යූඑන්පී කාරයන්ටත් මඤ්ඤමක් වූ මංගලගේ අයවැය. Featured

Published in පුවත්
Sunday, 12 November 2017 14:05

මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස සිය ප්‍රථම අය වැය පසුගිය 09 දා ඉදිරිපත් කළේ ඒ අයවැයෙහි හැඩය ගැන ඊට පෙර සමාජය තුල කතිකාවක් නිර්මාණය වීමට ඉඩ හැරීමන් පසුවය. විශේෂයෙන්ම සහන මළු වෙනුවට මධ්‍ය කාලීන ඉලක්කයන් අරමුණු කොට ගත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මත මෙවර අය වැය ඉදිරිපත් කෙරෙන බව හැඟවීය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ගොඩනැඟීම සඳහා වැඩි ඉඩක් නිර්මාණය කෙරෙන අය වැයක් බවටද කරුණු දැක්වීය. ඉදිරිපත් කළ අයවැයේදී ඒ බව තහවුරු කර තිබිණි. ඒත් මේක මඤ්ඤංය.. අයවැයට එරෙහිව තියුණු මතයක් ඉදිරිපත් කිරිමට විපක්ෂ කණ්ඩායම් ද පසු බැස්සේ මේ නිසාය.

වෙනදා අයවැයකදී ඉදිරිපත් නොකෙරෙන තරමෙන් වූ තාර්කික කරුණු කාරණා ‍රැසක් මෙහිදී දක්නට ලැබිණි. අරක වැඩි කරනවා මේක වැඩි කරනවා යනුවෙන් වෙනදා අයවැය පුරා කියැවුණ යෝජනා වෙනුවට මෙහි තිබුණේ සාමාන්‍ය පොදු ජනතාවට අගක් මුලක් මැදක් අතර සම්බන්ධයක් ගැට ගසා ගැනීමට අපහසු පැටලැවිල්ලකි.

මේ නිසා මෙවර අයවය ගැන කවර විද්වතෙක් කවරක් කීවද ඒ සංවාදය මේ ජනතාවට වැඩක් නැත. මේ වන විටත් මෙය වැඩකට නැති අයවැයක් බව තහවුරු කරගැනීමට අව්‍යශ්‍ය කරුණු කාරණා ජනතාව සොයාගෙන අවසන්ය. පහළ තීරුවේ ජනතාවට ලැබුණු දෙයක් නැතය, මොකක්දෝ යහපාලන විජ්ජාවක් පමණක් සිදු කළ බව පොදු ජන මතයය.

වෙනදා එජාප ආණ්ඩුවකින් ඇය වැයක් ඉදිරිපත් කළ විට එය එජාප පාක්ෂිකයා පිනා යන්නට තරම් හේතුවක් වූයේ එමඟින් පහළ තීරුවේ ජනතාවට කුමක් හෝ ලැබීමේ හැකියාව නිර්මාණය කර තිබීමය. අය වැයට පෙර දිනයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීම ප්‍රකාශයට පත් කිරීමට මුදල් ඇමැතිවරයා තීරණ කළේ ඇයිද යන්නද පැහැදිලි නැත. එය අයවැයේදී සිදු නොකිරීම නිසා එම මිළ අඩු කිරීමේ දේශපාලන වාසිය ආණ්ඩුවට ගැනීමට නොහැකි වී ඇත. ඒ මිළ අඩුකිරීම ගැන කතාව අයවැයට වැසී ගොසිනි.

ලබන වසර මුලදී පළාත්පාලන මැතිවරණය පැවැත්වෙන බවට මේ වන විට යම් තහවුරුවක් ලැබී තිබේ.. ආණ්ඩුව පොදු මහජනතාවට සලකන්නේ නැතැයි යන අදහස වෙනස් කිරීම මෙවර අයවැයෙනුත් මඟ හැර ගොස් ඇති නිසා මැතිවරණය තුළදී ආණ්ඩුවට තමන් කෙරේ ජනතා ආකර්ෂණය ලබා ගැනීම පහසු නොවනු ඇත. ඊට පෙර වෙන මැජික් පෙනවීමට නොහැකි වුව හෝ ආණ්ඩුවට සිය පැවැත්ම ගැන සැක සංකා ජනිත වනු ඇත. විද්වතුන් පෙන්වා දෙන ලෙස මෙවර අය වැයෙහි සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබේ. නමුත් ඒ ප්‍රතිලාබ කෙටිකාලීනව ලැබෙන දේ නොවේ..ඊට තවත් කාලයක් ගත විය හැකිය. එතෙක් ජනතාවට පටි තද කරගෙන සිදුවනු ඇති බව මේ අයවැයෙන් නොකියා කියා ඇත.

මැජික් බලාපොරොත්තු වන ජනතාවට ලොජික් ගැන වගක් නැත. තමන්ගේ බඩ ගෙඩිය පුරවා ගැනීමේ මැජික් එක ජනතාවට පෙන්විය යුතුය. අය වැයෙන් ගෙන එන ලොජික් කෙටි කාලයකදී යථාර්තයක් කර පෙන්වීම ආණ්ඩුව හමුවේ තිබෙන බරපතලම අභියෝගයය. යහපාලනයේ පසුගිය වසර තුනේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් , ප්‍රායෝගික තලයේදී ඉ‍ටු වූයේ නැත. නිකම්ම නිකම් කඩදාසි වල දැව‍ටුන වගන්ති පමණක් වීම ජනතා අවිශ්වාසය තිව්ර කරන්නටද හේතුවකි. එසේම රාජ්‍ය නිලධාරීන්ගේ තිබෙන අකාර්යක්ෂමතාවයන්, ක්‍රියා පටිපාටියන්ගේ දුර්වලකම් නිසා මේ ප්‍රශ්නය තව දුරටත් විසඳා ගැනීම අසීරුය.

එසේම යහපාලන රජයට තවමත් නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් නැත. පසුගිය වසර තුනේදී ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයගෙන් විවිධ ආර්ථික ප්‍රතිපත්ති ගැන කියැවිණි. එහෙත් අයවැයේදී ඉදිරිපත් වූයේ ඒ සියල්ලට වඩා වෙනස් කරුණුය. රටේ ඇත්ත ප්‍රශ්නයට ඇත්ත විසඳුම් වෙනුවට දේශපාලන කුහක කම් තක්කඩිකම් නිසා අදත් මේ හරි මාර්ගයකට ගැනීමට නොහැකිව තිබේ. මංගලගේ අයවැය හරි මාර්ගය පෙනෙන තෙක් මානයකට පැමිණ ඇතිවා මිස තවම හරි මඟට පිවිස ඇතැයි පැවැසිය හැකි නොවේ. මන්ද මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අණපනත්, ගැසට් නිවේදන,චක්‍ර ලේඛන ආදිය නිකුත් වන විට මේවා වෙනස් විය හැකි බැවිනි. වෙනස් කම් මධ්‍යයෙ හෝ යමක් ක්‍රියාත්මක වේ නම් මේ යහපාලන ආණ්ඩුවේ හැටියට වැදගත්ය. මන්ද මේ නිකක්ම්ම නිකම් කතා සාප්පුවක් වෙච්ච ආණ්ඩුවක් නිසාය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us