ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂාව අමරිකාව අත්හරී..!

Published in පුවත්
Sunday, 18 November 2018 20:09

ශ්‍රී ලංකාව නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාවට නැංවීම සිදු නොකළහොත් ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර දැනට පවත්වාගෙන යන හා අනාගතයේදී සිදු කිරීමට නියමිත සියලු ආරක්ෂක ව්‍යාපෘති නවතා දැමීමට හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

අගෝස්තුවේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අමෙරිකානු ඩොලර් මිලියන 39ක මුදලක් ශ්‍රී ලංකාවේ හමුදාවට ලබා දීම වෙනුවෙන් කොංග්‍රස් මණ්ඩල අනුමැතිය සඳහා යොමු කළ බවයි.

මෙම අරමුදල් සම්පාදනය වන්නේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් සමඟ ආරක්ෂක සබඳතා පුළුල් හා ශක්තිමත් කිරීම සඳහා මූලාරම්භයක් ලෙසයි.

මෙම අරමුදල් සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම, ආපදා අවස්ථාවලදී ප්‍රතිචාර ලෙස මානුෂීය ආධාර ලබා දීම, සාමය ආරක්ෂා කිරීමේ හැකියාවන් හා රටවල් අතර අපරාධ හැකියාවන් පාලනය කිරීම වෙනුවෙන් සම්පාදනය කර තිබේ.

පසුගිය අගෝස්තු මාසයේ දී අමෙරිකාව විසින් වෙරළ ආරක්ෂක ගවේෂණ යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දී තිබෙනවා. 115 එම් වෙසෙල් නෞකාව එලෙස ‍ගවේෂණ කටයුතු කෙරෙන ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම නෞකාවක් ලෙස හැඳින්විය හැකියි.

මෙම කාලවකවානුව ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක කාලයක් බවත් අමෙරිකාව ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ සිදුවන සියලු ක්‍රියාකාරකම් දෙස අවධානයෙන් බලා සිටින බවත් එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශක ඩේවිඩ් ජේ මැක්ගයර් (David J McGuire)පවසනවා.

දැනට සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘති හෝ අනාගතයේ සිදු කිරීමට නියමිත ව්‍යාපෘති සහ ප්‍රතිපාදන ලබා දීම් සම්බන්ධයෙන් සළකා බැලීමේදී වර්තමාන දේශපාලන තත්වය විසඳිය හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳව පූර්‍ව නිගමන වලට එළඹීමට අවශ්‍යය නොවන බවත්, එහි අවසන් ප්‍රතිඵලය කුමක් වේදැයි නිශ්චය කිරීමට තවමත් කල් වැඩි බවත් මැක්ගයර් මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

“ ශ්‍රී ලංකාව කියන්නේ ආරක්ෂාව, සමෘද්ධිය හා සෞභාග්‍යය සහ නැවත පදිංචි කිරීම අතින් විශාල ප්‍රගතියක් ලබා සිටින රටක්. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කරමින් ඔවුන්‍ගේ පරමාධිපත්‍ය බලයෙන් පත් වූ නියෝජිතයන්ට නායකත්වය සපයන්නේ කවුරුන් දැයි තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකා ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා සිටිනවා.“

එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශක ඩේවිඩ් ජේ මැක්ගයර් (David J McGuire) තවදුරටත් කියා සිටියා.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක හා යුදමය ක්‍රියාකාරකම් පවත්වන්නේ 2009 වසරේ සිවිල් යුද්ධයේ අවසන් වූ පසුවයි. යුද්ධයෙන් පසු එක්සත් ජනපදය, ජපානය හා ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ සිය යුදමය රාජ්‍යතාන්ත්‍රික සබදතා වැඩි කර තිබුණා.

ඉන්දියාව සමඟ එක්ව ශ්‍රී ලංකාවේ උපායමාර්ගික යටිතල පහසුකම් සම්බන්ධයෙන් සිදු කරන ලද චීන ආයෝජන පිළිබඳව වැඩි අවධානයක් මෙම රටවල් යොමු කර තිබුණා. විශේෂයෙන්ම නාවික ක්ෂේත්‍රයට අදාළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි නාවික යටිතල පහසුකම් ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි.

මේ වන විට ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකාව අකර්මන්‍ය රාජ්‍යයක් බවට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෘජු හමුදා අභ්‍යාස, හමුදා පුහුණු හුවමාරු, සහ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය 2015 වසරේ සිට සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු වී තිබුණා. පසුගිය වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍රීය බලකාය ආරම්භ කිරීමේදී එක්සත් ජනපද නාවික සෙබළුන් විශේෂ කාර්යභාරයක් සිදු කර තිබුණා.

එසේම ගෙවී ගිය මාස දෙක තුළ ශ්‍රී ලංකාවේ පැවති ආරක්ෂක සමුළු සඳහා ඔස්ට්‍රේලියා, ජපාන හා එක්සත් ජනපද ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහභාගී වූ අතර එයින් එක්සත් ජනපදය ප්‍රමුඛ මෙම රටවල් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කෙතරම් සමීප බැඳීමක් පවත්වන්නේද යන්න හොඳින්ම පැහැදිලි වෙනවා.

http://www.sundaytimes.lk/181118/news/so-much-at-stake-us-warns-sri-lanka-320980.html

Last modified on Sunday, 18 November 2018 20:22

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us