මෛත්‍රීපාලතුමෝ, මේ ගෝඨගේ බබා හුකුං කතාවට උත්තර තියෙයිද ඔයා ගාව..? Featured

Published in පුවත්
Thursday, 01 March 2018 23:43

පසුගිය ඉරිදා අයිලන්ඩ් පුවත්පතෙහි ගෝඨාභය ගැන ඉංග්‍රීසියෙන් පලවූ ලිපියකට ,ගෝඨාභය සිංහලෙන් උත්තරයක් ලියා ඊයේ තමන්ගේ ෆෙස්බුක් ගිණුමේ දමා ඇත. ඒ අයිලන්ඩ් පුවත් පතට යොමු කරාද නැද්ද දන්නෙ නැති නමුත් මේ සිංහල උත්තරය නම් තමන්ගේ බැතිමතුන් වෙනුවෙන් බවට සැකයක් නැත.

කවර චෝදනා නැඟුවත් ගෝඨා තවම නිදැල්ලේය...අද අල්ලනවා හෙට අල්ලනවා කියා කීවත් අල්ලපු මීයෙක්වත් නැත. ජනාධිපති මෛත්‍රීපාල නම් අදත් (03) තමන්ගේ ප්‍රතිපත්ති ගැන සිංහ නාද දෙමින් කීවේ වංචාවට දූෂණයට එරෙහි වීම තමන්ගේ ප්‍රතිපත්තිය බවය. ඒ කියන්නේ තමන් ඒ ප්‍රතිපත්ති රකින බව මිසක් අනෙක් හොරු ගැන තමන්ට වගක් නැති බව විය යුතුය.

ඒත් ඒ දවස් වල රාජපක්ෂලා හොරු බවත් අපරාධකාරයන් බවත් වේදිකා උඩ ඉඳගෙන් මෛත්‍රීපාල ඕනෑ තරම් කියා ඇත. මේ හොරු එක්ක ආණ්ඩු හදන්නෙ නැති බවත් වරක් කීවේය. මේ හොරුන්ව අවීචි මහ නරකාදියට යවන බවත් කීවේය. එතෙක් ජනාධිපතිධුරයෙන් සමුනොගන්න බවත් කීවේය.

ඒත් ගොඨා එළියේය. ගොඨාව ආරක්ෂා කරන්නේ ජනාධිපතිවරයා බවත් ඔහුගේ ලව්ඩ්ස්පීකරය වන ඉසුරු දේවප්‍රිය විසින්ම කීවේය. ගෝඨාව අත් අඩංගුවට ගත්තොත් බලාගෙනයි යනුවෙන් පොලීසියට චණ්ඩිපාට දැම්මෙත් මෛත්‍රීමය. අල්ලස් කොමිසමේ හිටපු ජනරාල් වරියට ගෙදරය යන්න සිදු වුණෙත් ගොඨාව අල්ලන්න යැමේ පළ විපාක නිසාය. නීතිය හා සාමය හිටපු ඇමැති සාගල රත්නායකට ඇමැතිකම අත් හරින්න වූයේද ගෝඨාව අත් අඩංගුවට ගැනීමට ගත් උත්සාහය නිසාය. දැන් ඒ ඇමැතිකම එජාපයෙන් ගලවා ශ්‍රීලනිපයට ගන්න උත්සහ කරන්නේද ගෝඨා නිසාය. ෆොන්සෙකාට ඒ ඇමැතිකම නොදෙන්න වලි කන්නේ ද ගොඨාව රැකිය යුතු නිසාය.

මේ නිසා ගෝඨාබයට කිසි බයක ලැජ්ජාවක් හිරිකිතක් අපුලක් නැතිව තමන්ට එරෙහිව ඇති චෝදනාවන්ට තමන්ගේ සම්බන්ධයක් නැති බව කියන්නට පුලුවන් වී තිබේ.. ඊයේ පෙරේදා දුන් අධිකරණ තීන්දු ද ගෝඨාටම වාසිදායක තීන්දු වූයේ නීතියේ දෙවගනගේ ඇස් වලට කඳුළු පුරවාලමින් කියා.. නීති ක්ෂෙත්‍රයේ අය කියයි. ඒ වෙච්ච හැටි දන්නේ එයාලාය.

ඉතිං මෛත්‍රීපාල තුමෝ. බබා හුකුං කතා වලින් වැඩක් නැත..පුලුවන් නම් ගෝඨාබයේ සිංහල උත්තරයට, සිංහලෙන් උත්තරයක් දෙන්න... ඒ ලියුම පහලින් තියෙනවා..

