දයාසිරි ඩීල්.. ශ්‍රීමාල් ගේම්...ඔක්කොම ලීක්... Featured

Published in පුවත්
Saturday, 03 March 2018 16:48

ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විට දූෂණ වංචා ‍තෝතැනක බවට පත්වෙමින් තිබෙන බවට තොරතුරු හෙළිවෙමින් තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරග ,වෙනත් උත්සව අවස්ථාවන් වෙනුවෙන් වෙන් කරන මුදලින් ගසා කෑම මෙන්ම නාස්තිය ඉතා බරපතල ලෙස ඉහළ යෑම පසුගිය කාලයේදි සිදුව තිබේ. ඊට අමතරව ක්‍රීඩා සංගම් මා‍ෆියාවේ හොර ගනුදෙනු නිසා අමාත්‍යංශය මුළුමනින්ම හොර ගුහාවක් බවට පත් වෙමින් තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කළ මාතර පැවැති ජාතික ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් බරපතල වංචා රැසක් ද මේ වන විට හෙළිදරව් වී පවතී.


නාමල්ගේ මිතුරා ශ්‍රීමාල්

මෙම ක්‍රීඩා උලෙළේ ප්‍රදර්ශනාත්මක කටයුතු විශාල ප්‍රමාණයක කොන්ත්‍රාත්තු ලබාගෙන තිබු කිරිබත්ගොඩ ශ්‍රීමාල් ඇඩ්වර්ටයිසින් නැමැති ආයතනය හරහා හොර වැඩ රැසක් සිදුව තිබේ. ක්‍රීඩා ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ ගජ මිතුරකු වන මෙම ශ්‍රීමාල් ඇඩ්වර්ටයිසින් ආයතනයේ හිමිකරු ශ්‍රීමාල් යන අය හොර ගනු දෙනු සම්බන්ධයෙන් එම ක්ෂෙත්‍රයේ කූප්‍රකට අයෙකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් නාමල් රාජපක්ෂගේ ද ගජ මිතුරකු වන ශ්‍රීමාල්ට එම පාලන සමයේදී රජයේ කොන්ත්‍රාත් විශාල වශයෙන් ලැබී තිබිණි . විශේෂයෙන් ' දැයට කිරුළ ' සැණකෙලියේ ප්‍රචාරක කටයු‍තු හා ඊට අදාල ඉදිකිරීම සියල්ලම ලැබී තිබුණේ මොහුට වන අතර නියමිත මිල ගනන් වලට වඩා දෙගුණයක තරම් මුදල් ඔහු ඒ වෙනුවෙන් ලබා ගෙන තිබිණි.
2013 දැයට කිරුළෙන් රුපියල් මිලියන 200 කට අධික මුදලක් අවභාවිතව තිබෙන බවට විමර්ශනයකදී හෙළිව තිබිණි. උදාහරණයක ලෙස සඳහන් කරන්නෙ නම් දැයට කිරුළේ ප්‍රධාන වේදිකාව ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 3.85 වී තිබිණද මේ වෙනුවෙන් ශ්‍රීමාල්ගේ බිල රු. මිලියන 9.7 ක් විය.dayata kirula

එසේම එම කටයුතුවල වගකීම ඉසුලූ ඇමැතිවරයා තමන්ට ලබා දුන් කොමිස් මුදලට අමතරව තවත් මිලියන 20 ක කොමිස් මුදලක් ඉල්ලීම නිසා රාජපක්ෂවරුන්ගේ උදහසට පාත්‍රවීමෙන් ආරවුලක් ඇතිවූ අතර එම සිද්ධිය ද හෙළිදරව් විය. එදා කොමිස් හා අමතර ලාබ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට මිස වෙනත් ඇමැතිවරුන්ට ලබා ගැනීමට ඉඩක් දී තිබුණේ නැත. මේ හේතුවෙන් ඇමැතිවරයාට එම ධුරයද අහිමි විය. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් පසුව වර්තමානයේ ජනාධිපතිට හිතවත්ව ඇමැතිකමක් ලබාගත් ඔහුට වර්තමානයේ දී ද ගල් අඟුරු හා ඩීසල් බලාගාර සම්බන්ධයෙන් බිලියන් ගනනින් කොමිස් ගැසූ බවට චෝදනා එල්ල වී පවතී.


දයාසිරිත් ඇරියේ නැත

කෙසේ නමුත් රාජපක්ෂ හිතවාදී ශ්‍රීමාල් නැමැත්තා මේ වන විට දයාසිරි ජයසේකරගේ උදව්වෙන් රජයේ කොන්ත්‍රාත් ලබා ගැනිමට සමත්ව තිබේ. දයාසිරි ඇමැතිවරයාගේ දේශපාලන, පෞද්ගලික ප්‍රචාරක කටයුතු හා උත්සව අවස්ථාවන් නොමිලයේම කර දීම ද ශ්‍රිමාල් විසින් සිදුකරනු ලබන්නේ රජයේ කොන්ත්‍රාත් නිසා අසීමිතව ලාබ ලබන බැවිනි.

