සාගල එජාපය දාපු ඩීල් ගැන කියයි

Published in පුවත්
Saturday, 27 January 2018 16:09

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකළ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් ඒ දඬුවම් ලබා දෙන්නේ රාජපක්ෂලා සරත් ෆොන්සේකා මහතාට දඬුවම් දුන් ක්‍රමවේදයෙන් නොවන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලිපි ගොනු 300 ක් ලැබිලා තියෙවා. ඒවගේ පරීක්ෂණ කටයුතු දැන් කරගෙන යනවා. එයින් ගොනු 96 ක් නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. යැයි ද ඔහු පැවැසීය.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ එළඹෙන පලාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරවක දී අද (27) පැවැත්වූ ජනරැළියේදීය.

අමාත්‍ය සාගල රත්නායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය වෙනත් අය සමඟ ඩීල් නොමැති බවත් තිබෙන එකටම ඩීල් එක ඇත්තේ ජනතාව සමඟ පමණක්ම බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

අපි මේ ලැස්ති වෙන්නේ ගමේ ආණ්ඩුවක් ගන්න. මේ ඡන්දෙට අපි දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කණ්ඩායමේ මෙවර අපේ පක්ෂයෙන් විතරක් නෙමෙයි හැම පක්ෂයකින්ම කාන්තා නියෝජනයකුත් ඉන්නවා. අපේ අගමැතිතුමා දීපු නායකත්වය නිසා කාන්තාවන් සභාව තුල අනිවාර්ය නියෝජනයක් වෙලා තියෙනවා. අද ඒකෙන් ඇතිවෙච්ච වෙනස මැතිවරණ ව්‍යාපාරය පුරාම දකින්න තියෙනවා. අපේ කණ්ඩායම දක්ෂයි. අපේ කණ්ඩායම පිරිසිදුයි. සභාවේ වාහනෙන් හොරට කොස් ලී ගෙනල්ලා


අහුවෙලා ප්‍රජා අයිතිය අහෝසි වෙච්ච කට්ටිය අපේ කණ්ඩායමේ නෑ. හේදිලා යන කොන්ක්‍රීට් දාපු අය අපේ කණ්ඩායමේ නෑ.කාන්තාවෝ 200 ක් දූෂණය කරලා පාටි දාන අයත් අපේ කණ්ඩායමේ නෑ. වදුරන්ට වෙඩි තියන අයත් නෑ. අපේ ඉන්නේ වැඩ කරන්න පුළුවන් දක්ෂ පළපුරුද්ද තියෙන ජනතාවගේ දුක හදුනන ජනතාවගේ ප්‍රශ්න හදුනන ඒ ප්‍රශ්න වලට විසදුම් දෙන්න ඉදිරිපත් වෙලා කටයුතු කරන්න පුළුවන් අය තමයි අපි දාලා තියෙන්න.

ඒ අයට පත් වෙලාවැරදි කරන්නත් අපි ඉඩතියන්නේ නෑ. එහෙම වුනොත් විනය පියවරත් ගන්නවා නීතිමය පියවරත් ගන්නවා. පත් වෙලා හොදට වැඩකරොත් ජනතාවට සේවය කරොත් අපි හැමෝම එකතුවෙලා ඊළග මැතිවරණයේදී එයාලව උස්සලා තියනවා අපි මේ ආණ්ඩුව ගද්දි රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්වෙලා ණය බරින් පිරිලා තිබ්බෙ.

ඒ ණය ගෙවන්න පොඩි මිනිහගේ සාක්කුවට තට්ටු කරන්න මහින්ද රාජපක්ෂ පටන් අරන් තිබ්බ. ඉස්සර බඩුමිල අඩු වුනේ මැතිවරණයේදී විතරයි. මැතිවරනෙන් පස්සෙ බඩු මිළ ආයෙත් වැඩි කලා. මේ රටේ ව්‍යාපාර කරන්න කවුරුත් ආවෙ නෑ. අයෝජකයො අවේ නෑ. අපේ රටේ ව්‍යාපාරිකයො පවා ආයෝජනය කරන්න කැමති වුනේ නෑ. ඒ කාලෙත් ව්‍යාපාර කීයක් නම් රාජසන්තක කරාද කිසිම හේතුවක් නැතුවයි ඒ දේවල් කලේ.

සංචාරකයෝ ලංකාවට අපුවහම මහත්තයට වෙඩි තියලා නෝනව දූෂණය කරන සභාපතිලයි මහින්ද රාජපක්ෂ ලග හිටියෙ. මේ හැම දෙයක්ම නවත්තල හැමෝටම සාධාරණව ඉන්න පුළුවන් වාතාවරණයක් අපි හදපු නිසයි දැන් රටේ ආර්ථිකය දියුණු වෙලා තියෙන්නේ. පහුගිය අවුරුදු තුනට අළුතින් රැකියා ලක්ෂ 04 ක් බිහිවුනා. හම්බන්තොට, වැලිගම, මතුගම වගේ කර්මාන්තපුර එද්දි අළුත් රැකියා විශාල ප්‍රමාණයක් ඇතිවෙනවා.

