බටහිර හොඳායි කියන තරමට දැන් තේ රෙනවා - රුසියානු ම්ලේච්ඡකම Featured

Published in පුවත්
Wednesday, 20 December 2017 12:11

ශ්‍රීලංකාවේ ප්‍රගතිශීලී කඳවුරේ හෝ වමේ කඳවුරේ හෝ එහෙමත් නැත්න ජාතිකවාදී කඳවුරේ හෝ ආදී නම් වලින් හඳුන්වන බහුතරයක් දේශපාලන පක්ෂ හැමදාමත් කතා කළේ බටහිර අධිරාජ්‍යවාදය ගැනය, යැංකි අධිරාජ්‍යවාදය ගැනය. මේ විජාතික බලවේග මෙරට බිලි ගැනීම ගැන හෝ ගිල ගැනීමට සූදානමින් සිටින බවට අපි ඕනෑවටත් වඩා කතන්දර අසා ඇත්තෙමු ..අදත් මේ අය කියන්නෙ මේ කතන්දරමය.

බටහිර අධිරාජ්‍යවාදීන් ගැන දැඩි විරෝධයකින් මේ අය කතා කළ ද පසුගිය කාලයේ චීනය රුසියාව වැනි රාජ්‍ය ගැන කතා කළේ අපගේ ගැලවුම් කරුවන් කර ගෙනය. විශේෂයෙනම පසුගිය රාජපක්ෂ පාලන සමයේදී චීනය රුසියව කියන්නේ මේ රටේ මුර දේවතාවුන් ගානට උස් කොට තැබීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේය.

එහෙත් චීනය අපට කෙලවා ඇති බව රට්‍ටු දැන ගෙන සිටියේ නැත. රට ණය උගුලක හිර කර තැබිමට චීනය ක්‍රියා කළ බව රට්ටු දන්නේ දැන්ය. රාජපක්ෂලා මීට උදව් උපකාර කළේ තමනට ලැබුණු විශාල කොමිස් කුට්ටිය නිසාය.

දැන් බලාගෙන යනකොට රුසියාවද ශ්‍රීලංකාවට පක්ෂපාත කම් දක්වා ඇත්තේ එසේ මේ ආදරයක් නිසා නෙවෙයි.
රුසියාවේ නිශ්පාදන වෙනුවෙන් මේ රටේ වෙලඳපොල කුඩා වූවත් ඒ ඔවුන්ට විශාල වශයෙන් වැදගත් බව පෙන්වා දී තිබේ. පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම වෙනුවෙන් වඩාත්ම වැදගත් සාධකයක්ව තිබෙන 'තේ' රුසියාවට ආනයනය කිරීම රුසියාව තහනම් කළේ කොහෙවත් නැති කුරුමිණියෙක් ගැන කියමිනි..එහෙත් ඇත්ත කතාව කුරුමිණියාගේ නොවේ. රුසියාවෙන් මෙරටට ගෙන්වන ඇස්බැටෝස් තහනම් කිරීම නිසාය. ඇස්බැස්ටෝස් පිලිකා කාරකයක් වන නිසා ඒ තහනම් කළ යුතු බව මෙරට හා විදේශීය විද්වතුන් කියන්නේ අද ඊයේක සිට නොවේ..වත්මන් ජනාධිපතිවරයා 2024 වසර වන විට ඇස්බැස්ටෝස් ආනයනය සම්පූණයෙන්ම තහනම් කිරීමට පියවර ගත්තේ මේ රටේ මිනිසුන්ගේ ජීවිත ගැන කල්පනා කරය.

එහෙත් රුසියාවට මේ රටේ මිනිස් ජීවිත කිසිසේත්ම වැදගත් නැත. ඔවුන්ට අවශ්‍ය වෙලඳ පොලය. ඒ වෙනුවෙන් රුසියාවට මෙරට ආර්ථිකය මුලුමනින්ම අඩපණ කිරීමේ හැකියාව වෙයි... බටහිර අධිරාජ්‍යවාදී කඳවුරේ යැයි හංවඩු ගහන රටවල් මේ තරම් ම්ලෙච්ඡ ලෙස මෙරට කෙරෙහි තහංචි දැම්මෙ නැත. තහංචි දමනවා කියා අනතුර හඟවමින් සිටියා පමණය. එහෙත් ඒ මේ රටේ වැරැද්ද නිවැරදි කර ගන්නටය. රට ශිෂ්ඨ සම්පන්න කරන්නටය. මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි..

පුටින් ත්‍රස්තවාදයට එරෙහිම යම් යම් පොර ටෝක් දෙන කොට යුධමය ක්‍රියාමාර්ග ගන්නකොට මෙරට ජාතිකවාදීන්ට වාමාංශිකයන්ට ප්‍රගතිශීන් යැයි හඳුන්වා ගනු ලබන අයට පුටින්ට වඩා වීරයෝ හිටියේ නැත. දැන් මේ සුපිරි වීරයා අපිට 'තේ' රෙන්නම තමන් කවුද කියා පෙන්වා දී ඇත.

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us