තඹුත්තේගම විරෝධය 2011 වැඩකට එරෙහිවයි. ගොවියන් රවටා පාරට ගෙනල්ලා

Published in පුවත්
Thursday, 01 March 2018 02:44

ඊයේ අනුරාධපුර තඹුත්තේගම පැවැති ගොවි උද්ඝෝෂණයට හේතුව 2011 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව ආරම්බ කළ පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව බව දැන ගැනීමට තිබේ.

රාජාංගනය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍රය කර ගනිමින් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්බ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ 2011 දී වසරේ දී බව පැවසේ. ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය මෙම ව්‍යාපෘතිය සිදු කරන ලබන අතර මේ වෙනුවෙන් රාජංගනය වැවෙන් ජලය ලබා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියද ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතියට චීන රජය රුපියල් මිලියන 17,000 ක මුදල් ආධාර ලබා දීම සිදුකරනු ලබයි. මේ සම්බන්ධ ගිවිසුම පසුගිය වසරේදී වත්මන් ආණ්ඩුව අත්සන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සමඟ චීන සමාගමක් පානීය ජල බොතල් ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇතිකිරීම සඳහා කටයුතු කිරීම ගැන අද දින විරෝධතාකරුවන් එරෙහි වූවද එම කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ විශාල පිරිසකට ‍රැකියා අවස්ථාව උදා වීම හැර වෙනත් කිසිදු හානිදායක තත්වයක් ඇතිවන බවට කිසිදු සාක්ෂියක් ඇත්තේ නැත.

ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවය මුල් කරගත් මෙම ව්‍යාපෘතිය සඳහා රාජංගන වැවෙන් ලබා ගැනීමට නියමිතව ඇත්තේ ඝන මීටර් 19,000 ක තරම් සුළු ප්‍රමාණයක් වන අතර එම ප්‍රමාණය ලබා ගත්තා කියා වැවෙහි ජල ධාරිතාව අඩු වීම කෙරෙහි බලපෑමක් නොමැති තරම් බව මෙරට වාරි ඉංජිනේරුවෝ සඳහන් කරති. එමෙන්ම නියං සමයේදී කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම කිසිසෙත්ම අඩු නොකරන බවට එකඟතාවයකටද අදාල ව්‍යාපෘතිය හා පැමිණ තිබේ.

ඝන මීටර මිලියන 100 කට වැඩි ජල ධාරිතාවක් ඇති මෙම ජලාශයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ජලය සැපයීම මඟින් කිසි ලෙසකින්වත් කෘෂි කර්මාන්තයට හානියක් නොවන නමුත් මේ වන විට යම් කණ්ඩායමක් විසින් ප්‍රදේශයෙ ගොවි ජනතාව බියට පත් කර ඇත්තේ විශාල ජල හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ගොවි සංවිධාන නමින් අටවාගෙන ඇති දේශපාලන කල්ලි කණ්ඩායම් අද දින අහිංසක ගොවියන් රවටා පාරට ඇද දමා පොලිසිය හා ගැ‍ටුමකට පොළඹවා සිදු කරන ලද විනාශයට වගකිව යුතු වන්නේ මේ දේශපාලන තක්කඩියන්ය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us