කතානායකවරයා මෙහිදි මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා අත්තේ මේ සඳහා ජනාධිපතිවරයාගේ සහයොගය ලබා ගැනිමට මහනායක හිමිවරුන්ට මැදිහත් වන ලෙසය. එසේ නොවුනු හොත් පවතින නොසන්සුන් තත්වය අනුව මහ පාරේ සටන් ඇවිලී මහ විනාශයක් සිදුවනු ඇතැයි කරු ජයසූරිය මහතා අනතුරු හැඟවීමක්ද සිදු කර තිබේ. ඒ අනුව මෙම සතිය තුලදි පාර්ලිමේන්තුව රැස් කරවන්නැයි ජනාධිපතිවරයාට දැන්වීමට නියමිතය.
ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුව වහා රැස්කළ යුතු බව මහනායක හිමිවරුන් ජනධිපතිවරයාට හා කතානායක වරයාට දන්වා තිබිණි . රට අරාජික වීම වලකා වත්මන් දේශපාලන අර්බුධය විසඳිය යුතු බව මහනායක හිමිවරුන් වැඩි දුරටත් දන්වා තිබිණි