දෙනියායේ අපි කොච්චර වැඩ කරාද ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් වුනේ අපි ආර්ථිකය ශක්තිමත් කල නිසයි. දැන් බලන්න 1990 ගිලන්රථ සේවය කොච්චර ජීවිත ප්‍රමාණයක් බේරගෙන තියෙනවද ඒ නිසා. මේකෙන් වැඩිම ප්‍රතිලාභ ලැබුවෙ දෙනියාය. මේ දේවල් තවත් ඉදිරියට ගෙනියන්නයි අපි

ඔබතුමාලගේ ශක්තිය ඉල්ලන්නේ. දෙනියාය රෝහලත් අපි ගේනවා ඌරුබොක්ක, දෙනියාය, මොරවක අළුත් ජල ව්‍යාපාති තුනක් අපි දෙනවා. ඒ වගේම සිංහරාජය ආරක්ෂා කරමින් සිංහරාජය ආශ්‍රිත සංචාරක කටයුතු සංවර්ධනය කරනවා. අපි ගාලු කොටුව වගේම අකුරලත් පැරණි ඕලන්ද ඇලත් සංචාරක කර්මාන්තයට දියුණු කරනවා. අපි දැන් සංචාරක කර්මාන්තය රට ඇතුළට ගේනවා. මේ වැඩසටහන් එද්දි රැකියා විශාල ප්‍රමාණයක් ඇතිවෙනවා. ඒ රැකනියා සඳහා අපි සූදාන් වෙන්න ඕන.

අපි ශ්‍රී ලංකා පොලීසිය ජනතාව ආරක්ෂාකරන ආයතයක් බවට පත් කළා. තමුන්නාන්සේලාට මතක ඇති පොලීසිය ඉස්සර තිබුණේ කොහොමද කියලා. ඉස්සර මෙහේ පොලීසිය ස්ථානාධිපති විදිහට වැඩ කළේ මහින්ද මහත්තයාගේ මස්සිනා. අපි ශ්‍රී ලංකා පොලීසියට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදලා තියෙනවා. පොලිස් නිලධාරීනුත් අපි රැකලා තියෙනවා. ඒ අපගේ වැටුප් වැඩිකලා. සුබසාධන කටයුතු කරනවා. අපි ඒ කරපු වැඩවල ප්‍රතිඵල පේනවා.

ඒ වගේම තමයි අපි රාජපක්ෂලාගේ හොරකම් විභාග කරනවා. පරීක්ෂණ කරනවා. හැබැයි රාජපක්ෂ ෆොන්සේකා මහත්තයාට නඩු තීන්දු දුන්නා වගේ නම් නෙවෙයි. පිළිවෙලකට, නීතියට අනුකූලව අපි කරනවා. මේ වෙනකොට මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලිපි ගොනු 300 ක් ලැබිලා තියෙවා. ඒවගේ පරීක්ෂණ කටයුතු දැන් කරගෙන යනවා. එයින් ගොනු 96 ක් නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා. දැනටමත් 15කට තීන්දු දීලා තියෙනවා. ඉන් දෙකකට තීන්දු දීලා තියෙනවා. තව දෙකක් විභාග වෙමින් තියෙනවා. ඒත් බාධකත් තියෙනවා.

අධිකරණ ක්‍රමය තුළ නඩු අසන්න ප්‍රමාද වීම නිසා, ගොණුවල සංකීර්ණභාවය නිසා, ඒවගේම සමහර රාජ්‍ය ආයතනවල සහයෝගය නොලැබීම නිසා ප්‍රමාද ඇතිවෙලා තියෙනවා. මේ නඩු විශේෂ උසාවියක් තුළ අහලා මේ නඩුවල කටයුතු වේගවත් කරන්න පුළුවන් වෙන විදිහේ පණතක් ඉතාම ඉක්මනින් ගේන්න අධිකරණ ඇමතිතුමිය කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල සහයෝගය ලැබෙන්නේ නැත්නම් මම ඉල්ලනවා නව පණතක් ගේනැත් ඒ සහයෝගය ලබා ගන්න කියලා.

මම මේ වෙලාවේ කියන්න කැමතියි අපිට එක එක්කෙනා එක්ක ඩීල් නෑ. අපිට තියෙන එකම ඩීල් එක තියෙන්නේ ජනතාව එක්ක විතරයි. ඒ ඩීල් එකෙන් රටේ ආර්ථිකය දියුණු කරනවා, තරුණ තරුණියනට රැකියා ලැබෙනවා, සෞඛ්‍ය්‍ය දියුණු කරන්න පුළුවන් වෙනවා. ඒවගේම දූෂණයෙන් තොර රටක් බිහිකරන්න ඒ ඩීල් එක අකුරටම රකිනවා කියලා මම කියනවා. යැයි අමාත්‍යවරයා කීය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us