෙලසමින් විලිලැජ්ජා විරහිතව කටයුතු කරමින්ද තිබේ. තැබැරුම් සහිත විහාරස්ථානද අන්තප්පුර පවත්වාගෙන යන විහාරස්ථානද වෙනත් නානාප්‍රකාර ජාවාරම් සිදු කෙරෙමින් පවතින විහාරස්ථාද ඕනෑ තරම් තිබේ.

චීවරයට මුවා වී ඕනෑම කෂඩ වැඩක් සිදු කර බේරී සිටිමට හැකි යැයි කල්පනා කරමින් කටයුතු කිරීමට ඉඩක්, මෙරට බෞද්ධ සමාජයෙන්ද රජයෙන්ද ලැබී තිබීම මත මේවා බෞද්ධ සාසනයේ වගකිව යුත්තන් විසින්ද එතරම් බරපතල දේවල් ලෙස ගනන් ගන්නෙ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු යැයි කෑමොර දෙන බහුතරයක් භික්ෂුන්ගේ වත ගොත සොයා බැලුව හොත් ඔවුන් සීලයන් රකින වුන් බව හඳුගැනීමේ ලක්ෂණද හමු නොවේ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබ දිය යුතු යැයි කියන සටනෙ පි‍ටුපස ඇත්තේද  තක්කඩිකම මිස වෙනකක් නොවේ. තමන්ට නැති සිවිල් බලයක් ආරෝපනය කර ගත හැකිනම් ඒ නීතියට පිටින් ගොස් කටයුතු කිරීම හැකියාවක් බව නොරහසකි. චීවරය නිසා පමණක් භික්ෂුවක් ලෙස හැඳින්විය හැකි තකකඩියන්ට අද උදක්ම අවශ්‍යව ඇත්තේ එයය. 'බුද්ධාගමට ප්‍රමුඛස්ථානය' නැමැති ලයිසන් එක ඔවුනට පැවැත්ම උදෙසා අවශ්‍යය. ඥානසාරලාගේ සිට මහනායක හිමිවරුන් දක්වා ඒ වුවමනාව අඩු වැඩි වශයෙන් තිබේ. ඒ ඉතා පැහැදිලිය. මහනායක හිමිවරු කට අරින විටම බෙන්ස් රථ කටට වැටෙන බව පසුගිය කාලය පුර ඔප්පු කෙරුනු කරුණකි. වත්මන් තත්වයන්ද ඊට වෙනස් වන්නට හේතුවක් නැත. මන්ද මැතකදී මහා සංඝ සංගායනවක් සිදුව නොමැති බැවිනි.

මේ කෙසේ වෙතත් නවගමුව විහාරාධීපතීන් වහන්සේට වු හරිය එම විහාරස්ථානයට දේවාලයට එකතු වන මහා ධනස්කන්දය අනුව එතරම් බරපතල නොවේ. ඒ පාඩුව දින කිහිපයකින් පියවා ගැත හැක. එහෙත් මේ වාහන ව්‍යාපාරිකය ගේ ‍රැවටීම් බහට ලක්වී අමාරුවේ වැ‍ටුනු තවත් ව්‍යාපාරිකයන් ‍රැසක් සිටිති.

කඩුවෙල එන්ටප්‍රයිසස් නමින් ආයතනයක් පවත්වාගෙන ගිය වාහන ව්‍යාපාරිකයා විසින් වත්මන් තරුණ ඇමැතිවරයකුගේ පියාටද මෙලෙස මුදල් වංචා කිරීම නිසා ඇමැතිවරයා පැමිණ ව්‍යාපාරිකයාට පහර දී එම මුදල් වෙනුවට වාහන ගනනාවක් රැගෙන ගොස් ඇති බවද වාර්තා වී ඇත. ඒ අතර නවීන මෝටර් රථ 25ක් බස් රථ 2ක්ද ඇති බව පැවසේ. ඒ අනුව ඇමැ.ති පියාගේ ගනු දෙනුවේ ප්‍රමාණය ගැන වැටහීමක් ද ලබාගත හැක. කෙසේ වෙතත් ඇමැතිවරයාගේ මැදිහත් වීමත් සමග ව්‍යාපාරිකයා රහසිගතව ජපානයට පැන ගොස් තිබෙන බව පැවැසේ.

මේ අතර ඇමැතිවරයා විසින් රැගෙන ගොස් තිබෙන වාහන වැඩි ප්‍රමණායකද ,ණයට මුදල් ගැනීමේදී ඇප ලෙස ලබා දී තිබූ වාහන ගනනාවකම පොත් මෙම ව්‍යාපාරිකය විසින් ඊට පෙර වෙනත් මුල්‍ය ආයතනයකට උකස් තබා රුපියල් කෝටි 18 ක් පමණ උපයාගෙන ඇති බවත් අනාවරණය වී ඇත. මේ අතර මෙම ව්‍යාපරිකයාට තම වාහන උකස් තබා මුදල් ලබා ගත් වෙනත් ව්‍යාපාරිකයන් රැසක් ගැනද තොරතුරු හෙලිව තිබේ. එම වාහන පොත් ද වෙනත් ආයතනවලට උකස් තබා මෙම වාහන ව්‍යාපාරිකයා විසින් මුදල් ලබා ගෙන තිබෙන බව අනාවරණය වීම නිසා මොහු හා ගනු දෙනු කළ ව්‍යාපාරිකයන් රැසක්ම අපහසුතාවයට පත්ව සිටී.

කඩුවෙල හා අවට ප්‍රදේශයෙ මෙන්ම රත්නපුර ප්‍රදෙශයේද මෙලෙස ව්‍යාපාරිකයන් රැසක් රවටා ඇති අතර මොහු විසින් වංචා කර ඇති මුදල් ප්‍රමාණය කෝටි හාරසියයකට ආසන්න යැයි සැලකේ.

Last modified on Sunday, 25 June 2017 18:03

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us