ආණ්ඩු වෙනස් කිරීමේ උවමනාවක් නැහැ -විමල්

Published in පුවත්
Thursday, 07 August 2014 11:13

ජාතික නිදහස් පෙරමුණට ආණ්ඩුව වෙනස් කිරීමේ උවමනාවක් නොතිබුණද, ආණ්ඩුවට විරුද්ධව සමාජයෙන් එල්ලවන සාධාරණ විවේචන නිවැරදි කරගෙන ඉදිරියට යාමේ අවශ්‍යතාවක් තිබුණු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගේ එකඟතාව අනුව ඔවුන් ඒ දෙසට නැඹුරු වී ඇතැයි සිතෙන බවත් එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (06දා) පැවසීය. 

එකඟතාවය අනුව ඉදිරි ජනාධිපතිවරණයට පෙර බොහෝ යෝජනා ක්‍රියාත්මක වනු ඇති බව පැවසූ අමාත්‍යවරයා අයවැය සකස් කිරීමේදීද ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කරනු ඇතැයිද සඳහන් කළේය.


බත්තරමුල්ල, ජයන්තිපුර පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, දේශීය නිෂ්පාදන බලගැන්වීම, ජාතික කර්මාන්ත බලගැන්වීම ඇතුළු ජනතාවට ජයග්‍රහණ ගෙන එන ක්‍රියාමාර්ග 26 කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගේ එකඟතාව පළවූ බවද වීරවංශ මහතා පැවසීය.

''තත්ත්වයන් වෙනස් වෙද්දී දේශපාලන කාරණාත් වෙනස් වෙනවා. අපි කළේ අඳුරට පහනක් පත්තු කිරීම පමණයි. ඒ අනුව ඉදිරියේදී ජනතාවට ජයග්‍රහණ රැසක් ලැබීමට නියමිතයි'' යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us