අපි කිව්ව හරි, සිරිසේනගේ සර්වපාක්ෂික සමුළුවත් කුප්ප වැඩක්

Published in පුවත්
Sunday, 18 November 2018 20:41

සිරිසේන ජනපති විසින් අද සවස් වරුවේ කැදවා තිබුණ සර්ව පාක්ෂික සමුළුවත් සිරිසේනගේ හිතුවක්කාර මෝඩ කතන්දර අසා සිටීමෙන් පසුව කිසිදු වැද්ගත් කමකින් තොරව අවසන් වී ඇත.

අද දින මන්ත්‍රීවරුන් 113 දෙනගේ දිවුරුම් පෙත්සම් බාර දිමට සූදානම් වූවද සිරිසේන එය බාර ගැනිමට කැමැති වී නැත. අප අද පෙර වරුවේද කිය සිටියේ මෙම සර්වපාක්ෂික සමුළුව සිරිසේනගේ තවත් තකක්ඩි වැඩක් බවය.

හෙට දිනයේදී මෙම බහුතරය පාර්ලිමේන්තුව හමුවේ ඔහු බලාපොරොත්තු වෙන ' විධිමත්' ක්‍රමයට පෙන්විය යුතු බව සිරිසේන පවසා ඇත.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ඇමති අජිත් පි පෙරේරා මාධ්‍ය හමුවේ කියා ඇත්තේ තමන්ට බහුතරය ඇතිබව පෙන්විමට 113 දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ හෙට දිනයේදි සුදානම් බව සිරිසේනට දැන්වු බවය.

සර්වපාක්ෂික සමුළුව සිරිසේනගේ තවත් බල පෙරේත කුමන්ත්‍රණයක් 

සිරිසේන ජනාධිපතිවරයා අද සවස කැඳවා තිබෙන සර්ව පාක්ෂික් සමුළුව බලයට තිබෙන මළ පෙරේතකම නිසා සිදු කරන්නක් බව පැහැදිලි වෙමින් තිබේ.

ජනාධිපති සිරිසේන විසින් හිතමතාම නිර්මාණය කරනු ලැබූ වත්මන් දේශපාලන අර්බුධය විසඳිමේ අවශ්‍යතාවයක් ඔහුට කිසිසේත්ම නොමැත. පාර්ලිමේන්තුව නියමාකරයෙන් රැස් කර මෙම ගැටලුව නිශ්චිත ලෙස විසඳා ගැනිමේ හැකියාව තිබුණද එය කල් දැමිම නැවත විසුරුවා හැරීම ඔහු විසින් සිදු කළ තක්කඩි ක්‍රියාවක් බවත් පැහැදිලිය එමෙන්ම පාර්ලිමේන්තුව අධිකරණ නියෝගයෙන් පසුව ‍රැස් කිරීම කඩාකප්පල් කිරීම ඔහුගේ සැලසුමක් අනුව සිදුවෙමින් පවතින බව පැහැදිලි කාරණාවකි.

පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම සම්මත කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළි නොගෙන සිටිමට ඔහුට කිසිසෙත් නොහැකි නමුත් බලපෙරේතකම නිසා එය නොතකා සිටී.

පසුගිය දින කිහිපයේදී එක්සත් ජාතික පක්ෂය තමන්ට 113 ක බහුතරය සිටින බවට දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් දැනුම් දිමට උත්සහ ගත්තද එය බාර ගැනීමෙන් වැලැකී සිටීමට සිරිසේන කටයුතු කළේය.

මේ අනුව අද සවස රැස් කිරීමට නියමිත සර්වපාක්ෂික සමුළුවද එජාප ආණ්ඩුවක් බිහි වීම වැලැක්වීම සදහා ගන්නා සටකපට උත්සාහයක් බව පැහැදිලිය.

මෙම කුමන්ත්‍රණකාරී සමුළුවට සහභාගි නොවීමට කතානායකවරයා නිවැරදි තීන්දුවක් ගෙන තිබෙන අතර ජනතා විමුක්ති පෙරමුණද එය වර්ජනය කර තිබේ,

නීති විරෝධී ලෙස කටයුතු කරන ත්‍රාඩ මෝඩ ජනාධිපතිවරයකු හා තවත් සාකච්ඡා කිරීමෙන් පළක් නැත.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දැන් කළ යුතු වන්නේ මේ සිරා මරා බලු පූට්‍ටුව පන්නා දැමීමේ කාර්යභාරයයි . එය රටේ බුද්ධිමත් ප්‍රගතිශිලි ජනතාවගේ වගකීමක් වේ. මේවන විටත් රට දැවැන්ත ආර්ථික අර්බුධයකට ගොදුවී අවසන්ය. ඉදිරි මාස කිහිපය ඇතුලත මේ පළ විපාක සමස්ථ ජනතවටම් බුක්ති විඳිමට සිදුවනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us