ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් සියලු දෙනා නීතිය හමුවට. මාධ්‍ය ආයතන ‍රැසකුත් කුමන්ත්‍රණයට හවුල්

Published in පුවත්
Monday, 03 December 2018 16:03

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපහරණය කරමින් සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුම පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවයෙක් පැවසීය.

විශේෂයෙන්ම මෙම කුමන්ත්‍රණයට සෘජුවම සහය දුන් මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බවද ඔහු පවසයි.විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍යය ගනනාවක්ම මීට වැරදි කරුවන් විය හැකි බවත් තමන්ගේ නිසි වගකීම නොසලකා හැරි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට එරෙහිවත් නීත්‍යානුකුලව කටයුතු කරන බවද ඔහු අවධාරණය කරයි.

මහින්ද රාජපක්ෂ ඇතුලු එම ඇමැති මණ්ඩලය නීත්‍යනුකූල නොවන බවත් එම තනතුරු නාමයේ ඔවුන් හැඳින්වීම සහ රාජකාරී කටයුතු කිසිවකට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවට කතානායකවරයා කළ දැනුම් දීමද නොසලකා හැර මාධ්‍ය ආයතන ගනනාවක් කටයුතු කළේය.

අද අභියාචනාධිකරණය හොර ඇමැති මණ්ඩලය අත් හි‍ටුවමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැන් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පිලිතුරු බැඳිය යුතුව ඇත. තමන් මෙම තනතුරු දරන්නේ කවර අධිකාරියක් මතද යන ගැන එම පාර්ශ්වය පිළිතුරු බැඳිය යුතුය.

පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියෙන් තොරව ජනාධිපතිවරයා විසින් අන්තනෝමතිකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති බලයක් ආරුඩ කර ගනිමින් මහින්ද රාජපක්ෂ ඈතුලු හොර ඇමැති මණ්ඩලය පත් කරනු ලැබීය. මේ බව දැන් ඔවුන් අධිකරණය හමුවේ පැවසිය යුතුය.

ඒ අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඇති බවද මෙම නඩු තීන්දුවෙන් ඔප්පු වුවහොත් සිරිසේනට රෙද්දක් ඇඳගෙන තව දුරටත් කටයුතු කළ නොහැක. එය පැහැදිලිවම දෝෂභියෝගයකට නිමිත්තකි.

Last modified on Monday, 03 December 2018 16:09

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us