 

 ගෝඨා FB නිවේදනය

"ලසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් වසන් කරන ලද කරුණු හෙළිවේ” යන මැයෙන් 2018 පෙබරවාරි 25වන දින සන්ඩේ අයිලන්ඩ් (Sunday Island) පුවත් පතෙහි පළවූ ප්‍රධාන ලිපිය පිළිබඳව මාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

මෙහි අඩංගු කරුණු විශාල වශයෙන් මට එරෙහිව කරන ලද ද්වේශ සහගත හා අපහාස චෝදනා වේ. සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මා කිසිඳු සම්බන්දතාවයක් නොමැති බැවින්, මේ සියල්ල පදනම් විරහිතව නගන චෝදනා ලෙස මා තරයේ ප්‍රතික්ෂේප කරමි.

මෙම ලිපියේ, අනෙකුත් කාරණා අතර, විශේෂයෙන්ම, "මේ මිනීමැරුමට යුධ හමුදා බුද්ධි අංශය සම්බන්ධ බව දැනටමත් උසාවියට දන්වා ඇති අතර එවකට යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ කපිල හෙන්දෙවිතාරන මහතා 'මිනීමැරුම් කල්ලියකට' (කිලර් ස්කොඩ්) අණ දුන් අතර ඔහු එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හට සෘජුවම වාර්ථා කළේය," යනුවෙන් සඳහන් වේ.

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක යනු යුධ හමුදාවේ බුද්ධි ක්‍රියාකාරකම් වලට අණදීමේ තනතුරක් වන අතර එය යුධ හමුදාවේ අනුමත අණදීමේ ව්‍යුහයේ කොටසක් වේ. එය යුධ හමුදා මුලස්ථානය තුල සිට ක්‍රියාත්මක වන අතර ඔහු ඍජුවම යුධ හමුදාපතිට වාර්තා කරනු ඇත. එම තනතුරේ යුතුකම් හා වගකීම්ද යුධ හමුදා ස්ථාවර නියෝගවල පැහැදිලිව අර්ථකථනය කර ඇත. වික්‍රමතුංග ඝාතනය වූ වකවානුවේදී යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක ධුරය දැරුවේ ජෙනරාල් අමල් කරුණාසේකර වන අතර යුධ හමුදාපති ධුරය දැරුවේ දැනට එජාප-ශ්‍රීලනිප රජයේ ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය දරන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ය. එම නිසා, පුවත් පතෙහි සඳහන් වන ආකාරයට මේ මිනීමැරුමට යුධ හමුදා බුද්ධි අංශයේ කිසියම් සම්බන්ධතාවයක් තිබේනම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සි.අයි.ඩි එකට), බුද්ධි අංශයේ ක්‍රියාදාමයන් පිළිබඳව වගකීම භාරව සිටි සහ ඍජුවම වාර්ථා කල එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකා ගෙන් ඉතා ලෙහෙසියෙන් විමර්ශනය කල හැක.

තවද මෙම ඝාතනය වූ කාලයේදී වර්තමාන අගමැති (එවකට විපක්ෂ නායක) රනිල් වික්‍රමසිංහ සහ කලක් කථානායක ලෙස කටයුතු කල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතුන් දෙදෙනාම පාර්ලිමේන්තුවේදී ඉතා පැහැදිලිවම වික්‍රමතුංග ඝාතනයට යුධ හමුදාපති වගකිය යුතු බවට චෝදනා කළහ. මෙම උසස් පෙලේ ප්‍රකාශන හා චෝදනා ප්‍රසිද්ධියේ වාර්තාගත වී ඇති අතර ඕනෑම කෙනෙකුට එම වාර්තා ලබාගෙන කියවිය හැකිය. එවකට විරුද්ධ පක්ෂයේ සිට, යුධ හමුදාපති සරත් ෆොනේස්කාගේ අණ පරිදි වික්‍රමතුංග ඝාතනය කල බවට චෝදනා කල ඔවුන් දැන් ආණ්ඩුවේ සිට මෙම පරීක්ෂණය සම්පූර්ණයෙන්ම වෙනත් මගකට යොමු කරමින්, වික්‍රමතුංග ඝාතනයට මා සම්බන්ධ කිරීමට තැත් කිරීම, ඉතා පැහැදිළිවම ඔවුන්ගේ දේශපාලනික අරමුණු සපුරා ගැනීම සඳහා මා ඇතුළු දේශපාලනික විරුද්ධවාදීන් සිරගත කිරීමේ න්‍යාය පත්‍රයේ උපක්‍රමයක් බව පැහැදිලිය.

