ජනාධිපතිතුමාට දැන් සනීපද? Featured

Published in පුවත්
Thursday, 09 November 2017 15:03

මාදුළුවාවේ සොභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු උත්සවයකට සහභාගී වෙනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වියරුවට පත්වූවෙකු මෙන් සැර කතාවක් කළේය. මෙහිදී තව ගොඩක් කතා කිවේ ය...

ඒ අතර 'පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලූදෙනා කැපවීම බව මෙහිදී ජනාධිපතිවරයා කීවේය. මේ කතාවෙ ඇති එකම හරයාත්මක දේ එපමණය. අපට කතා කරන්නට යමක් ඉතිරි කර ඇත්තේ එම වැකිය පමණය.

සෝභිත හිමිගේ දැක්ම දර්ශනය හා අපෙක්ෂාව වූයේ කුමක්ද යන්න ගැන ජනාධිපතිවරයාගෙන් පෙරළා ප්‍රශ්න කළ යුතුය. ඒ වෙනුවෙන් මහා කැපකිරීමක් සිදු කරන්නෙ යැයි කියන ජනාධිපතිවරයා මෙතෙක් සිදු කර ඇත්තේ කුමක්ද? දේශපාලන වේදිකාවේ සිට කෙතරම් ගිරිය පුප්පාගෙන කතා කළත් ඇත්ත භාවිතාවේදී සිදුවන්නේ වෙනකක් බව ජනාධිපතිවරයා ඔප්පු කර සිටියේ ජනාධිපතිවරණ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන මොහොතේ පටන්මය.

සෝභිත හිමිගේ මූලිකම අපෙක්ෂාව වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරදැමීමය. ඒ අපේක්ෂාව මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහළින්ම පිළිගත්තේය..ඒ වෙනුවෙන් පොරොන්දු පිට පොරොන්දු දුන්නේය..එහෙත් ඒ සියල්ල අස්සේ තමන්ගේ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටම ඇන්දුවේය. සෝභිත හිමිට කොකා පෙන්නුවේය.

විධායක ජනාධිපතිධුරය හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ගැන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ කුමක්ද . එම ධුරය අහෝසි කරන බවද ? නැත. එම ධුරය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා ගැසු වට වංගුවකි. එහි 14 වන පි‍ටුවේ සඳහන් වන්නේ මෙසේය.." ...නව ආණ්ඩුක්‍රම ව්‍යුහය අනිවාර්යෙන්ම දැන්ට පවතින අත්තනොමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් වනු ඇත. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අනි පුරවැසියන් හා සමානව සලකනු ඇත. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්තා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි......" මේ අර සෝභිත හිමිට වූ පොරොන්දුවද? නැත.. ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට කිසිසෙත්ම ඉඩ නොදෙන බව පැවැසීමෙන් සෝභිත හිමිගේ අපේක්ෂාවන් ඉ‍ටු කළ හැකිද..? මෙය සෝභිත හිමිගේ අපේක්ෂාව පමණක් නොවේ.. මෛත්‍රීපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයාව ජනාධිපතිධුරයට පත් කිරීම සඳහා 62 ලක්ෂයක ජනතාවක් ඡන්දය පාවිච්චි කළේය. ඒ මෛත්‍රීපාල සිරිසේනව විධායක ජනාධිපති පු‍ටුවේ හාන්සිකර තියන්නවත් ඔහුගේ ගෙම්බර් බලන්නවත් නොවේ...ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කර වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුන්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමටය. රටේ යහපාලනය පිහි‍ටුවීමටය.

එහෙත් එම අපෙක්ෂාවට කලින්ම පයින් ගැහුවේ ජනාධිපතිවරයාය...තමන් පොදු ජන අපේක්ෂාවේ ජයග්‍රහණයක් බව පළමු පැයේදීම අමතක කළේය..තමන්ටෙ එරෙහිව කටයුතු කළ ශ්‍රීලනිපයේ නායකත්වය උදුරාගෙන ඔහු ප‍ටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගත්තේය..දැන් ශ්‍රීලනීපයේ වුවමනාව මෛත්‍රීපාලගේ වුවමනාව බවට පත්ව තිබේ. දැන් ගහන්නෙ දේශපාලන ගේම්ය.

