මෛත්‍රීපාලනේ දුම්වැටි මිළ ඉහළ දැමීමෙන් ලෙඩ වැඩි වෙලා... Featured

Published in පුවත්
Wednesday, 21 March 2018 23:13

දුම්පානයට එරෙහිව රජය ගෙන යන වැඩ පිලිවෙලෙහි අතාර්කික කම නිසා දුම් පානය නිසාම රෝගී භාවයට පත්වන්නන්ගේ ප්‍රමාණය ඉදිරියේදී දරුණු ලෙස වැඩි වෙනු ඇති බවට අනතුරු හැඟවීම මේවන විටත් ලැබෙමින් පවතින බව ඒ සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

මෙයට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු දුම් වැටි මිල අධික ලෙස ඉහළ දැමිමට ක්‍රියා කිරීම නිසා බීඩි සහ ජාවාරම් කරුවන් විසින් මෙරටට ‍රැගෙන එනු ලබන බාල වර්ගයේ දුම්වැටි සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පැවැතීමය. ඒ හරහා සෞඛ්‍යමය වශයෙන් එල්ල වන තර්ජනය පෙර කාලවලට වඩා වැඩි විය හැකි බවත් ඒ වෙනුවෙන් රජයට වගවීම බාරගැනීමට සිදු වෙනු ඇති බවටත් මත පලවේ. ආසියානු හා පැසිපික් කලාපය තුල දුම් වැටි මිළ ඉහළම රට ශ්‍රිලංකාව වන අතර එය ලෝකයේ දෙවැනියට ඉහලම මිළ වශයෙන්ද සැලකේ.

නව රජයේ බදු ප්‍රතිපත්තිය යටතේ දුම් වැටි සඳහා සියයට 257 ක බදු පැනවීමක් වත්මන් රජය සිදු කර තිබේ. මලයාසියාව මීට පෙර දුම්වැටි සඳහා සියයට 111 ක බදු වැඩි වීමක් සිදු කිරීම නිසා වසර 5 ක් වැනි කෙටිකාලයක් තුලදි දුම් වැටි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට රට නතු වූ අතර විශාල මුල්‍ය අර්බුදයකට ලක් ව තිබිණි. පාකිස්තනයද මෙවැනි අර්බුදයකට ලක්වූ අතර පසුව රජය අඩු මිළ දුම්වැටියක් හඳුන්වා දී බාල වර්ගයේ දුම්වැටි භාවිතය අවම කර ගැනීමට සමත් විය.

පසුගිය දා Research Intelligence Unit (RIU) ආයතනය විසින් ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lanka Economic Forum) පැවැත්වූ අතර එහිදී දුම්කොළ නිෂ්පාදන කර්මාන්තය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයක් පිළිබඳව අවධානය යොමු කළේය. මෙහිදී ‘මේ වන විට ආසියානු පැසිෆික් කළාපයේ සිගරට් මිල වැඩිම රට වන්නේ ලංකාවයි. ලෝකයේ දෙවැනියට වැඩිම සිගරට් මිලක් ඇති රට වන්නේද ලංකාවයි. මේ නිසා, ලංකාවේ මෙම කර්මාන්තය ජාවාරම්කරුවන්ගේ පරාදීසයක් බවට පත්වී තිබෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Research Intelligence Unit (RIU) හි, නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී, රොෂාන් මඩවල මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා රේගුවට අනුව වංචා සහගත අයුරින් මෙරටට ගෙන්වන දුම්වැටි ප‍්‍රමාණයෙන්, සොයාගැනීමට හා රාජසන්තක කරගැනීමට හැකි වී තිබෙන්නේ 1/10 ක් තරම් සුළු ප‍්‍රමාණයකි. සමහර අවස්ථා වලදී මෙරටට නීති විරෝධී ආකාරයෙන් ගෙන්වන විශාල සිගරට් තොග රාජසන්තක කරමින් අදාළ ජාවාරම්කරුවන්ට දඩ පැනවූවත්, එය අපරාධ ක‍්‍රියාකාරකම් මැඩලීම සඳහා ප‍්‍රමාණවත් නොවේ. මේ ආකාරයෙන් නීති විරෝධී දේශසීමා ක‍්‍රියාකාරකම් වර්ධනය වෙද්දී Research Intelligence Unit (RIU) විසින් නිරීක්ෂණය කර තිබෙන්නේ, දුම්වැටි වලට වඩා දරුණු මත්ද්‍රව්‍ය මෙම ජාවාරම්කරුවන් විසින් මේ ආකාරයෙන්ම රට තුළට රැගෙන ඒමේ ප‍්‍රවණතාවයේ වර්ධනයක් ඇති වන බවයි.

