ඒ අනුව දෙවරක් ජනාධිපතිධුරය ඉසුලූ පසුව එක වාරයකට පසුව නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බවට මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නියමිතය. ඒ අතර 19 ව්‍යවස්ථාවෙන් කප්පාදු කරනු ලැබූ බලතල කිහිපයක්ද යළි ලබා ගැනීමට තීන්දු කර ඇත. ඒ අනුව ජනධිපතිවරයාට වසර හතරමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා ලිය නොහැකි බවට තිබෙන ප්‍රතිපාදනය, අගමැතිවරයා ඉවත් කිරීමට නොහැකි ප්‍රතිපාදන, ඉවත් කෙරෙනු ඇත.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපති අපෙක්ෂක්යා ලෙස ඉදිරිපත් වීම සඳහා තබා තිබු බලාපොරොත්තු මේ අනුව අකුලා ගැනීමට සිදුවනු ඇත. මේ අතර රාජපක්ෂ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම පවසා තිබුණේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිසේත්ම ඔහුට පොරොන්දුවක් නොදුන් බවත්. එය කිසිදස් සිදු නොවන බවත්ය.
දූෂිතයන් අවීචි මහ නරකාදියට යවා මිසක් තමන් ජනාධිපතිධුරයෙන් ඉවත් නොවන බවට පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී දිව්රා පොරොන්දු වූ මෛත්‍රීපාල සිරිසේනට දූෂිතයන් සමඟ මේ ඉතිරි අවුරුද්දක පමණ කාලය ගත් කර විශ්‍රාම ගැනීමට සිදු වනු ඇත. වත්මන් ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවැරෙන බලතල අනුව ජනාධිපතිවරයා සැලකෙන්නෙ බල ශුන්‍ය පුද්ගලයකු ලෙසය. ඒ බව ජනාධිපතිවරයාම පසුගියදා පවසා තිබිණි.
මේ අනුව රාජපක්ෂ ගේ නායකත්වයෙන් වන ආණ්ඩුවක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේනට යහපාලනයේදි ලැබුණු ඉඩ කඩවත් නොලැබෙනු ඇත. ඔහු නිකම්ම නිකම් පඹයෙකු පමණක් වෙනු ඇත. රාජ්‍ය මාධ්‍ය බාර කැබිනට් ඇමැතිවරයා ලෙස සියලූම මාධ්‍ය ආයතන මේ වන විට ඔහු යටතේ පැවැතියත්. රාජ්‍ය මාධ්‍ය පාලනය මුළුමනින්ම රාජපක්ෂ හිතවාදීන් අත් පත් කරගෙන තිබේ. ජනාධිපතිවරයගේ ප්‍රතිරුපය ඉහළ නැවීම වෙනුවට සියළු අවස්තා රාජපක්ෂවරු වෙත ලබා දීම සිදු වෙමින් පවතී. ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස පත් කර තිබෙන නිලධාරීන් කාර්යාල කාමර වලට පමණක් කොටු කර තැබීම සිදුව තිබේ.
කෙසේ නමුත් සන්ධානයේ ලෙකම් මහින්ද අමරවීර , දුමින්ද දිසානායක ශ්‍රිලනීප මහ ලෙකම් රොහණ ලක්ෂන් පියදස ආදීන් දිගින් දිගටම පවසා හිටියේ ශ්‍රිලනිපයේ ජනාධිපතිධුර අපෙක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනව ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපය දේශපාලන තීන්දුවක් ගෙන තිබෙන බවය.