දහම් නිසා පොලීසියට වෙච්ච දෙයක්

Published in පුවත්
Monday, 19 March 2018 15:11

තලවතුගොඩදී මෝටර් රථයන් අනතුරකට පත් වීමේ සාමාන්‍ය සිදුවීමක් නිසා මේ වන විට පොලීසියට ජනාධිපති පුතාව සුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව කිරීමට සිදුව තිබේ.

මෙම මොටර් රථයේ හිමිකරු මෙන්ම ඒය ඒ මොහොතේදී පදවාගෙන ගියේ ජනාධිපති පුත් දහම් සිරිසේන බවට සමාජ ජාලා ඕපාදූපයක් නිර්මාණ වීම සිදුව තිබීම නිසා ජනාධිපතිවරයා ද බරපතල ලෙස කළඹල වූ තරම අප ඊයේ පෙන්වා දුන් අතර අද දිනද එය තව දුරටත් ඉදිරියට යමින් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අත්සනින් අද දින නිකුත් කෙරුණු නිවේදනයකින් ඔහුට අදාල නැති දේශපාලන ප්‍රශ්නයක්ද නිරාකරණය කිරීමට උත්සහ ගෙන තිබිණි. ජනාධිපතිවරයා කෙරෙහි විවිධ දේශපාලනික චෝදනා විවේචන උපහාසාත්මක දෑ නිර්මාණය වීම වැලැක්විය හැකි නොවේ. දේශපලනයේදී ඕනෑම කෙනෙකුට මෙය පොදු දෙයකි. තමන්ට එරෙහිව තිබෙන දෙයකට පිළිතුරු දී ගත නොහැකි නම් ඒ දේශපාලකයා දුර්වලයෙකි. පසුගිය රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදී රාජපක්ෂ පුත්‍රයන්ගේ ලම්බොගිනි ගැන අනන්තවත් වාර්තා පල වූ නමුත් ඒ ඇත්ත හෝ බොරු වූවත් ඒ ගැන රාජපක්ෂලා කළඹල වූයේ නැත. වත්මන් ආණ්ඩුව හොයා ගත්තු ලැම්බොගිණියක්ද නැත.

මෙම මොටර් රථ අනතුර සම්බන්ධයෙන් එල්ලවන අවලාද ගැන ජනාධිපතිට දෙන්න උත්තර නැති නිසාදෝ එය පොලීසියට බාර කර තිබීම මඟින් පෙන්වන්නේ ද ඔහුගේ ඇති දුර්වල කමයි. කොහොම නමුත් පොලීසියද මේ ප්‍රශ්නය නිසා හත් පොළේ ගාගෙන ඇත.

ඒ අද දින නිකුත් කළ හදිසි නිවේදනය අනුව අනතුරට පත් මොටර් රථයේ අංකය ලෙස පොලීසිය පවසන්නේ CBB5005 සහිත රථයක් ගැනය. එහෙත් ඇත්තටම අනතුරට පත්ව තිබූ රථයේ අංකය C18 3182 ය... (ඡායාරූපය බලන්න)

මෙම මොටර් රථයට ජනාධිපති වරයාගේ හෝ එම පුත්‍රයාගේ සම්බන්ධයක නොමැති නම් මේ ගැන මෙතරම් කළඹලවන්නෙ කුමකටද කියා පැහැදිලි නැත. ජනාධිපති මාධ්‍ය අංශයද මේ වෙනුවෙන් දරණ වෙහෙස තෙරුම් ගත නොහැක. පොලිසිය තමන්ට ආයත් නැති දෙවල් ගැන කතා කිරීමද අප්‍රභංසයකි.

එක්කො කට්ටියම එකතු වී ජනාධිපතිවරයාව විහිළුවකට ගෙනය. නැත්නම් ජනාධිපතිට පිස්සුය.

එසේම මහනුවර සිදුවීම නිසා හදිසි නීතිය පැනවීම පසුගිය 16 වෙනිදා තෙක් බලපැවැත්වෙන පරිදි ජනධිපතිවරයා සිය බලතල පාවිච්චිකර සිදු කළේය. ඒ අනුව නිශ්චිත කළ දිනයේදී ඒ ස්වයංවම අහොසි වී යන්නෙය, එහෙත් ඊයේ ජනාධිපති මාධ්‍ය අංශය කීවේ හදිසි නීතිය ඉවත් කිරීම විශේෂ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා අත්සන් කළ බවකි..සත්‍ය ලෙසම එවැන්නක නීතිමය අවශ්‍යතාවක තිබුණේ නැත. මේවා විහිළුය. සමාජ ජාලා තහනම් කිරීමද ජනාධිපතිවරයාගේ නියමය පරිදි සිදු වූ නමුත් ඒ අහොසි කිරීමදී ජනපති උපදෙසින් ඒ ඉවත් කෙරේ යනුවෙන් මේ මාධ්‍ය අංශය නිවේදනය කළේය. හරියට එය වෙන කිසිවකු විසින් මෙම තහනම් නියෝගය පැනවූ බව හැ‍ඟෙන පරිදිය.

මෙලෙස රටට විහිළු සපයන ජනාධිපතිවරයෙක් මීට පෙර නම් සිටියේ නැත. තමන් කරන කියන දේ ගැන අවබෝධයකින් තොරව ඔහු කටයුතු කරමින් සිටින බව දැන් පැහැදිලි වෙමින් තිබේ.. විධායක ජනාධිපතිධුරය වෙනස් කරන බවට දස අතේ පොරොන්දු වු නමුත් 2020 ජනාධිපතිවරණයට ශ්‍රීලනීප අපේක්ෂකයා ලෙස ඔහුගේ ඉදිරිපත් වීම ස්ථිර බව ඊයේ ශ්‍රීලනීප ලෙකම් දුමින්ද දිසානායක මාධ්‍ය හමුවේ සපත කර සිටියෙය. පසුගිය පලාත්පාලන මැතිවරණයේ ප්‍රතිපලය ගැන අවබෝධයක් තිබුණේ නම් මෙවැනි මෝඩ තීරණ ගන්නේ මෝඩයෙක් හැර වෙනකෙක් පෙළබෙන්නේද නැත.

ජනාධිපති, දහම් පුතාට දක්වන සැලකිල්ල රටේ දරුවන්ට නෑ

car 2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us