පසුගිය ජාතික ක්‍රීඩා උළෙලෙ සාමය හා සංහිඳියාව මූර්තිමත් කිරීම වෙනුවෙන් රජයේ ' සැළසිනේ' ආයතනයට ලැබුණු කොන්ත්‍රාත්තුවද මෙම ශ්‍රීමාල් නැමැත්තා ඇමැති පෞද්ගලික ලේකම් වරයාගේ සහයෝගයෙන් ලබාගැනීමට සමත්ව තිබිණි. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ශ්‍රීමාල්ට කොන්ත්‍රාත් පවරා දීම නිරන්තරයෙන් සිදුවන අතර මෙයද එම ක්‍රමයටම ලැබී තිබේ.

එම වැඩ සටහන වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් මිලියන 20 කට අඩු මුදල වන නමුත් මේ වන විට ශ්‍රීමාල් ඉල්ලා සිටින මුදල එමෙන් දෙගුණයකට ආසන්නය එනම් මිලියන 40 කට ආසන්න මුදලකි. එම මුදල කෙසේ හෝ ලබා දීමට ඇමැති ලේකම්වරයා මේ දින වල දැඩි වෙහෙසක් ගනිමින් තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම මුදලින් රුපියල් මිලියන 10 කට ආසන්න මුදල් අමාත්‍යශයේ ඉහළ නිළධරීන් කිහිප දෙනෙකුට ලැබීමට ද නියමිත බවය.

එම ක්‍රීඩා උළෙල වෙනුවෙන්ම රුපියල් මිලියන එකහාමරකට ආසන්න මුදලකින් නව ක්‍රීඩා පහනක් ඉදිකිරීමට නියමිත වූ නමුත් එහි වැඩ අවසන් කිරීමට හැකි වූයේ නැත. ක්‍රීඩා උළෙල වෙනුවෙන් සමාරම්බක උත්සවයේදී දල්වනු ලැබූවේ තාවකාලිකව අටවන ලද පහනකි. මේ අටවන ලද පහන වෙනුවෙන්ද ක්‍රීඩා අමාත්‍යංශයට දැන් මුදල් ගෙවීමට සිදුව තිබේ.

මේ වන විට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රචාරක කටයුතුද සියල්ලම පාහේ සිදුකරනු ලබන ශ්‍රීමාල්, ක්‍රිඩා අමත්‍යංශය හා සම්බන්ධ සියලුම ආයතන වල ප්‍රචාරක කටයුතුවලට අත පෙවීමට සමත්ව තිබෙනවා පමණක් නොව වෙනත් සුළු සුළු කොන්ත්‍රාත් පවා ලබා ගනිමින් අමාත්‍යංශය ධන උල්පතක් බවට ත් කරගෙන තිබේ.

වගා සංග්‍රාමයත් අල කරේ

කෙසේ නමුත් ශ්‍රීමාල් ඇඩ්වර්ටයිසින් ආයතනය කූප්‍රකටව ඇත්තේ. හොර වැඩ කරන ආයතනයක් ලෙසය. ජනාධිපතිවරයාගේ සංකල්පයක් ලෙස පසුගිය කාලයේ සිදු කෙරුණු රජයේ වගා සංග්‍රාම වැඩ සටහනේ ප්‍රචාරක කටයුතු බාර දී තිබුණේද මේ ශ්‍රීමාල්ට වන අතර එහිදී ද විශාල අක්‍රමිකතා ‍රැසක් සිදු කළ බවට චෝදනා එල්ලවී පවති.

විශේෂයෙන්ම බාරගත් වැඩ නිසියාකාරව නිම නොකිරීම, කූට ක්‍රමවේද හරහා වැඩිපුර මුදල් අය කිරීම , උප කොන්ත්‍රාත් කරුවන්ට මුදල් නොගෙවීම ආදීය සම්බන්ධයෙන් කූප්‍රකට ශ්‍රීමාල්ට පසුගියදා අධිකරණය හමුවේ දඬුවම්ද නියම විය. ඒ ඔහු විසින් නිමල් සුපර් ලයිට් නැමති ආයතනයකින් ලබාගත් පහසුකම් වෙනුවෙන් මුදල් නොගෙවා පැහැර හැරීම නිසාය. එහිදී අධිකරණය, කිරිබත්ගොඩ ශ්‍රිමාල් ඇඩ්වර්ටයිසින් ආයතනයේ දේපල පිස්කල් වෙන්දේසි දමා එම මුදල් ගෙවීමට නියෝග කර තිබේ. ඒ අනුව 2018 මාර්තු 07 වන දින එම වෙන්දේසිය පැවැත්වේ.

දයාසිරි බදා වැලඳගෙන කටයුතු කරමින් සිටින්නේ මේ වගේ පට්ට හොරු රැලක් සමඟය. ජනාධිපති දූෂණයට වංචාවට එරෙහිව යැයි කියමින් විශාල ප්‍රචාරයක් කරගෙන යන අතර තුර දයාසිරි ද එහි එල්ලී ආණ්ඩුව දුෂිතයි කියමින් එයින් එළියට යන්න හැදුවාට මේ හොරු සමඟ හෙළුවෙන් සිටිමින් ඒ කරන්න හදපු වැඩේ නම් අමුතු සෙල්ලමකි.

කොහොම නමුත් දැන් මේවා හෙළිදරවී තිබේ. චෝදනා එල්ල වී තිබේ. හැකිනම් දයාසිරිට දැන් රිලා ජෝක් නැතිව වැඩ පෙන්විය හැකිය.

srimal 2

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us