බැඳුම්කර කොමිසම පත් කිරීම ගැනද එදා ජනාධිපතිවරයා සැරට කතා කළේය එම කොමිසම පත් කිරීම ගැන ආණ්ඩුවේ සමහරුන් තමන්ට බනින බවද කීවේය..ඒක ඇත්තය...බැඳුම්කර ගනුදෙනුවේදී මහා විනාශයක් වූ බව ජනාධිපතිවරයා කීවේය. වැරදි කරුවන්ට දඬුවම් දෙන බවද කීවේය...අපරාධය්ක් වී ඇත්නම් ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කර වැරදිකරුවන් හඳුනාගෙන දඬුවම් දීම වැරදි නැත. ඒ මෙරට නීතියෙන් තහවුරු කර ඇති ක්‍රමවේදයයි..එහෙත් ගැටලුව වන්නේ බැඳුම්කරයේ මහා වංචාවක් වී ඇති බවත් මහා විනාශයක් වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීමය.. කවර නම් විමර්ශනයකින් හෝ නඩු විභාගයකින් හෝ එවැන්නක් ඔප්පු වී තිබේද? නැත...මේ එළියට පැන්නේ ජනාධිපතිවරයාගේ ප‍ටු දේශපාලන වුවමනාවය. සිදු පිරුවටයට යටින් සිටින කැත සතාය. එසෙම වැරදිකරුවන්ට දඬුවම් දෙනවා යැයි ජනාධිපතිවරයාට පැවසීමට ඇති අයිතිය කුමක්ද? නීතිය, අධිකරණය ඔහුට යටත්ද? දඬුවම් තීරණය කරන්න ඔහුට ඇති අයිතිය කුමක්ද? මේ අධිකරණයට කරන බලපෑමක් නොවන්නේද? විධායක ජනාධිපතිවරයා සතු ඒකාධිපති මජර බලය ක්‍රියාවට යොදවන බව පැවසීම නොවේද? ඊට තමගේ ඇති පෙරේත ආසාව ප්‍රකාශයට පත් කිරීමක් නොවන්නේද? විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීමට එරෙහි ශ්‍රීලනිපයේ මතය මෙන්ම වෙනත් සංවිධාන හරහා ගෙන එන මතය නිර්මාණය වන්නේ ජනාධිපති මැදුරේ ඇතුලතින් මිස වෙන තැනකින් නොවන බව ද රටට රහසක් නොවේ.

ජනාධිපතිවරයාට වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු නිලධාරීන් විසින් සිදු කරනු ලබන අපරාධ සෙවීමේ ඇත්ත වුවමනාවක් තිබුණේ නම් මේ බැඳුම්කර කොමිසම් වැනි දේශපාලන සංදර්ශන නොපවත්වා මෙරට යුක්තිය පසිඳලීමේ නියමිත ක්‍රමවේදය අනුව පොලිස් විමර්ශන සිදු කර ඒ අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ඉඩ කඩ සකසා දීමේ හැකියාව තිබිණි..කිසිදු අධිකරණ බලයක් හෝ නැත්නම් වැරදි කරුවන්ට දඬුවම් දීමේ තීන්දුවක් දීමේ හැකියාවක් නැති කොමිසම් වාර්තාවක නිර්දේශය අපෙක්ෂා කරන්නේ මේ ගැටලුව හෝද හොදා මඩේ දැමීමේ වුවමනාව මත මිස ඇත්තටම අවංකවම දූෂණ විරෝධී වුවමනාවක් අනුව නොවේ..බැඳුම්කරය ගැන කොමිසකම් දැම්මේ ජනතාවගෙන් ලැබුණු එල්ලවූ පීඩනය නිසා බවද ජනාධිපතිවරයා පවසා සිටියේ ඔහුට මේ නිසා නිඳා ගැනීමට තරම්වත් නිදහසක් නොමැති තරම් බරපතල පීඩාවක් ඇතිව තිබූ නිසා විය හැකිය.

මොකද මේ බැඳුම්කර කියන්න මොකක්ද යනන් ගැන වත් නොදන්නා මේ රටේ අති බහුතරයක් වන ජනතාවට මේ බයිලාවන් කීමෙහි තේරුමක් නැත. කොහොමටත් ජනාධිපතිවරයා බයිලා චක්‍රවර්තීවරයකු බවට පත්ව තිබෙන බව ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව පැහැදිලි කරුණකි. ජනාධිපතිවරයාට දැන් වැඩි වැඩියෙන් කේන්ති යන්නේද මේ නිසාය. ආණ්ඩුවේ වැරදි වලට මිනිස්සු තමන්ට බනිනවා යැයි ජනාධිපතිවරයාට හිතෙන්නේ තමන් රටේ විධායක ජනාධිපතිවරයා නිසා තමන්ගෙන් විය යුතු වගකීම ඉ‍ටු නොවුනු නිසා බනිනවා යැයි හිතන නිසාය. නැත. මෙතන ඇත්තේ වෙන ගැටලුවකි....විධායක ජනාධිපතිවරයකුගේ විධායක බලතල තව දුරටත් මේ රටේ ක්‍රියාත්මක වීම නොවිය යුතුව තිබුණකි.. එහෙත් ඒ අහෝසි කිරීම ජනාධිපතිවරයා නොකළේය...මිනිස්සු බනින්නේ ඒකටය.

ජනාධිපතිතුමනි, කරුණාකර දැන්වත් ඔය පු‍ටුවෙන් බැස යන්න..ආණ්ඩුව බාර ගත්ත මිනිස්සුන්ට ඒක ඒ විදිහට කරගෙන යන්න ඉඩ දෙන්න..ඒ අය එහි ප්‍රතිපල භුක්ති විඳීවි. ඔබතුමා කකුලෙන් අදින්න යන්න එපා. මං ආවේ ඉන්න නෙවෙයි යන්නයි කිව්වාට වැඩක් නැත. යන තැනට වැඩ කරන්න. පොරොන්දු ඉටුකරන්න.. ඒත් යා යුත්තේ 2020 දී මිස 2025 දී නොවේ. තව ඇත්තේ අවුරුදු දෙකාමාරකි..ඒ වෙනුවෙන් වැඩ කරන්න තවමත් ප්‍රමාද නැත. ප්‍රමාද වුණොත් වෙන්නේ ඔබව ඔය පු‍ටුවේ ඉන්දපු අපිටම ගහල පන්නට හේතු නිර්මාණ වීම පමණය.

- මහේශාඛ්‍ය

Last modified on Thursday, 09 November 2017 15:08

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us