තානාපතිවරු 49 න් 35ක් දේශපාලන පත්වීම්

Published in පුවත්
Thursday, 07 August 2014 10:11

විදේශ තානාපතිවරු 49 දෙනා අතුරින් 35 දෙනකු දේශපාලන පත්වීම් වන අතර, අද විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියක් හැටියට පත්වී තිබෙනවා යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඊයේ සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

'' විදේශ කටයුතු අමාත්‍යංශය අද අයාලේ යන තත්ත්වයක. අදිසි හස්තයක් තමයි අමාත්‍යංශය මෙහෙයවන්නේ. අද විදෙස් සේවාව ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. අද විදේශ අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියක් හැටියට පත්වී තිබෙනවා.

සරත් කෝන්ගහගේ ජනාධිපති අපේක්‍ෂකයෙක්. ඔහු ආණ්ඩුවේ රෙදි අපුල්ලපු අයෙක්. ඔහු අද තානාපතිවරයෙක්. ජනාධිපතිවරයාගේ ඥාති සොහොයුරා අවුරුදු 9ක් තිස්සේ මියන්මාරයේ තානාපති. එක්සත් ජනපදයේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේ ඥාතියෙක්. ඔහු මුදල් වංචාවකට හසුවූ කෙනෙක්. මොකක්ද දුන්නු දඬුවම. ශ්‍රීමාල් වික්‍රමසිංහ වියානාවල තානාපතිවරයා. ශිරන්ති වික්‍රමසිංහ මැතිනියගේ සොහොයුරා.

මොකක්ද මේ විදේශ සේවය. පළාත් සභා මන්ත්‍රි ධුර තමුන්නාන්සේලා ගන්නවා වගේම තමුන්නාන්සේලාගේ දරුවෝ විදේශ සේවයට යවනවා. විදේශ සේවයේ තානාපතිවරු 49 දෙනෙක් ඉන්නවා. 11 දෙනයි විදේශ සේවාවෙන් ඉන්නේ. 35 දෙනෙක් දේශපාලන පත්වීම්. රත්තරන් තිලක්ගේ දියණියත් තානාපති සේවයේ ඉන්නවා.' යයි ද මන්ත්‍රීවරයා පැවසිය.


එම ප්‍රකාශයට පිළිතුරු දුන් විදේශ නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා මහතා කියා සිටියේ කලින් ආණ්ඩු ද එවැනි පත් කිරීම් සිදු කර ඇති බවයි.

තානාපති සේවය සඳහා පත්කර යවන පුද්ගලයන් රාජ්‍ය නායකයාගේ ඥාතිවරයකු වීම එතුමාට කරන ගෞරවයක් ලෙස සලකන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා එහිදී පැවැසීය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us