තවද විශ්‍රාමික ජෙනරාල් කපිල හෙන්දෙවිතාරන. එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ සේවයේ කලේ සිවිල් නිලධාරියෙකු ලෙස ‘බුද්ධි සම්බන්ධීකරණය හා උපදේශක’ ලෙසය. ඔහු කිසි සේත්ම අණදීමේ වගකීමක් දැරුවේ නැත. ද්වේශ සහගතව වාර්තා කල පරිදි, "මිනී මැරුම් කල්ලියක්' තියා ක්‍රියාන්විත මෙහෙයවන නිලධාරීන් හෝ සෙබළු කාණ්ඩයක්වත් ඔහු යටතේ සිටියේ නැත.

සන්ඩේ අයිලන්ඩ් (Sunday Island) පුවත් පතෙහි තවත් සාවධ්‍ය කරුණක් ලෙස "ගුවන් හමුදාවට මිලදී ගත් මිග් ගුවන්යානා 4ක ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වුවා යයි පවසන දුෂණය සම්බන්ධයෙන් "ගෝටා ගැන හෙළිදරව් කරනවා" කියා වික්‍රමතුංග ඔහුගේ මිතුරන් සමග ප්‍රකාශ කර ඇත. මිග් ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට FCID පරීක්ෂණ පවත්වාගෙන යන අතර, ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු කට උත්තර දීමට නියමිතව තිබූ දිනට දින කිහිපකයට පෙර වික්‍රමතුංග ඝාතනය සිදු විය," යනුවෙන් වාර්තා කර ඇත. මෙලස මියගිය පුද්ගලයෙකු විසින් නම් සඳහන් කර නැති 'මිතුරන්ට' කිව්වා යැයි අර්ථකථනය කර, මිග් ගුවන්යානා ගනුදෙනුව සහ වික්‍රමතුංග ඝාතනය අතර නැති සම්බන්ධතාවක් ගොඩ නැගීමට තැත් කිරීම ඉතා අහේතුක සහ පිළිකුල් සහගත ප්‍රකාශයකි.

සන්ඩේ ලීඩර් පුවත්පත විසින් 'මිග් ඩීල්' යැයි කියන ගනුදෙනුව පිළිබඳව වාර්තා කල කාලයේ මා විසින් එයට විරුද්ධව නීතිමය පියවර ගනිමින් වන්දි ඉල්ලා ගල්කිස්ස අධිකරණයේ අපහාසාත්මක නඩුවක් ගොනු කල අතර, අධිකරණය විසින් මට පක්ෂව තීන්දුවක් දුන්නේය. එම තීන්දුවෙන් සන්ඩේ ලීඩර් පුවත්පතට මගෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් පලකරන ලෙස අණ කරන ලද අතර ඔවුන් එසේ පළකළේය. සන්ඩේ ලීඩර් පුවත් පතෙහි පළවූ අපහාසාත්මක හා සාවද්‍ය වාර්තා වලට මාගේ ප්‍රතිචාරයෙන් පැහැදිලිවන්නේ මා නිත්‍යානුකුලව පිළිතුරු දුන් බවත් ඔබ ද්වේශ සහගතව පවසන පරිදි, ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාවක් නොදැක්වූ බවත්ය. මාගේ ක්‍රියාවෙන් පිළිබිඹු වන්නේ මා නීති විරෝධී ක්‍රියාදාමයන් වලින් සහනයක් ලබා නොගන්නා පුද්ගලයෙකි බවය. එබැවින් ඔබගේ ද්වේශ සහගත මඩ ප්‍රචාරයෙන් ඔබ තැත් කරනන්නේ, තිස් වසරක ත්‍රස්තවාදය තුරන්කිරීමේ හා නගරවල යටිතල පහසුකම් දියුණුකිරීමේ හි ලා මා සිදු කල දායකත්වයට ලක්ෂ සංක්‍යාත ශ්‍රී ලාංකිකයන් අතර මා කෙරෙහි ඇති ප්‍රශංසාව පලුදු කිරීමටත් මාගේ කිර්තිනාමයට කැළලක් ඇති කිරීමටත් ය.