2009 වසරේ සිට 2015 දක්වා දුම්වැටි සඳහා යම් ස්ථාවර ප‍්‍රමාණයකින් බදු වැඩි වුවද, 2016 වසරේදී විශාල ලෙස බදු වැඩිකිරීම හමුවේ තත්වයෙන් බාල හා නිතී විරෝධී දුම්වැටි විශාල වර්ධනයක් ඇති වීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ මුදල් අමාත්‍යංශයේ බලාපොරොත්තු වන අරමුණු දෙකම සාක්ෂාත් කර ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන යෝජනා කර තිබෙන ආකාරයට බදු 10% කින් වැඩිකරන විට අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල දුම්පානය 8% කින් පමණ පහළ යනු ඇතත්, ශ‍්‍රී ලංකා වෙළඳපල තුළ බීඩි සහ නීති විරෝධී ආකාරෙයන් ගෙන්වන ලද සිගරට් ඉතා අඩු මිලදී ගැනීමට හැකි තත්ත්වයක් තිබියදී, ජාත්‍යන්තර ප‍්‍රතිපත්තීන් ශ‍්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කළ නොහැකි පරිසරයක් නිර්මාණය වී ඇත. මේ අනුව, සඳහන් කළ හැක්කේ ජාත්‍යන්තර ආයතන සඳහන් කරන පරිදි, ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ දුම්පානය අඩුකිරීම සඳහා බදු වැඩිකිරීම මගින් දුම්වැටි මිල වැඩිකිරීම එතරම් දායකත්වයක් දක්වා නොමැති බවයි.

දුම් වැටි සඳහා අධික බදු වැඩි කිරීමක් සිදු කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න එවකට දැඩි ස්ථාවරයක සිටි අතර එවකට මුදල් ඇමැතිව සිටි රවී කරුණානායක එහි ඇති අතාර්කික බව පෙන්වා දුන්නේය. නමුදු දුම්වැටි සඳහා අධික බදු පැනවීම සිදු කරනු ලැබිය. මෙමඟින් රජයට සාමාන්‍යයෙන් හිමි විය යුතු බදු ආදායම රුපියල් බිලියන 3 කින් පමණ අඩු වීමක්ද වාර්තා කර තිබේ.

මෙම Research Intelligence Unit (RIU) නිරීක්ෂණය මගින් ආනාවරණය කරගත් කරුණු වලට අනුව පහත පරිදි වැදගත් නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කළ හැකිය.

01. රජය සහ පුද්ගලික අංශයද අයත්වන පරිදි මෙම ක්ෂේත්‍රයේ සියළුම ප‍්‍රධාන කණ්ඩායම් ඇතුළත් වන බහු-පක්ෂ උපදේශන කණ්ඩායමක් නිර්මාණය කිරීම.

02. දුම්කොළ නිෂ්පාදන බදුකරණය දේශපාලනීකරණයෙන් මුදවා, තාර්කික, සමබර සහ සමීක්ෂණය මත පදනම් වූ ප‍්‍රතිපත්ති රාමුවක් ඒ සඳහා ඇතිකිරීම.

03. ජාත්‍යන්තර ආයතන පවසන දෑ ඒ ආකායෙන්ම පිළි නොගනිමින්, දේශීය ස්වභාවය මනාව තේරුම් ගනිමින් ජර්මනිය, පකිස්තානය සහ අනිකුත් රටවල් මෙම ගැටලූව විසඳාගෙන තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රවේශය පිළිබඳව අවධානය යොමුකිරීම.

04. සෞඛ්‍ය ඉලක්ක ජයගැනීම සඳහා බදුකරණය පිළිබඳව පමණක් විශ්වාසය නොතබා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම වැනි ඉතා වැදගත් ප‍්‍රතිපත්තිමය ක‍්‍රියා මාර්ග පිළිබඳව සලකා බැලීම.

05. බීඩි වැනි ආශ‍්‍රිත කර්මාන්ත පිළිබඳ ප‍්‍රතිපත්තිය නැවත විමර්ශනයට ලක් කිරීම.

06. නීති විරෝධී ආකාරයෙන් ගෙන්වීම පිළිබඳව ඇති ප‍්‍රතිපත්තිය නැවත විමර්ශනයට ලක් කිරීම.

’නීත්‍යානුකූල සහ නියාමනය කළ කර්මාන්තයකට නිවැරදි අනාගත පුරෝකතන කරමින්, සමාන තරගකිරීමේ අවස්ථා ලබාගනිමින්, මහා භාණ්ඩාගාරය සඳහා පුරෝකතනය කළ ආදායමක් උපයාදීම සඳහා දුම්කොළ නිෂ්පාදන බදුකරණය දේශපාලනීකරණයෙන් ගලවා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රතිපත්තිය සහ මුදල් අමාත්‍යංශයේ ප‍්‍රතිපත්තිය රජයට එකවර සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම්, මෙම කර්මාන්තයේ සියළුම පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීම අනිවාර්ය වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් මඩවල මහතා තවදුරටත් අවධාරණය කළේය.

මේ අතර දුම්කොළ වගාව තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙන තිබෙන තිරණය නිසා දුම් කොළ වගා බිම් 20,000 ක් පමණ හා ‍රැකියා 3,00,000 ක් අහිමි වීමටද නියමිතය. එමඟින් යැපෙන්නන් ප්‍රමාණය සලකා බැලීමේදී දුම් කොළ වගාව තහනම් කිරීමෙන් තවත් විශාල අර්බුදයක් හට ගනු ඇත.

z pi Policy

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us