එජාපය දෙකඩ කිරීමේ සමාජ ජාලා මෙහෙයුමක්.. ඉතාලියේ සිට ක්‍රියාත්මකයි

Published in පුවත්
Tuesday, 27 November 2018 14:21

මේ වන විට දේශපාලනිකව බංකොලොත් වී සිටින රාජපක්ෂවරු තමන්ට අභියෝගයක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටී. මේ වන විට සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරමින් එජාපයේ කණ්ඩායම් අතර බරපතල අර්බුධයක් ඇති බවට ව්‍යාජ පුවත් බෙදාහැරීමෙහි යෙදී සිටී.

එම මෙහෙයුම තව දුරටත් විධිමත් කිරීම වෙනුවෙන් ඉතාලියේ පදිංචිව සිටින රාජපක්ෂවාදීන් පිරිසකට රුපියල් මිලියන ගනනක කොන්ත්‍රාතුවක් ද පවරා තිබේ.

කුමන්ත්‍රණ මඟින් බලය පැහැර ගැනීමට රාජපක්වෂරු ගත් උත්සාහය. ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට පත් වීම නිසා ඉදිරි මහ මැතිවරණයට පවා මුහුණ දීමේ අර්බුධයක රාජපක්ෂ පාර්ශ්වය ඇද වැටී තිබේ. බලයට ඇති මළ පෙරේතකම නිසා ජනාධිපති සිරිසේන සමඟ කළ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය මේවන විට හෙළිදරව් වීම නිසා රාජපක්ෂට හිතවත්ව සිටි කොටස් පවා ඔහුගෙන් ඇත් වී සිටී.
රටේ අර්බුධ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පිළිතුරක් හෝ තමන්ගේම කියා වැඩ පිළිවෙලක් හෝ නොමැතිව මුළුමනින්ම බලය අත්පත් කරගැනීමට තිබෙන කෑදර හදිස්සිය නිසා මහින්ද රාජපක්ෂ ගොඩනාගෙන තිබුණු දේශපාලන පෞර්ෂය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ. එමෙන්ම ඔහුගේ කණ්ඩායම තමන්ගේ නායකයා කෙළින පිස්සුවට වඩා පිස්සු කෙළිමින් කටයුතු කරන බවත් අද රටේ ජනතාවට පැහැදිලිය. පසුගිය ආණ්ඩුව විවේචනය කරමින් සිටියද එම ආණ්ඩුව ගත් පියවරයන් ඔස්සේම යනවා හැර තමන්ට වෙන විකල්ප නැති බවත් මේ රාජපක්ෂවාදීන් පෙන්වා දි තිබේ. එහෙත් ඡන්ද බලාගෙන ආර්ථික ක්ෂෙත්‍රයේ සිදු කළ බදු අඩු කිරීම, සහන සැලසීම් වැනි ජනප්‍රිය තීන්දු තීරණ තව නොබෝ දිනකින්ම ජනතාව මත වැටෙන විශාල පීඩනයක් බව ජනතාව තේරුම් ගනිමින් තිබේ. එසේම ලබන වසර සඳහා රාජ්‍ය වියදම් දැරීමට නීත්‍යානුකූල අයිතියක් මෙම නීති විරෝධී ආණ්ඩුවට නොහැකි බවත් දැන් පැහැදිලිය. මේ තත්වයන් මත මහින්ද රාජපක්ෂ මෙරටේ සමස්ථ ජනතාවම විශාල අර්බුධයක පටලවා ඇති බව තව දුරටත් සැඟවිය හැකි රහසක් නොවේ.

