ජනපති - ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාවට අලුත් සාක්ෂි මවයි !

Published in පුවත්
Tuesday, 13 November 2018 14:07

ජනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සකස් කරන ලද පිටපතට අවශ්‍ය සාක්ෂි කඩිනමින් සකස් කරන ලෙස ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් සිටී.

ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කිහිපදෙනකුගේ උපදෙස් ලබාගන්නා ලෙසද අදාළ පාර්ශ්වය අවධාරණය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණයට අදාළව හඬ පට 124 ක් පරීක්ෂා කර ඇති බවත්, පුද්ගලයන් 87 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්ය.

එහෙත් මේ පරීක්ෂණවලදී ජනාධිපතිවරයා හෝ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කිසිදු තොරතුරක් හෙළිදරව් වී නැති බවත්, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පමණක් තොරතුරු හෙළිදරව් වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ප්‍රසන්න අල්විස් අතර දීර්ඝ කාලීන විරසකයක් තිබී ඇත. 2015 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස පත්ව ආ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක සිල්වා පළමු රාජකාරිය ලෙස කර ඇත්තේ එහි සේවය කළ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මාරු කර යැවීමයි. ඒ තංගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා ලෙසය. මේ සම්බන්ධයෙන් ප්‍රසන්න අල්විස් විසින් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කර ඇත. එසේම සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් නාලක සිල්වාගේ සුදුසුකම් පිළිබඳ ගැටළුවක් ඇති බව පවසමින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇත.

එහි සඳහන් වන්නේ නාලක සිල්වා සුදුසුකම් නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට එක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පවත්වයි. නාලක සිල්වාගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල සහතික මෙම විමර්ශන ඒකකයට ලැබී ඇතත්, මෙතෙක් නාලක සිල්වාගේ ඉන්දියාවේ උපාධි සහතිකය ලැබී නැති බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීමෙන් පසු, එවකට එම කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් එවකට හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන්ට ලිඛිතව දන්වා ඇත්තේ මෙම නිලධාරියාට පළිගැනීම් පිළිබඳ චෝදනා රැසක් ඇති නිසා ඔහුව වෙනත් තැනකට මාරු කරන ලෙසයි. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් එම ලිපියට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

මේ නිසා අදාළ කුමන්ත්‍රණ සැලසුම සකස් කර ඇති බවත්, එය දේශපාලන අවශ්‍යතාව මත මෙසේ වෙනස් කර ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මේ පරීක්ෂණයට අදාළ බී වාර්තාවේද මේ කරුණු ඇතුළත්ය. එම නිසා කෙසේ හෝ සාක්ෂි සකස් කර මෙම කුමන්ත්‍රණය ජනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ලෙස තහවුරු කරන ලෙස අදාළ ඉහළ පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. ඒ අනුව දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයක් නමින් පෙනී සිටින නාමල් කුමාර නමැත්තා ඉදිරියේදී තවත් සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කරනු ඇති බවත්, නාමල් කුමාර හදිසියේම මතුවූවාක් මෙන් තවත් පොලිස් ඔත්තුකරුවකු ඉදිරියේදී මාධ්‍ය ඉදිරියට ගෙනඒමට සැලසුම් සකස් කරමින් සිටින බවත් වැඩිදුරටත් අදාළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us