ඡන්දෙන් පස්සේ.. ශ්‍රීලනීපයේ ජවසම්පන්න ප්‍රබලයෙක් එජාපයට ! Featured

Published in පුවත්
Thursday, 01 February 2018 01:52

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ශ්‍රීලනීපයේ ප්‍රබල තනතුරක් දරණ තරුණ ඇමැතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමක් ඇති බව එම ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

යහපාලන වෙනුවෙන් දැඩිව පෙනි සිටි මෙම ඇමැතිවරයා රාජපක්ෂ පාලන සමයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ගැන නිරන්තරයෙන් පෙනී සිටිය නමුත් ජනාධිපතිවරයාගේ දේශපාලන උපක්‍රම නිසා ඒ වැලකී යාම ගැන මේ වන විට කළ කිරීමන් පසුවේ.

එසේම අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන උපයමාර්ග සම්බන්ධයෙන්ද පැහැදීමකින් අදහස් දක්වනකු ද වන ඔහු මේ දිනවල ජනාධිපතිවරයා විසින් එජාප නායකත්වය එම ආර්ථික ප්‍රතිපත්ති ඉලක්ක කරමින් සිදුකරන විවේචන සම්බන්ධයෙන් ද සිය විරෝධය පල කරයි. එසේම ජනාධිපතිවරයා බැඳුම්කරයක් බදාගෙන පිස්සු කෙලින බව ඊයේ පෙරේදා දිනෙක මාධ්‍යවේදීන් පිරිසක් හා මොහු ප්‍රකාශ කරද තිබේ. බැඳුම්කරය නීතිමය කටයුත්තක් මඟින් විසඳිය යුත්තක් බවත් එය දේශපාලන වේදිකාවේ හෝ පාර්ලිමෙන්තුවේ විවාද කරමින් සිදුකළ හැකි නොවන බවත් අධිකරණය හමුවට මෙය ගෙන ගියත් කිසිවකු වරදකරුවකු කිරීමේ හැකියාව ඉතා අවම බවත් මොහු පෙන්වා දී තිබේ.

මෙම ඇමැතිවරයා යහපාලන ආණ්ඩුව පිහි‍ටුවීමෙන් පසුව කිසිදිනෙක එජාපය විවේචනය නොකිරීමට වග බලාගෙන තිබීමද විශේෂත්වයකි. එසේම අගමැතිවරයාට වඩාත් හිතවත් එජාපයේ ප්‍රබලයකුහා සමීප සම්බන්ධතාවයක් පවත්වමින් සිටී.

මේ අතර ශ්‍රීලනීපයේ ජේෂ්ඨයන් ගනනාවක්ම ජනාධිපතිවරයා එජාපය පරම සතුරා කර ගනිමින් ගෙන යන මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැන නොසතුටෙන් සිටී. මේ මොහොතේ රාජපක්ෂ වරුන්ට මිස එජාපයට එරෙහි වීම තේරුමක් නොමැති වැඩක් බවත් එමඟින් අහුමුලුවලට වී නිදාගෙන සිටි එජාප පාක්ෂිකයාව අවධිකර ඡන්ද පොළට ගෙන්වීම පමණක් සිදුවෙන බව ඔවුන්ගේ මතය වී තිබේ.
එසේම ජනාධිපතිවරයා පක්ෂයේ දේශපාලන උපදෙස් ගනන් නොගෙන කිලී මහරාජාගේ ගෝල බාලයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට ගොස් දැන් ඇණගෙන සිටින බවත් මේ මුලාවේ වැටීමෙන් විනාශ වන්නේ ජනාධිපතිවරයා පමණක් නොව ශ්‍රීලනීපය බවද මේ පිරිසේ මතය වී තිබේ.

මේ දිනවල එජාපයට සමීප රාජ්‍ය මාධ්‍ය තුලින්ද ජනාධිපතිවරයාගේ එජාප විරෝධයට වැඩි තැනක් දීම උපක්‍රමයක් ලෙස පාවිච්චි කරමින් ඡන්දයෙන් පසුව ජනාධිපති ප්‍රධානව තනි එජාප ආණ්ඩුවක් බිහිකරන බවට මතයක් සමාජ ගත කරමින් තිබේ. එසේම මෙහිදී ජනාධිපතිවරයාව රාජපක්ෂවරුන් හමුවේ දේශපාලනික වශයෙන් පරාජයවීමට ඉඩ නොතබා ඔහුව ‍රැක ගැනීමට එජාප නායකත්වය විසින් දියත් කර ඇති සූක්ෂම මෙහෙයුමක් ලෙස ද සැලකිය හැකිව තිබේ.

එසේම බැදුම්කර සිදුවීම එජාපයට දේශපාලනික වශයෙන් මඩ ගැසීම සඳහා යොදා ගත්තද එජාපය මේවන විට එය නිසි ලෙස කලමනාකරණය කර ගනිමින් එය එජාපයේ ශුද්ධවන්තභාවය ඔප්පු කිරීම වෙනුවෙන් යොදා ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රීලනිපය හා වන සම්මුතික ආණ්ඩුවේ ගිවිසුම මේ වන විට අහෝසි වී ඇති බැවින් මේ වර්ධනය වන තත්වයන් හමුවේ, එජාපයට ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වයේ හා රාජපක්ෂ පාර්ශ්වයේ කිහිප දෙනෙකු එක් කර ගනිමින් ඉතා පහසුවෙන් තනි ආණ්ඩුවක් බිහිකර ගැනීමේ හැකියාව තිබේ. ඊට අවශ්‍යවනේ තවත් මන්ත්‍රීධුර හත අටක් පමණි. එවැනි තත්වයක් හමුවේ මෛත්‍රී පාර්ශ්වයට එක් වී සිටින තවත් මැති ඇමැතිවරු ගනනාවක්ම සිය තනතුරු රැකගැනීම වෙනුවෙන් එජාපයට සහය දෙන ප්‍රතිපත්තියකට මාරුවීම විය හැකිව තිබේ. ඊට බාධා කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වනු ද ඇත.

ජනාධිපතිවරයාගේ (කිලී මහරාජා) පාර්ශ්වය බලාපොරොත්තුවෙන් සිටියේ අගමැතිධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්කර ජවිපෙ මන්ත්‍රීවරුන්ද එක් කර ගනිමින් එජාපයේ මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස හා තවත් පිරිසක් සමඟ හවුල් ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම කෙරෙහිය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us