බලය බෙදීම සහ රාජ්‍යයේ ස්වභාවය ගැන සියලු පක්ෂ අතර එකඟතාවයක් !

Published in පුවත්
Friday, 30 June 2017 20:18

බලය බෙදීම සහ රාජ්‍යයේ ස්වභාවය ගැන සියලු පක්ෂ අතර එකඟතාවක් තිබෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියාද වන අගමැතිවරයා පවසයි.

“රාජ්‍යය බෙදිය නොහැකිය යන්නට අප සැම දෙනාම එකඟ වී තිබෙනවා,” යි ද “බුද්ධාගමට දී ඇති මුල් තැන නැති කළ යුතු නැති බවට සියලු දෙනා එකඟ වී තිබෙනවා. ප්‍රශ්නය ඇත්තේ සියලුම ආගම් වලට ඇදහීමේ නිදහස ලබා දී ඔවුන්ට බලහත්කාරයට මුහුණ පෑමට සිදුවීම වළක්වන්නේ කෙසේද යන්න ගැනයි.” අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ වර්තමාන තත්වය පිළිබඳව කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකදී කරුනු පැහැදිලි කරමිනි.

ස්වෛරීභාවය “ජනතාව සතු වන” අතර පළාත් වලට උපරිම බලය බෙදා දීමක් සහිතව එය ක්‍රියාත්මක වනු ඇත්තේ විධායකය, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන මධ්‍යම ආයතන යටතේ බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.


අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී “උපරිම බලය බෙදීමකට” පාර්ලිමේන්තුවේ එකඟතාවක් පැවතියත් එය සිදුකළ යුතු ආකාරය ගැන පළාත් සභා සහ මධ්‍යම රජය අතර භේදය තවමත් විසඳී නැති බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මහ ඇමතිවරුන් බලතල ඉල්ලා සිටියත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා පක්ෂ බේදයකින් තොරව යෝජනා කරන්නේ පළාත් සභාවලට දී ඇති බලය සීමා කරන ලෙසය. පළාත් සභා පිහිටුවීම රට පාවා දීමක් බවට දශක තුනකට ඉහතදී චෝදනා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂ මේ වනවිට එම ආයතනයේ අසුන් ගෙන සිටින බව සිහිපත් කර දුන් අගමැතිවරයා පක්ෂ අතර එම භේදය දැන් අහෝසි වී ගොස් ඇති බව කියා සිටියේය.

“මහ ඇමැති වරු තවත් බලතල ඉල්ලා සිටින අතර මධ්‍යයේ අප සැම දෙනාම පක්ෂ භේදයෙන් තොරව සිතන්නේ බලතල සීමා කළ යුතු බවයි,” යනුවෙන් අගමැති වික්‍රමසිංහ පැවසීය. “ඇත්තේ ඒ බෙදීම පමණයි. පක්ෂ අතර භේදය වෙනුවට දැන් මතුවී ඇත්තේ බලය විමධ්‍යගත කිරීම කෙසේ සිදුකළ යුතුද යන්න ගැන පළාත් සභා සහ පාර්ලිමේන්තුව අතර භේදයයි.”


පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කොට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට මෛත්‍රී-රනිල් හවුල් පාලනයට ජනතාව ලබා දුන් වරම ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමේ දුෂ්කරතා මතුවී තිබෙන ආකාරයද අගමැතිවරයාගේ කතාවෙන් ප්‍රකාශයට පත් විය.


පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරන විට “හදිසි අවස්ථාවකදී” ප්‍රයෝජනයට ගැනීමට හැකි පරිදි විධායකයේ බලතල දුර්වල නොකර තබාගන්නේ කෙසේද යන්න තවමත් සාකච්ඡා කරමින් පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

රටපුරා මහජන මත විමසීමෙන් අනතුරුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව විසින් රජයට වාර්තාවක් භාරදෙනු ලැබුවේ මැයි මස අගදීය.

කෙසේ වෙතත් අවසාන ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පත සකස් කිරීම “දීර්ඝ ක්‍රියාදාමයක්” බවට අගමැති රනිල් වික්‍රමසිංහ සභාව හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

මේ වනවිට පාර්ලිමේන්තුව හමුවේ තිබෙන්නේ ව්‍යවස්ථාව සඳහා වන පළමු වාර්තාව පමණක් වන බව අවධාරණය කළ අගමැති වරයා දැනුම් දුන් පරිදි අවසන් යෝජනා කෙටුම්පත සම්මුතියෙන් සකස් කෙරෙනු ඇත්තේ එය ජනතාව හමුවට ගෙන ගොස් නැවතත් අදහස් විමසීමෙන් අනතුරුවය.

දකුණු අප්‍රිකාවේ හිටපු නියෝජ්‍ය අගවිනිසුරු හා ව්‍යවස්ථාදායක අධිකරණයේ විනිසුරු ඩික්ගැන් මොසිනේකේ ද සමුළුවේ ආරාධිත දේශනයක් පැවැත්වීය.

www.radiogagana.com ඇසුරෙණි

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us