මේ තත්වයන් හමුවේ එක්සත් ජාතික පක්ෂය අලුත් ජවයකින් මේ කුමන්ත්‍රණකාරී බලය පැහැර ගැනිමට එරෙහිව නැගී සිටිමින් තිබේ. එය සිරිසේනවත් මහින්දවත් බලාපොරොත්තු වූවක් නොවේ. ඔවුන් බලා සිටියේ එජාපය තව දුරටත් අවුලෙන් අවුලට පත් වී එය දෙතුන් කඩකට කැඩී යනු ඇති බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ වෙනදටත් වඩා පෞර්ෂයකින් යුතුව ඉවසිලිවන්තව දැඩි නායකත්ව ගුණයක් ප්‍රදර්ශනය කරමින් තත්වයන් කළමනාකරණ කිරීමට සමත් විය. එසේම මැදිහත් ජනතාව රනිල්ගේ ඉවසීම, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව අගයන්නට පටන් ගෙන තිබේ. එය ජාත්‍යන්තර වශයෙන්ද බරපතල ලෙස ගොඩ නැගෙමින් තිබේ.

මේ තත්වයන් හමුවේ ඉදිරි මහ මැතිවරණයේ දී සිරිසෙනට සහ මහින්දට එජාපයට එරෙහිව යෑම පහසු නොවේ. එජාපයට එරෙහිව දේශපාලනිකව මතවාදීව කටයුතු කිරීම හැකියාවද සිරිසේනට මහින්දට නැත. ඒ දෙදෙනාම උමතුවෙන් නන්දොඩවන්නන් බව ඉතා හොඳින් ඒ දෙදෙනා විසින්ම පෙනවා දී ඇත.
මේ නිසා තමන්ට අභියොගයක් වන එජාපය කෙසේ හො දෙකඩ කර දුර්වල කිරීම හැර වෙන විකල්ප මහින්දට නැත.

මේ අනුව සැලසුම් කර තිබෙන සමාජ ජාලා මෙහෙයුමේදී එජාපයට පක්ෂපාත ලෙස හැසිරෙන සමාජ ජාලා ගිණුම් / පි‍ටු විශාල ප්‍රමාණයක් සකසා ඒ තුලින් එජාපයේ කල්ලි කණ්ඩායම් ඇති බව පෙන්වා ඒ එක් එක් පාර්ශ්ව ඉලක්ක කර ගනිමින් ගැ‍ටුම්කාරී ලෙස පුවත් බෙදා හැරීම මුලික සැලසුමකි. මෙම සතිය අවසානයේ සිට මේ මෙහෙයුම ක්‍රියාත්මකය.

මේ වෙනුවෙන් රුපියල් මිලියන 4 ක මුදලක් මේවන විටත් ඉතාලියේ වෙසෙන ' වසන්ත ' නමින් හැඳින්වෙන පුද්ගලයකු වෙත ලබා දීමද සිදුව තිබේ. එම මුදල් ශ්‍රී ලංකාවේ සිට බැංකු හරහා ලබා දීම සිදුකර ඇත.

මේ මෙහෙයුමේ අනෙක් පියවර වන්නේ එජාපය තුල කල්ලිවාදය පොෂණය කර එම පාර්ශ්වික කණ්ඩායම් ලෙස හැසිරෙමින් යුරෝපය තුල රනිල් විරෝධී උද්ඝෝෂණ සූදානම් කිරීම හා යුරෝපීය දේශපාලන අධිකාරීන් වෙත රනිල් රට අවුල් කරමින් සිටින බව හැඟවීමය. මේ වෙනුවෙන් එළබෙන දෙසැම්බර් 09 වනදා ඉතාලි පාර්ලිමේන්තුව වෙත සංදේශයක් බාර දීමේ කටයුත්තක්ද සුදානම් කෙරෙමින් පවතී.

කුමන්ත්‍රණ මගින් බලය පැහර ගත්තාට පසුව එය පවත්වාගෙන යැමට සිදුවන්නේ ද කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරමින්ය. යළි කිසිදා සිරිසේනට හා මහින්දට මේ අපවාදයන්ගෙන් ගැලවිය හැකි නොවේ..ඔවුන්ට නිවැරදි විය ද නොහැක.

Last modified on Tuesday, 27 November 2018 16:22

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us