රේගුව ඇල්ලු ඩොලර් 53,455 මහින්ද නිදහස් කළ බව මුදල් අමාත්‍යංශ්‍ය පිළිගනී ! Featured

Published in පුවත්
Tuesday, 27 November 2018 12:07

මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඇමරිකානු ඩෝලර් 53,455 ක් මෙරටින් පිට කිරීමට ගොස් රේගු අත් අඩංගුවට ගත් ඩෝලර් 53,455 නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පිළිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වෙබ් අඩවි කිහිපයක් විසින් ප්‍රසිද්ධ කළ විට රාජපක්ෂවාදින් මහින්දගේ නියෝගය දැනුම් දුන් ලේඛනය කූට ලේඛනයක් බවත් සාවද්‍ය ප්‍රවෘත්තියක් බවටත් ගෙන හැර පාමින් මඩ ගහනවා යැයි දෙස් දෙවොල් දෙන්න්ට පටන් ගෙන තිබිණි. එහෙත් දැන් සිද්ධිය ඇත්ත බව නිල වශයෙන්ම පිළිගෙන තිබේ.

අදාල සිදුවීම අනුව, උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයකු තමන්ගෙ වැ‍ටුප ලෙස එම මුදල ඉරානයට රැගෙන යෑමට උත්සහ කර තිබේ. ඒ සම්බන්ධයෙන් රේගුව දැනුම්වත් කිරීමක් සිදුකර නැත. ඇමරිකාව හා ඉරාණය අතර පවතින විරසකය නිසා ඉරාන ජාතිකයන්ට ඩෝලර් ගනුදෙනු කිරීමේ තහංචි පනවා ඇත. එය එක්සත් ජාතීන්ගේද අනුමැතිය සහිතව ක්‍රියාත්මක වන්නක් වන අතර එම සම්බාධක ශ්‍රිලංකාවද පිලිගෙන ක්‍රියාත්මක කළ නීතිමය ප්‍රතිපාදනයකි.

එහෙත් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස එම ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කරමින් සානුකම්පිත හේතු මත යැයි කියමින් මෙම මුදල නිදහස් කිරීමට රේගුවට නියොග කර තිබේ.

ම්දල් අමාතයංශය නිකුත් කළ නිවේදනය අනුව මිට පෙර මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අවධියේද මෙලෙස මුදල් නිදහස් කිරීමක් සිදු කළ බව සඳහන් කර ඇත.

මෙය කොළේ වහලා ගැසීමක් බව පැහැදිලිය. මහින්ද කළ වැරැද්ද වසා ගැනීම වෙනුවෙන ගහපු කෙප්පයකි. මන්ද එවකට වූ සිදු වීම වූයේ එම ඉරාන ජාතිකයා ද තම වැ‍ටුප් මුදල් ලෙස යුරෝ දසදහසකට වැඩි මුදලක් ගෙනයෑමට තැත් කර තිබුණේ ඒ බව මෙරට ආගමන විගමන නීති අනුව රේගුව හරහා නිශ්කාශනය කර නොගැනිමෙනි. ඒ නීතිය නොදන්නාකම නිසාය. පසුව එය නිත්‍යානුකූළ ලෙස කටයුතු කර අදාල බදු මුදල් ගෙවා එම මුදල නිදහස් කරගෙන තිබේ. මෙරටින් යූරෝ පිට කිරීමදි පවත්නා නීතිය, ඩොලර් පිට කිරීමෙදි පවත්නා නීතිමය තත්වයට වඩා ලිහිල්ය. ඉරාන ජාතිකයන්ට යූරෝ ගනුදෙනු කිරීමේ තහංචියක්ද නැත. අද ඉරාණය ඩෝලර් භාවිතයෙන් ඉවත්ව ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන්නෙද යුරෝ මුදල් ඒකකයෙනි.

ක්සේ නමුත් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස සිදු කර ඇත්තේ මෙරට පිලිගත් නීතිය හා ජාත්‍යන්තර එකඟතාවය කඩා බිඳ දමා කටයුතු කිරීමකි.

Last modified on Tuesday, 27 November 2018 12:35

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us