හිතාමතාම සන්ඩේ ලීඩර් පුවත්පතෙහි පදනම් විරහිත චෝදනා වලට එරෙහිව ගත් නීතිමය පියවර පිළිබඳව කිසිදු සඳහනක් නොමැතිවීමෙන් ඔබගේ ලිපිය පක්ෂග්‍රාහී බවට සනාථ වන අතර හිතාමතාම මාගේ කීර්තිනාමයට හානියක් කිරීමට ඇති චේතනාවද ඉන් තහවුරු වේ.

වික්‍රමතුංග ඝාතනයට සති කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ ඉතා දරුණු ලෙස සරත් ෆොන්සේකා ව විවේචනය කරමින් පුවතක් පළ කරන ලදී. එබැවින් ඔබගේ ලිපියේ ඇති තර්කයට අනුව ඝාතනය සිදුවුයේ පුවත්පත් හෙළිදරව්වක් නිසාවෙන්නම්, විශේෂයෙන්ම මා ගත් නීතිමය ක්‍රියාමාර්ගය පරිදි තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා එම පුවත පිළිබඳව කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් බැවින්, විමර්ශනය කරන CID බලධාරීන් විසින් මේ ඔස්සේ යමින් ක්‍රමානුකූලව සහ සූක්ෂමව පරීක්ෂණ සිදු කල යුතු බව මගේ අදහසයි.

තවද, මීට මාස කිහිපයකට කලින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාගෙන් ප්‍රශ්න කල මොහොතේ, මම ඒ අයට යෝජනා කලේ එවක යුධ හමුදාපති සරත් ෆොන්සේකාට වාර්තා කළ කැප්පෙටිවලාන නැමති නිලධාරියාගේ යටතේ සිටි යුධ කණ්ඩායමක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කල යුතු බවය. නමුත්, දැනට සිදු කෙරීගෙන යන පරීක්ෂණවල පවතින දේශපාලනික හා පක්ෂග්‍රාහී බව නිසාවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම විසින් එම තොරතුරු ඔස්සේ යමින් කඩිසරව, පුළුල් ලෙස හා දැඩි උනන්දුවකින් යුතුව මෙම පරීක්ෂණ සිදු කරාවිය යන්න පිළිබඳව මා හට ඇත්තේ සැකයකි.

අවසාන වශයෙන්, මෑත කාලයේදී පවතින ආණ්ඩුව විසින් නොයෙකුත් ආකාරයෙන් ප්‍රයත්න දරමින් සිටින්නේ මාගේ කීර්තිනාමයට කැළලක් සිදු කිරීමට බව මා ඉතා කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමි. එය සාක්ෂාත් කිරීමට ඒ අය විසින් පොලිසිය හා හමුදා නිලධාරින්ට තර්ජනය කොට සාවද්‍ය පාපොච්චරණයන් සහ ප්‍රකාශන ලබා ගැනීමට උත්සාහ දරන්නේ, කෙසේ හෝ මා යම්කිසි අපරාධයකට ඇඳා චෝදනා ගොනු කිරීමටය. තවද, මට දැනගැනීමට ලැබී ඇති පරිදි පොලිස් හා හමුදා නිලධාරීන් කීපදෙනෙකුම පවසා ඇත්තේ ඉහල පෙලේ වගකීම් දරන යම් යම් පුද්ගලයන් විසින් ඔවුන්ට අනිසි බලපෑම් සිදු කර ඇති බවත් මා හට සාවද්‍ය චෝදනා එල්ල කරන ලෙසට එසේ කර ඇති බවත්ය. ජනතාවගේ අප්‍රසාදය දිනෙන් දින වර්ධනය වන ආණ්ඩුවක් විසින් මෙලෙස සිදු කරන දේශපාලනික පක්ෂග්‍රාහී ක්‍රියාවන් අප රටේ පවතින නීති රාමුව කිසිසේත් මායිම් නොකර ඇති අතර අධිකරණ පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරයි. එවන් තත්වයක් යටතේ, රටේ විශ්වාසනීයත්වයට හා අපක්ෂපාතීත්වය ආගාධයට ඇද දමන නීතිවිරෝධී ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙස, කිසිදු ප්‍රතිපත්තියකින් තොරව හා නීතිවිරෝධීව සිදු කරන ක්‍රියාවන්ට අනුබල දෙන ආණ්ඩුවෙන් සහ නීති ක්‍රියාත්මක කරන්නන්ගෙන්, මා ඉල්ලා සිටිමි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us