තත්වේ හොඳයි.. එජාපය මහ මැතිවරණ සූදානමක. ජනාධිපතිවරණයකුත් ඉල්ලයි. Featured

Published in පුවත්
Saturday, 17 November 2018 13:28

ජනාධිපති සිරිසේන විසින් නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිධුරයේ හිඳවීමේ සිට මේ දක්වා වූ සිදුවීම් දාමය එක්සත් ජාතික පක්ෂයට දේශපාලනිකව අතිශය වාසි සහගත බව එජාපයේ ජේෂ්ඨ ඇමැතිවර්යකු පැවසීය. 

මේ තත්වය මත හදිසි මැතිවරණයක් සම්බන්ධයෙන් බිය වීමට කිසිදු හේතුවක් නැති බවත් ඔහු අවධාරණය කළේය.

ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ලබන වසරේ ජුනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා එජාපය බලාපොරොත්තුව වන බවට අදහස් පළ කර තිබිණි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ හිතුවක්කාර මෝඩ හැසිරීම රට අරාජික වීම කෙරෙහි සෘජුවම බලපෑමක් කර ඇති බවත් ඔහු පොරොන්දු වූ ලෙස විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා වෙනුවට අද ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමි නොවීම බලයක් පාවිච්චිකරමින් ඒකාධිපතියකු ලෙස හැසිරීම රටේ යහපතට හේතු නොවන නිසා වහාම ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට සිදුවනු ඇති බවත් අවධාරණය කරයි. දෝශාභියෝගයකට අවශ්‍ය කරන සියලු සාධක ඔහු සම්පූර්ණ කර තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. මේ නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමද සිදු විය යුතු බවත්. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් සහිත එම ප්‍රතිපත්තියේහි පිහිටා සිටින බුද්ධිමත් ජනාධිපතිවරයකු මේ වෙනුවෙන් පත් කර ගත යුතු වීම එජාපයේද අපේක්ෂාව බව ඔහු පවසයි.

සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණු කණ්ඩායම් බලය වෙනුවෙන් ලැජ්ජා සහගත ලෙස නින්දිත ලෙස කෑදරකමෙන් කටයුතු කිරීම ගැන එම පාක්ෂිකයන් පවා කළකිරීම මේ දිනවල පැහැදිලිවම කැපී පෙනෙන සිදුවීමක්ව තිබේ. එමෙන්ම මුලු ගැන්වී සිටි එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් සහ හිතවතුන් සිරිසේන ජනාධිපතිවරයාගේ පාවාදීම හමුවේ දේශපාලනික අවධිවීමකට ලක්ව තිබේ. පසුගියදා ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතා ‍රැළිය සඳහා සංවිධානාත්මක කැඳවීමකින් තොරව එජාප පාක්ෂිකයන් දහස් ගනනින් ‍රැස්වී සිටීම ඊට උදාහරණයකි.

මේ තත්වයන් මත ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ටසම්පන්න දේශපාලන පෙරමුණකට පාක්ෂික සහ මධ්‍යස්ථ ඡන්ද දායකයාගේ ආකර්ෂණය නිරායාසයෙන් ලැබීම මෙරටේ සුපුරුදු තත්වයකි. විශේෂයෙන්ම මහ මැතිවරණයක දී අතිශය තීරණාත්මක වන පාවෙන ඡන්ද කෝටාව කිසිසේත්ම සිරිසේන මහින්ද හවුලට බැර වීමේ හැකියාවක් නැත. එමෙන්ම අලුත් ඡන්ද හා තරුණ පරපුරේ (විශේෂයෙන්ම සමාජජාලා පරිහරණය කරන බුද්ධිමත් සංවාදශීලී පරපුර ) ඡන්ද කෝටාවද මෙහිදී තීරණාත්මක ලෙස බලපෑමක් කරනු ඇත. මජර අශිෂ්ටකම් වෙනුවෙන් එම ඡන්ද කෝටාවද පාවිච්චි නොවනු ඇත. ජාතිවාදය ආගම්වාදය විසින් මේ රටට කළ විනාශය යළි දකින්නට මේ පරපුර කැමැති වන්නේ නැත.

පසුගිය වසර තුන තුළදි යහපාලනය විසින් රටට අත්පත් කර දුන් නිදහස් සාමකාමී පරිසරය පෙර රාජපක්ෂවාදීන්ව සිටි අයද අද අගය කරනු දකින්නට අහන්නට තිබේ. ආර්ථික ක්ෂෙත්‍රයේ තිබු අර්බුධයන් සමනය කර දිගු කාලීන සැලසුම් අනුව රටේ ආර්ථිකය සුභ දිශාවකට ගමන් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩ පිළිවෙල ගැන ආර්ථික ක්ෂේත්‍රයේද පිළිගැනීමට ලක්විය. ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම විදේශ ප්‍රතිපත්තිය ගැනද ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට පාත්‍රව තිබේ.

මේ තත්වයන් රටට රහසක් නොවේ. මේ නිසා විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ගේ මජර කෛරාටික ත්‍රාඩ රැවටිලිකාර වංචාකාරී දේශපාලනය රට හමුවේ වුවමනාවටත් වඩා හෙළිදරව් වී ඇති මොහොතක රාජපක්ෂවරුන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට දෙවරක් නොසිතන්නේ මොළේ කළඳක නැති ජාතිවාදී ගෝත්‍රික තකතීරුන්වන් කිහිප දෙනා පමණය. අද රාජපක්ෂවරුන් වෙනුවෙන් වචනයකින් හරි සහයෝගය දක්වන්නේ මේ තකතීරුවන් පිරිස හැරුණාම රාජපක්ෂලාගේ ඉඳුල් කමින් .වංචාවෙන්, බොරුවෙන්, බඩගෝස්තරය සොයා ගත් බත් බැලයන් පිරිස පමණය.

මේ නිස ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයට මහමැතිවරණ ජයග්‍රහණය කිරීම අසිරු නැත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us