සාධාරණ සමාජයක් උදෙසාවූ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවක් අද(19) පැවැත්වින. එහිදී අදහස් දක්වමින් සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේ පසුගිය අට වෙනිදා තෙක් පොරොන්දු වූ සියල්ල නව ආණ්ඩුව මගින් ඉටුකරවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.ජනාධිපති, අගමැති ආදී වශයෙන් වන ඉහළ තනතුරු වෙනස් වූවද මේ වන තෙක් පහළ මට්ටමේ දූෂිතයින් වෙනසවී නොමැති නිසා පාලනයේ වෙනසත් පොදු ජනතාවට නොදැනෙන බව ඔහු පැවසුවේය.

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තුළ ඉදිවන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තය වන්නේ (E.C.T) නැගෙනහිර පර්යන්තයයි. දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපාරය යටතේ එහි නැගෙනහිර කොටසේ නව පර්යන්තය සංවර්ධනය සදහා අවශ්‍යකරන දොඹකර ගෙන්වීමට අදාළ මිල ගනන් මේ වන විට කැදවා ඇත.

ප්‍රභාකරන්ගෙන් රට බේරාගැනීමට අවුරුදු 02යි මාස 09 ගත වූ බවත්, දකුණේ ත්‍රස්තවාදියාගෙන් රට බේරගැනීමට අවුරුදු 02යි මාස 08 ක් ගත වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙනුවට ඔහු සමඟ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කූටාලීකම් කළ එම ආයතනයේම හිටපු අධ්‍යක්ෂවරයකු වූ යූ. එච්.සී. ප්‍රියන්ජිත් නම් තැනත්තා පත් කර තිබේ. මොහුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස,  අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බැලීමට මේවන විට  සිදු කරමින් ඇති අතර මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න හෙළි නොවේ. 

විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග හමුවිය.

ලංකා සතොස ආයතනය තුළ මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට ආහාර සුරක්ෂිතතා පිලිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කර ඇත.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය ‍‍‍‍ වසන්ත බණ්ඩාරමහතා අද (19දා) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කර ඇත.

මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්‍රතිලාභ රැසක් අත්වන බව අනාවරණය වී අවසන්. අපි අද කතා කරන්නෙ විස්කි ගැන.

 

ld add copy

Connet With Us