අනුර වුණත්.. එයාද දේශපාලන තක්කඩියෙකි .... Featured

Published in පුවත්
Saturday, 27 January 2018 12:28

 

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙබරවාරි 10 වන දාට පෙර පාර්ලිමේන්තුව තුල කොමිසම් සභා වාර්තා දෙක විවාදයට ගන්න යැයි කළ අභියෝගය භාර ගන්නා ලෙස කතා නායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

එම ලිපිය පහත දැක්වේ

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

ගරු කථානායකතුමනි,

2018.02.10 දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවීම
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳවත් බරපතළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පිළිබඳවත් එළඹෙන පෙබරවාරි 10වැනි දිනට පෙර පාර්ලිමේන්තුවේ විවාද කරන්නැයි ජනාධිපතිතුමා විසින් අභියෝගාත්මක ලෙස අවධාරණය කර තිබේ.
මෙම පරීක්ෂණ කමිටු වාර්තා කඩිනමින් මහජනතාව අතර සංවාදයට බඳුන් විය යුතු බවට විශ්වාස කරන අපි එළඹෙන මැතිවරණයට පෙර මෙම වාර්තා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්විය යුතු බවට වූ අවශ්‍යතාව පක්ෂ නායක රැස්වීමේදීද දැඩි ලෙස අවධාරණය කිරීමට උත්සාහ කළෙමු. එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඒ සඳහා සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ අනුව එම විවාදයට දින යෙදී ඇත්තේ පෙබරවාරි 20 හා 21 දෙදිනය. එහෙත් ඒවා පෙබරවාරි 10 දින මැතිවරණයට පසු දිනයන්ය. රටේ දේශපාලනය පිළිබඳව මහජන මතය විමසා බැලෙන මැතිවරණයකට පෙර එම වැදගත් දේශපාලන සංවාදය ජනතාවට දැනගැනීමට සැලැස්වීම අත්‍යාවශ්‍ය යැයි අපිද විශ්වාස කරමු.
එහෙත් දැන් ජනාධිපතිවරයා විසින්ද මෙම අවශ්‍යතාවය අවධාරණය කර ඇති බැවින් කඩිනමින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.


අනුර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී
2018.01.26

මේවන විට බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව හා පසුගිය රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේ වූ අපරාධ පිලිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවන්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේවායේ පිටු අඩු බවට මහින්ද පාර්ශ්වයේ පැමිණිලි ද තිබෙන අතර ඒ විවාදයන් පස්සෙන් පස්සට කල් දැමිම සිදුවන බවට ද ජනාධිපතිවරයා අඳෝනා නඟමින්ද තිබේ.


පාර්ලිමේන්තුව කියන්නේ ඌරුවළක්

මේ කොහොම නමුත් කොමිසම් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගත්තා කියා ඒ නඩු විසැදෙන්නේ නැත. සුපුරුදු ලෙස එක් එක් පාර්ශ්වවලට මේ ගැන තම තමන්ගේ පාර්ශ්වික මතය ප්‍රකාශ කිරීමත් මඩ ගසා ගැනීමත් පමණක් සිදු කළ හැකිය. එජාපයට එරෙහිව මෙම මැතිවරණයේ කටයුතු කරන පිරිසට අවශ්‍යව ඇත්තේ බැඳුම්කර කොමිසම් වාර්තාවේ එහෙන් මෙහෙන් කොටස් අල්ලාගෙන එජාප නායකත්වයට පහර ගැසීමටය. එමෙන්ම මහින්ද රාක්ජපක්ෂ යුගයේ සිදුවීම් අලලා අනෙක් පාර්ශ්වයන්ට මඩ ගැසීමේ හැකියාවද තිබේ. පාර්ලිමේන්තුව තුල කළ හැක්කේ මෙපමණය.ජවිපෙට අවශ්‍යව ඇත්තේද එයය.අනෙක් පක්ෂ කෙසේ වෙතත් , වාමාංශිකයි කියන, මහා පුරුෂර්ථයන් රකිනවාය කියන පක්ෂයකටද මේ මජර වළේම බඩ පිනුම් ගැසීමට  සිදුවීම තුළ  වත්මන් දේශපාලනය කෙතරම් පිරිහී ඇත්දැයි කතා කිරීමට ඊට වඩා උදාහරණ අවශ්‍ය නැත.

