විශ්වාසභංගය..ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් වෙයි.. මංගලගෙන් අනතුරු හැඟවීමක්

Published in පුවත්
Monday, 26 March 2018 22:15

අගමැතිවරයා ඉවත් කිරීම ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබුණත් මෙහි සැබෑ ඉලක්කය ජනාධිපතිවරයා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අද මාධ්‍ය හමුවේ ප්‍රකිශයක් කරමින් පැවසීය.

මේ විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබෙන්නේ ජාතික වශයෙන් පැවැති මැතිවරණ දෙකකින්ම පැරදිච්ච බංකොලොත් දේශපාලන පක්ෂ යළි පස්ස දොරෙන් බලයට එමේ කුමන්ත්‍රණයක් ලෙස බව එහි දී ඇමැතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයාට සැබෑ ආරක්ෂාව ලැබෙනේ අගමැති තුමාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් බව ජනාධිපතිවරයාට විරුද්ධ බලවේග හොඳින්ම දන්නා නිසා ජනාධිපතිවරයාව ආරක්ෂා කරන ප්‍රධාන බලවේග බිඳ දමලා එතනට තමන්ට මෙහෙයවන්න පුලුවන් අගමැතිවරයෙක් තාවකාලිකව පත්කිරිම විශ්වාසභංග යෝජනාව මූලික අදහස බවත් ඔහු පැවැසීය. එමෙන්ම ඒ තුලින් කතානායකවරයාවත් වෙනස් කර මහින්ද රාජපක්ෂ වැනි කෙනෙක් අගමැතිධුරයට පස්ස දොරෙන් ගෙන එනු ලබන බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම ඉන් පසුව දෝශාභියෝගයක් ගෙන එමින් ජනාධිපතිවරයාව පලවා හැරීම මේ අයගේ සැබෑ උත්සාහය බව ඔහු අවධාරණය කළ අතර. මේ උත්සාහය උත්සාහයකටම පමණක් සීමා වෙන බව සඳහන් කළේය.

මංගල සමරවීර මහතා අද දින මේ අවධාරණය කර පැවැසූ සත්‍යය දේශපාලන සිහි බුද්ධියක් ඇති කිසිවකුට හෝ අලුතෙන් සිතන්නට යමක් නොවේ. මේ හා සමාන කතාවක් මීට දින කිහිපයකට පෙර කෘෂිකර්ම ඇමැතු දුමින්ද දිසානායක ද බී බී සී සේවය වෙනුවෙන්ද පල කර තිබිණි.

ශ්‍රිලංකා නිදහස් පකෂය යනු මෛත්‍රීපාල සිරිසේනට උරුමකම් කිව හැකි පක්ෂයක් නොවන බව  පැහැදිලි නමුත් එය කොල්ල කා ගැනීමට දරණ උත්සාහය තුල ගොබ්බ දේශපාලන තීන්දු තීරණ ගනනාවකට ජනාධිපතිවරයා පසුගිය කාලයේ එළඹ තිබු බවද රහසක් නොවේ.

අගමැතිවරයාට එරෙහිව රාජපක්ෂවරුන්ගේ සහයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම විශ්වාස භංගය ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සැලසුමක් බවට මේ වන විටත් හෙළිදරව් වී හමාරය.

තමන් නොම්මර එකේ දේශපාලන ගුණමකුවකු බව මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ග්‍රාම්‍ය දේශපාලන බාවිතාවෙන් දිගින් දිගටම පෙන්වා දුන් සත්‍යයි. එහෙත් ඒ නොතකා තව දුරටත් එක්සත් ජාතික පක්ෂය ඔහුව ආරක්ෂා කිරීමේ තැනක පසුවන්නේ ඔහුගේ මුග්ධ භාවයන් ඔහුට නොතේරීම නිසා යැයි කල්පනා කිරීමද වැරදි නැත.

එහෙත් මංගල සමරවීර මහතා ද දින් සිදු කළ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ තවත් මෝඩ පහේ සෙල්ලම් නොකරන ලෙස ජනාධිපතිවරයාට සිදුකළ පැහැදිලි අනතුරු හැඟවීමක් බවය. ජනධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නෙ නම් ඊට එක්සත් ජාතික පක්ෂයේද සහය අනිවාර්යෙන්ම ලැබිය යුතු අතර ..එජාපයේ මහන්සියෙන් එහි පාක්ෂිකයාගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයා ඊට ද්‍රෝහී වෙන්නෙ නම් එජාපය දෝෂාබියෝගයක්ට සහය දැක්වීමට දෙවරක් කල්පනා කරන්නෙ නැත. දැනටමත් ජනාධිපතිවරයාට නිවැරදි වන්නට අවස්ථා ගනනාවක් එජාපය විසින් ලබා දි තිබේ.

එහෙත් ඒ තමගේ ග්‍රාම්‍ය දේශපාලන දැනුමට අනුව කිලී මහරාජා සහ ගොබ්බ ජනාධිපති උපදේශකයන්ගේ ඇන්දිල්ලට ගොදුරුව සිටින ජනාධිපතිවරයා එළඹෙන අප්‍රෙල් 04 වන දිනටත් මෙලෙස කටයුතු කරන්නෙ නම් ඔහුගේ මිනී වළ ඔහුම කපා ගැනීමක් හැර වෙනත් කිසිවක් වීමට ඉඩ නැති බවත් පැහැදිලිය.

එහෙත් අවසානයේ අර්බුදයෙන් අර්බුදයට යන්නේ මෙරට පුරවැසියාය .. මේ කාලකන්ණි දේශපාලන ඩීල් නිසා රට අරාජික වී යන එනමක් නැති රටක් මිස මෛත්‍රීපාල සිරිසේනටත් මහින්ද රාජපක්ෂටත් කළ හැකි වෙන කෙන්ගෙඩියක් නැත

Last modified on Monday, 26 March 2018 22:19

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us