ජනාධිපති කොමිසම් සභා වාර්තා ඉතිහාසය ගැන සලකා බැලුවද අධිකරණයට ගොස් නෛතික ක්‍රියාමාර්ග ගත් අවස්ථා අහන්නට නොලැබේ. කොමිසම් සභා නිර්දේශ යනු අධිකරණ තීන්දුවක් හා සමාන දෙයක් ද නොවෙ. ඒ සාක්ෂි එකතු කිරීමක් පමණකි. ඒ ඒ පාර්ශ්වවලට තම තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කිරීමට, චෝදනා කන්ඩනයට හෝ පිලිතුරු බැඳීමට අවස්ථාවක් ඒ තුල නැත. එතැනදී රට පිලිගන්නා නෛතික පද්ධතිය හා මේ චෝදනා සලකා බැලීමක් සිදු කෙරෙන්නෙ නැත. කොමිසම් වාර්ථාව කියන්නේ බැලු බැල්මට පෙනී යන දේ පමනි. ඒ සැක සහිත ප්‍රකාශයක් මිස නිශ්චිත නෛතිකමය තින්දුවක් නොවේ.

කොමිසම් වාර්තා දේශපාලන ගේමක්

එමෙන්ම මෙම මෙරට කොමිසම් සභා වාර්තා ඉතිහාසය සලකා බැලුවද මෙම කොමිසම් සභා යනු දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් සකස්කරනු ලබන ආයතන මිස වෙනකක් නොවේ. මෙම නිර්දේශ නීතිමය ලියවිලි සේ හැ‍ඟෙන ලෙස සකස් කරන වාර්තා මිස කිසිදු ආකාරයෙන් අවසන් තීන්දු ද නොවේ.  අධිකරණමය කටයුත්තකින් හැර , වැරදි නිවැරදි භාවයන් විනිශ්චය කර යුක්ති සහගත තීන්දුවක් ලබා දිමකින් තොරව, කිසිවකුත් වැරදිකරුවන් කළ නොහැක..

මේ නිසා විය හැකි එකම දේ අරය මෙයා හොරා කිය කියා වේදිකා ගානේ කෑ ගැසීමට අවශ්‍ය මඩ නිශ්පාදනය පමණි. මෙයින් යුක්තිය පසිඳලෙන්නේ නැත. සාධාරණය ඉ‍ටුවන්නෙ නැත.

ජනපතිටත් ඕනෑ අපමණ අගයක් සහිත මඩ

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෙන හෝ නොදැන සම්භව්‍ය ආකාරයට කීවේ අධිකරණ තීන්දු ප්‍රමාද වෙන බැවින් මේ කොමිසන් සභා පත් කර තීන්දුවක ගැනීම ජනතාවට භාර කළ බවය. ජනතාවගේ විනිශ්චය වඩා වැදගත් බව ද ඔහු කීවේය. මෙය අමු තක්කඩි ප්‍රකාශයකි. ජනපතිටත් අවශ්‍ය කර ඇත්තේ මඩ පමණි. ඒ හුදකලා වූවෙකුගේ පරාජයේ වියරුව දක්වා විකාශය වූ කතන්දරයේ තර්කානු කූල ප්‍රතිපලයකි. ඊට අනුකම්පා කිරීම වූවාට කම් නැත.

මෙහිදී ජනතාවගේ විනිශ්චය, අධිකරණයේ තීන්දුවට වඩා වැදගත් ලෙස සලකන්නේ නම් ඊට පෙර ජනතාව සත්‍යය මුලුමනින්ම දැනගත යුතුය. එනම් රට පිලිගන්නා නීතියට අනුව, යුක්ති සහගත ලෙස එම තොරතුරු ජනතාව අතට පත් කළ යුතුය. එනම් අධිකරණ ක්‍රියාවලිය අතයාවශ්‍යය. එහිදී නීතිය පැහැදිලි විය යුතු අතර අධිකරණ ක්‍රියාවලිය ස්වාධීන විය යුතුය. එසේ නොවී පවතින නෛතික පද්ධතිය හරහා ගැටලු විසඳා ගැනීම මඟහැර පාර්ලිමේන්තුවේ හෝ වේදිකාවේ සංදර්ශන පෙන්වීම, දේශපාලන තක්කඩිකමක් මිස වෙනකක් නොවේ.

මොන යහපාලනයක් ගැන කතා කළත් මොන ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ගැන කතා කළත් කවර තරමේ හෝ නීතියේ ආධිපත්‍යය පිහි‍ටු වීම ගැන හා අධිකරණයේ ස්වාධීන තාවය ගැන කතා කළත් වත්මන් දේශපාලකයන්ගේ මේ ප‍ටු අවස්ථාවාදී මජර පිලිවෙත බැහැර නොකරන තෙක් මේ කිසිවකින් රටට වැඩක් වන්නෙ නැත. යහපාලනය .., ශිෂ්ඨ සම්පන්න දේශපාලන භාවිතය.., වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නම් විශිෂ්ට දේශපාලන සංයමයක්, දේශපාලකයන් වෙතින් පිලිබිඹු විය යුතුය. එසේ නොවුණ හොත් තවදුරටත් කඩු හටන් සහිත නිමක් නැති සංත්‍රාස ජනක ජවනිකා පමණක් නැරඹිමට අපට සිදුවනු ඇත.

Last modified on Saturday, 27 January 2018 12:37

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us